IMG-LOGO

බෙංගාල බොක්කේ අවපාතයක්

බෙංගාල බොක්කේ ඇති පීඩන අවපාතයේ බලපෑමෙන් තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, උතුරු, උතුරුමැද හා වයඹ පළාත් වල තද සුළං සමඟ ඉතා තද වැසි ද දිවයිනේ අනෙක් ප්‍රදේශවල තැන තැන තද වැසිද බලාපොරොත්තුවේ. මෙම පීඩන අවපාතය අද අළුයම 2.00 පමණ වනවිට මුලතිව් වෙරළට නැගෙනහිර දෙසින් කිලෝ මීටර 250 ක් පමණ ඈතින් කේන්ද්‍රගතව තිබූ බවත් එය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් එම ස්ථානයේ සිට බටහිර දිශාවට ගමන් කරනු ඇතැයි ද අපේක්ෂිතය. මන්නාරම සිට යාපනය සහ ත්‍රිකුනාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ තද සුළං සහිත රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර හා නාවුක කටයුතු වලදී වඩාත් පරෙස්සම් වන ලෙස ද දැනුම් දී තිබේ. මඩකලපුවට ද සැඩ සුළං හමායයි මුහුද ද බෙහෙවින් රළු ස්වභායක් ගෙන ඇත.  ඡායාරුපය - කාංචන කුමාර අරියදාස  ඡායාරුපය - කාංචන කුමාර අරියදාස



අදහස් (0)

බෙංගාල බොක්කේ අවපාතයක්

චන්ද්‍රසිරි Monday, 29 October 2012 03:59 PM

මටත් කියන්න පුලුවන් මේ දවස් වල වහිනවා කියලා. (නි)

:       0       0

පියල් Monday, 29 October 2012 10:25 AM

හැමදේම සිදුවන්නේ බෙංගාල බොක්කෙ නිසා අපිට ඒ තැන වෙනස් කරන්න බැරිද? (නි)

:       0       0

ශාන්ත Monday, 29 October 2012 10:27 AM

පහුගිය සතියේ මාලු ගොඩට ආවේ ධීවරයින් ගැන හිතලා. මේ සතියේ ගොඩට ආවා විකුණලා ජීවත් වෙන්නම. (නි)

:       0       0

රම්‍යා Monday, 29 October 2012 10:30 AM

වැස්ස නැහැ කියලා කම්පා වුණා. දැන් ඔය ලැබෙන්නේ රම්පෙට පොරි ‍පොකුරු පොකුරු. (නි)

:       0       0

චාමර Monday, 29 October 2012 11:56 AM

බෙංගාල බොක්කේ පරිප්පු ඇටයක් හිරවුණත් දුක අපිටමයි. (නි)

:       0       0

සුභාෂිණි Monday, 29 October 2012 12:24 PM

ගොඩවුණු වැව් අමුණූ යළී සකස් කළා නම් බොක්කේ සියලු ප්‍රශ්න අහවරයිනේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 29 October 2012 12:47 PM

ඕක ඉතිං පොඩි වැස්සක් ආවත් හැමදාම කියන එකම සිංදුවනේ. (නි)

:       0       0

සරත් Monday, 29 October 2012 12:48 PM

පියල්, අපි ඉපදුණු රට අපිට හොදයි. (නි)

:       0       0

වෝල්ටර් Monday, 29 October 2012 02:09 PM

මේක සුළි සුළගක් වෙලා ත්‍රිකුණාමලය සහ මඩකලපුව අතරින් ලංකාවට කඩා වදීද? (නි)

:       0       0

මංජුල Monday, 29 October 2012 02:51 PM

මාලු ගොඩට ආවේ මෙවැනි විපත්තියක් අපිට කලින් දැනුම් දෙන්නයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 368 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 530 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site