
(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස් මල්ලී නැමැත්තාගේ සමීපතමයකුට වෙඩි තබා පලායාමේ දී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ එක් සැකකරුවකු අද(19) වන දා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද පාලනය කරගන්න?