IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බංගලි බෞද්ධයන් රකිනු : බංගලි හිමිවරු කොළඹ උද්ඝෝෂණයේ

බංගලිදේශයේ බෞද්ධයන්ට හා බෞද්ධ භික්ෂූන්ට සිදුවන අන්තවාදී බලපෑම්වලට එරෙහිව චිතගොං කඳුකර මහා සංඝරත්නයේ අත්සනින් යුත් පෙත්සමක් අද(18) කොළඹ බංග්ලිදේශ තානාපති කාර්යාලයට බාර දීම සිදුවිය. බංග්ලිදේශ භික්ෂූන්වහන්සේලා 40 නමක් බෞද්ධාලෝක මාවතේ සිට තානාපති කාර්යාලයට පාගමනින් වැඩම කළහ.

බෞද්ධයන් බහුතරයක් වෙසෙන බංග්ලිදේශයේ චිතගොං කඳුකරයේ රංගමති හා කග්ගච්චරී දිස්ත්‍රික්කයන්හි පසුගිය 15 හා 16 දිනවල සංවිධානාත්මක මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් විසින් ගම්මාන 3 ක් ගිනි තබා නිවාස 50කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇතැයිද අවුරුදු 14 ක දැරියක කෙලෙසා මරා දමා ඇතැයිද ඒ හිමිවරුන් තානාපති කාර්යාලයට බාර දුන් සංදේශයේ දැක්වේ.

මැර කණ්ඩායම් පසුපස ඇතැම් රාජ්‍ය  නිලධාරීන් හා බංග්ලාදේශ හමුදාවේ පිරිස්ද සිටින බවත් එරට බෞද්ධයනට  ඔවුන්ගෙන් රැකවරණ නොලැබෙන බවත් බංගලිදේශ හිමිවරු කියති.

20141218_144357 20141218_145432 20141218_145450 C360_2014-12-18-15-05-48-097 C360_2014-12-18-15-06-14-336 C360_2014-12-18-15-06-54-139



අදහස් (0)

බංගලි බෞද්ධයන් රකිනු : බංගලි හිමිවරු කොළඹ උද්ඝෝෂණයේ

සහන් Thursday, 18 December 2014 12:24 PM

බංගලිදේශයේ ප්‍රශ්න විසදන්න පෙර අපේ රටේ හොරකම දූෂණය නැතිකරන්න පෙරමුණගන්න (නදී)

:       0       0

දමිත් Friday, 19 December 2014 07:22 AM

සුනේත්‍රා, ඔයාගේ දැනුම ගැන දුකයි. (නි)

:       0       0

සහන් Thursday, 18 December 2014 12:26 PM

මේවා එක එක සංවිධාන හදාගෙන ඉන්න අය සම්බන්දවෙලා කරන වැඩ, මේ වෙලාවේ රට තුල අවදානය වෙන පැතිවලට යොමුකරවන්න (නදී)

:       0       0

අසන්ත Friday, 19 December 2014 02:37 AM

මොන කරන්නද? කොහේ කොතනක වුණත් අසාධාරනය වෙලා තියෙන්නෙ බෞද්ධයන්ට.පිළිකුල් ලෙස හෙළා දකිනවා. (නි)

:       0       0

රොෂාන් Thursday, 18 December 2014 12:41 PM

ලංකාවටත් මේක වෙන්න කලින් දැන්ම ආරක්ෂා වෙමු. (නදී)

:       0       0

ලීල් සිරිවර්ධන Thursday, 18 December 2014 01:02 PM

මේවා හොද පාඩම් අපිට. කොන්ද පන තියන පාලකයෝ නැති උනහම රටකට වෙන ටික තමයි මේ (නදී)

:       0       0

ඇසළ Thursday, 18 December 2014 01:43 PM

නැගෙනහිර දැම්මම හැදුවේ නැත්නම් වෙන්නේ බංගලිදේශේ අනිත් පැත්ත. කොටින්ව නැති කරන්න වියදම් කරපුවට වැඩියේ වියදම් කරන්න වෙයි. (නදී)

:       0       0

සුජිත් Thursday, 18 December 2014 01:55 PM

ලීල් මහත්තයෝ, මෙතන ප්‍රශ්නය තියෙන්නේ පාලකයාගේ කොන්ද පන නැති කම නෙවෙයි. පාලකයාට සුළු ජාතීන් ආරක්ෂා කරන්න උවමනාවක් නැතිකම. (නදී)

:       0       0

ප්‍රියපාල Friday, 19 December 2014 03:15 AM

සමන්ති, ඔයාලා හිතාගෙන ඉන්න හැටි වැරදියි (නි)

:       0       0

නුවන් Thursday, 18 December 2014 02:10 PM

අපිත් කල්පනාවෙන් ඉන්න එක තමයි කෝකටත් හොඳ (නි)

:       0       0

සාමා Thursday, 18 December 2014 02:23 PM

සුජිත් සිංහල ජාතිය,බුද්ධාගම ආරක්ෂා කරනවට වඩා වෙළදාමේ සහ ආක්‍රමණිකයන් ලෙස ලංකාවට ආපු අයව හුරතල් කරන්න වෙලාව තියෙනවා (නදී)

:       0       0

ප්‍රණීත් සංජය Friday, 19 December 2014 03:44 AM

කොන්ද පණ ඇති රුහුණේ නායකයෙක් අපිට ඉන්නවා.ඉදිරියටත් එහෙමමයි, එම නිසා බයවෙන්නට කාරණයක් නැහැ. එහෙම නොවුණොත් අපේ රටටත් මේ දේ වෙන්න පුලුවන්. බුදු සරණයි, දෙවි පිහිටයි මේ පින් බිමට... (නි)

:       0       0

ඇසිලින් Thursday, 18 December 2014 03:13 PM

මේ හාමුදුරුවරු කියන්නේ පස් පව් නොකරන සමාජයක මානව හිමිකමක් ගැන. සමහරු බොරුවට කලබල වෙලා (නි)

:       0       0

දමිත් Friday, 19 December 2014 04:42 AM

සහන්, බලයට අාවහම සේරම අමතක වෙනවා. ඔයා වගේ අය තමයි නාස්තිය, දුෂණය ඉතිරිකිරීම තුලින් සැපවිදින සිහිනය දකින්නේ. කවුරු බලයට ආවත් විපක්ෂය ඔය සිහිනයේ බාලයෝ ගිල්වනවා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 December 2014 05:00 AM

මෙතනට ලියන සමහරුන්ටනම් ලෝකය ගැන ලෝකයේ සිද්ධ වෙන දේවල් ගැන කිසිම අවබෝධයක් නැහැ . මේ බංගලි හාමුදුරුවරු මෙහෙට වෙලා ඉන්නේ ජිවිතේ බේරගන්න ඕන නිසා . දලයි ලාම තුමා ටිබටයෙන් පිට ඉඳගෙන රට වෙනුවෙන් කරන කාරියම තමා මේ හාමුදුරුවරු කරන්නෙත් , ලෝකය පුරා මුස්ලිම් අන්තවාදීන් කරන කුරිරු ගාතන ලෝකයේ දස දෙසින් දිනපතාම ඇසෙනවා , වැඩි ඈතක නොගොසින් අපිටත් මේ පරිප්පුව කන්න වෙනවා , වසර දෙදහස්පන්සිය ගණක ඉතිහාසය පුරාවටම මේ රටේ යුග පුරුෂයෝ බිහිවෙනවා එ් නිසා මේ උතුම් ධර්මද්විපය විනාස කරන එකනම් ලේසි වෙන්නේ නැහැ පුතෝ, (අ)

:       0       0

රසිකා Thursday, 18 December 2014 05:13 PM

රත්වෙනතුරු දිය සැළියේ.... කකුළුවෙකුත් දිය කෙළියේ..... (නි)

:       0       0

අජිත් Thursday, 18 December 2014 06:35 PM

බංගලි බොදුනුවන් ලංකාවට ගෙන්වා ගනිමු (නි)

:       0       0

ප්‍රියපාල Friday, 19 December 2014 10:27 AM

කවදාහරි අපිටත් මේ ටික තේරෙයි. හැබැයි එතකොට ප්‍රමාද වැඩිවෙයි (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Thursday, 18 December 2014 06:58 PM

ලීල්, මේවා හොඳ පාඩම් තමයි. කොන්ද වගේම කටත් පණ ඇති හොඳ නායකයෙක් ලංකාවේ නම් ඉන්නවා. ඒකත් නැති කරන්න තමා කට්ටියම සූදානම් වෙන්නේ.වැරදිලාවත් එහෙම වුණොත් එදා මැලේසියාව,අද බංගලිදේශය,හෙට? ශ්‍රී ලංකාව කියලා හිතාගත්තාට කමක් නැහැ (නි)

:       0       0

අනුරාධි Thursday, 18 December 2014 08:28 PM

බොදු බල සේනා කෝ? (නි)

:       0       0

මහින්ද ඩබ්ලිව් Thursday, 18 December 2014 09:36 PM

සහන් බංගලිදේශයේත් මෙහෙම දේවල් වෙනවා. ඔබ දන්නේ නැහැ (නදී)

:       0       0

සුනේත්‍රා Thursday, 18 December 2014 10:16 PM

ඉස්ලාම් ධර්මය මෙතෙක් ලෝකය පුරා පතුරුවේ ඉතාම සාමකාමී ලෙස බවයි අපි අසා තිබෙන්නේ. ඉතින් හරිම පුදුමයි මෙහෙම දේවල් සිදුවෙනවා කියලා. (නි)

:       0       0

සමන්ති Friday, 19 December 2014 12:37 AM

ඇයි ඉතින් මේක බංගලිදේශයේ දී බාරනොදුන්නේ? මේ පෙළපාලිය එන බව පොලිසිය දන්නවාද? අපේ රටේ පිහිටි තානාපති කාර්යාල වලට ආරක්ෂාවක් නැද්ද? (නි)

:       0       0

නිලුපුල් Friday, 19 December 2014 01:11 AM

ඔන්න අපේ බොදු බල සංවිධානයට කරනවා නම් වැඩක් (නි)

:       0       0

පාල Friday, 19 December 2014 01:20 AM

මේ උද්ඝෝෂණයේදී කවුරුවත් කලකෝලාහල කරන්න ගියේ නැහැ. බොහොම සාමකාමී ලෙසයි සිදුකළේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 776 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site