
(නිමල කොඩිතුවක්කු)
දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත දුෂිත තත්ත්වයක් මතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් රජය හොර පාරෙන් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත් මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා මිය යා හැකි බවත් ප්‍රේමදාස මහතා කීවේය.
මෙවැනි සාපරාධි ක්‍රියා සිදු කරමින් මුදල් හම්බකරන බඩගෝස්තරවාදී දේශපාලනය රටින් තුරන් වීමට ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 35 වැනි අදියර යටතේ මාතර රදම්පළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
එවැනි ඩිජිටල්කරණයක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි භාෂාව, පරිගණක හා තොරතුරු තාක්ෂණය හොදින් ඉගෙන ගත් දරු පරපුරක් රටට අවශ්‍ය බවත් එවැනි දරු පරපුරක් ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැනුම කේන්ද්‍රීය ආර්ථිකය බිහි කරන වැදගත්ම සංදිස්ථානය වන ගමේ නගරයේ පාසල් ප්‍රමාණවත් භෞතික හා මානව සම්පත් නොමැති වීම නිසා අකර්මන්‍ය වී ඇති බවත් මේ වන විට 32000ක ගුරු හිඟයක් මෙන් ම උපකරණ හිඟයක් ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආර්ථික කේන්ද්‍රස්ථාන සියල්ලක්ම ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවත් ඒ තුළ හොරකම වංචාව අහෝසි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
COMMENTS
අනේ හොඳ ඔබතුමාගෙන් පටන් අන් සනුහරේම අතුගාලා දාමු
කවදාවත් බැහැ
මෙයා එතකොට බඩගොස්තරවාදි දේශපාලුවෙක් නෙවේද?
ඔය කතා හොඳයි අඩුම ගානේ රටේ ඡන්දයක් තියෙන පාටක්වත් තියෙනවා නම්.
බඩ ගෝස්තරවාදී දේශපාලනය නැති කිරීම ඔබේ පක්ෂයෙන් දැන්ම පටන්ගන්න. ඔබේ ආධාරකරුවන් ලෙස වැඩ කරන ප්‍රාදේශීය සභා කට්ටියගේ වැඩේම අපි දිනුවොත් අරක මේක දෙන්නම් අපිට වැඩ කරන්න කියලා අඩු ආදායම් ලාභී අයව ඡන්ද වැඩට ගන්න දඟලන එක. 2015_2019 වන තුරු බලයේ හිටි කාලයේදී ඇති තරම් සමෘද්ධි ටිකට් දුන්නේ ඔවුන්ට වැඩ කරන්න කියන ගමන්. මේ බොරු නෙවෙයි. උදාහරණ ලෙස අගලවත්ත ආසනය ගන්න. ඔබේ පක්ෂයේ අයයි, පොහොට්ටු අයයි අතරේ වෙනසක් නෑ. කන්න ගියාම දෙගොල්ලන්ම කනවා. ඉස්සෙල්ලා තමන්ගේ ගෙදර අඩු පාඩු හදාගෙන ඊට පස්සේ රටේ අනික් අයව හදන්න.
ඔයාලගේ කඳවුරෙත් ඔය බඩගෝස්තරවාදී හිටපු සෞක්‍ය ඇමතියෙක් ඉන්නවා නේද. ඔය කළුතර පැත්තෙ.
ඔයා විහිලු කරනවද?
කවදද?
හරි එක්කෙනා කියන්නේ... සැරින් සැරේ ආණ්ඩුවල ඉඳන් මොනවද කළේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ මෙයා ගැන...!
බඩගෝස්තරවාදිකම... ඒක කියනකොට පට්ට.
බලය ලැබුණාට පස්සේ හැමෝම එකයි.
කවුරු ආවත් හැදෙන එක තමයි කරන්නේ... ලංකාවට කවදාවත් වෙන්නේ නැහැ...
ඉස්සරලාම අම්මාට කියන්න මහජන මුදලින් කන එක නවත්තන්න කියලා... උන්දැට කන්න දිලා ඉන්න පම්පෝරි නොගහ...
හේමා ප්‍රේමදාස ආර්යාවට ව්‍යවස්ථානුකූලව දී තිබෙන අයිතියට කාටවත් අභියෝග කරන්න බැහැ...