(සුජිත් හේවාජුලිගේ)
එළඹෙන අවුරුදු සමයේදී මහා පරිමාණ සැණකෙළි හා සංගීත ප්‍රසංග යනාදිය පැවැත්වීමට සම්පූර්ණයෙන්ම තහනම් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ද ඔහු කියයි.
ගම්වල සංවිධානය කෙරෙන කුඩා කුඩා අවුරුදු උත්සවවලට පමණක් අවසර ලබාදෙන බව කී විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය අංශ ලබාදෙන සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව ඒ උත්සව සංවිධාන කළ යුතු බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd