IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බංග්ලාදේශ මැතිවරණයෙන් සීක් හසීනාට ජය

විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය. අගමැතිනී සීක් හසීනාට ජය හිමිවූයේ පිටපිට සිවුවැනි වරටය.

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ. ඊයේ (7) පැවැත්වුණු මහ මැතිවරණයට, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඔවුන්ගෙන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම පවසා තිබුණි.

ඊයේ (7) පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ආසන 152 කට වඩා දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ ඊට හිතවත් දේශපාලන පක්ෂ සමත් වී සිටියේය. ඒ අනුව, 2009 වසරේ සිට බලයේ සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි.ෙ

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණය වර්ජනය කළේ සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමිනි.

මැතිවරණයට පෙර, මාස ගණණාවක් තිස්සේ, බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි. ඒ, සීක් හසීනා ධුරයෙන් ඉවත් වී, රජය විසුරුවා, භාරකාර රජයකට බලය පවරා දී, එම භාරකාර රජය යටතේ මහ මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමිනි. කෙසේ නමුත් සීක් හසීනා ඊට අකමැති වූවාය. විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු 10,000 කට වැඩි විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණි.

බංග්ලාදේශ දේශපාලනයේ ප්‍රබල කාන්තාවෝ දෙදෙනෙකි. සීක් හසීනා සහ කලීඩා ෂියා යනු ඔවුන් දෙදෙනාය. 1991 සිට 1996 දක්වාත්, 2001 සිට 2006 දක්වාත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ කලීඩා ෂියා ය. ඇය බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරියයි. සීක් හසීනා, බංග්ලාදේශයේ නිර්මාතෘ මෙන්ම, එරට පළමු ජනාධිපතිවරයා ද වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි.

විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළේ කලීඩා ෂියාය. 2018 පෙබරවාරි 8 වැනිදා දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන්, කලීඩා ෂියාට වසර 5 ක සිර දඩුවම් නියම විය. පසුව එය වසර 10 ක් දක්වා දීර්ඝ කෙරුණි. මේ වනවිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන කලීඩා ෂියා නිවාස අඩස්සියේ පසුවෙයි.

කලීඩා ෂියාගේ අනුප්‍රාප්තිකයා ලෙස පක්ෂයේ නායකත්වය බාර ගත් ඇගේ පුතා ටරීක් රෙහ්මාන්ට අපරාධ චෝදනා එල්ල විය. ඔහු අද ජීවත් වන්නේ බංග්ලාදේශයෙන් පිටුවහල් වී ලන්ඩන් නුවරය.ෙ

ඊයේ (7) මැතිවරණ කටයුතු ආරම්භ වීමටත් පෙර සිටම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කළ කලහකාරී පිරිස් මගී දුම්රියකට පහර දී ඊට ගිනි තැබූහ. එයින් දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පාසල් සහ බෞද්ධ පන්සල්වල පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන කීපයකට කලහකාරී පිරිස් කඩා වැදී පහර දුන් බව ද වාර්තා විය. පොලිසියේත්, හමුදාවේත්, ලක්ෂ අටක පිරිසක්, මැතිවරණයේ ආරක්ෂාවට යොදවා තිබුණි.

(ඒ.එෆ්.පී.)



අදහස් (8)

බංග්ලාදේශ මැතිවරණයෙන් සීක් හසීනාට ජය

ලුම්බිණි Monday, 08 January 2024 07:25 AM

අපේ රටටත් වඩා දුෂිත දේශපාලනයක් තියෙන රටක්.

:       2       9

LallaMonday, 08 January 2024 01:01 PM

ඒත් අපේ රට වගේ නොව අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට ඒ නායකයෝ කටයුතු කළා. අනික ජාතික ධනය කොල්ලකෑම කළේ නෑ. විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන හතලිහකට වැඩියි. කවුද එතකොට හොඳ? අපේ ජාත්‍යාලය පිරුණු නායකයෝද?

:       0       6

samanMonday, 08 January 2024 02:09 PM

මෙයාට ඒක නැද්ද?

:       0       2

samanMonday, 08 January 2024 02:08 PM

මෙයා හොඳයි.. ඒකනේ බංග්ලාදේශය වේගයෙන් දියුණු වෙන්නේ...

:       0       4

Hafeel Monday, 08 January 2024 05:44 PM

දූෂිතයෝ දූශිතයින්ට උදව් කරනවා. ඒ නිසා නේ එදා මහින්දට ණයත් දුන්නේ...!

:       1       0

DSD Monday, 08 January 2024 07:45 PM

එක් කාන්තා සංදර්ශනයක්

:       0       0

සාජන් Monday, 08 January 2024 08:52 PM

මුලදී දිගටම පැවසුවේ සීක් හසිනා පරදින බවයි. මාධ්‍ය , විපක්ෂයේ පක්ෂ දිගින් දිගටම ඒ බව කියා සිටියා. විපක්ෂයේ රැස්වීම් වලට දහස් ගණනින් රැස් උනා. දූෂණ චෝදනා එල්ල උනා.නමුත් ජය ගත්තේ ඇයයි . මෙය ලංකාවටත් බල පාවිද?

:       0       0

සාජන් Monday, 08 January 2024 09:31 PM

සික් හසිනා පරදිනවා කියා දිගෙන්දිගටම හඬ නැගු මාද්‍යය ඇතුළු සියළුම දේශීය, විදේශීය ප්‍රචාරයන් පරද වමින් ඇය නැවත බලයට පැමිණී ඇත.ලංකාවෙත් මෙවැනි දෙයක් සිදුවීමට ඉඩ ඇත.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site