(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිරසය අසාදනය වු රෝගියෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු නිසා රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් තිදෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර රෝහල අද (01) දින සිට තාවකාලිකව වසා දැමු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
ඊයේ 31 දියවැඩියා රෝගය ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගියෙකුගේ රෝග තත්ත්වය උත්සන්න විම නිසා රෝගියා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවිමෙන් පසු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය අනුව එම රෝගියාට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
එම අසාදිතයාගේ ලේලිය හැටන් බොස්කෝ විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් සේවය කරන බවත්,ඇයට ප්‍රථමයෙන් කොවිඩ් 19 වයිරසය අසාදනය විමෙන් පසුව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥයවරයෙකු වශයෙන් සේවය කරන ඇයගේ සැමියාටද කොවිඩ් 19 වයිරසය අසාදනය වි තිබුණි.
දැනට බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට කිසිදු රෝගියෙකු ඇතුළත් කර නොගන්නා බවත්, බාහිර රෝගි අංශයද වසා දමා තිබේ.
දැනට අසාදිතයා රැදි සිටි වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගින්ව පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර එම වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය වෛද්‍යය ඒ.එස්.කේ ජයසුරිය මහතා කියා සිටියේය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරිවරයාගේ උපදෙස් අනුව රෝහල යලි විවෘත කිරිමට කටයුතු කරන බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ඒ.එස්.කේ ජයසුරිය මහතා කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බගවන්තලාව ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වහයි