IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පී.සී.ආර්. පරීක්ෂණවලින් මන්ත්‍රීවරු කට්ටි පනිති

(ජමීලා හුසේන්)

කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන්න‘යි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කරයි. පාර්ලිමේන්තුවේ මෙතෙක්  සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමණ බවද වාර්තා වේ.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 4 දෙනකු හඳුනාගැනීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ පීසීආර් පරික්ෂණ සිදුකිරිමට තීරණය කරන ලදි. එහෙත් නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි අද (26) වන විට පාර්ලිමේන්තු පොකුරෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම කරුණ හේතුවෙන් කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ කරගනිමින් වයිරසය පැතිර යාම හැකි තරම් පාලනය කරගන්නා ලෙසයි. එහෙත් නියමිත ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ඉතා පහළ මට්ටමක පවතින බවයි.

වයිරසය අසාදනය වූ මන්ත්‍රීවරුන් සමගින් ආශ්‍රය කළ සෙසු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තමන්ටත් වයිරසය අසාදනය වී ඇතැයි දැනටමත් බියවී සිටින බවද වාර්තා වේ.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ නීතිරිතී වලට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් අත්‍යවශ්‍ය කැබිනට් පත්‍රිකා පමණක් ඉදිරිපත් කිරීමට
කතානායකවරයා තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ. වයිරසයේ පැතිරීම පාලනය කරගන්නා තුරු අනෙකුත් අත්‍යවශ්‍ය නොවන කටයුතු සියල්ලම සීමා කර ඇත.

කතානායකවරයාද මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට යාම සීමා කර ඇති අතර පොදු කටයුතුවලට සහභාගී නොවන මෙන් අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත. කොරෝන වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්වන්නේ සතියට දින දෙකක් පමණි.

ඊයේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබිණ. එහෙත් දයාසිරි ජයසේකර සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරු මේ වන විට පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටත්ව ගොස් සිටිති.

කොරෝනා වයිරසය අසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු

දයාසිරි ජයසේකර මහතා

වාසුදේව නානායක්කාර මහතා 

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය‍

පියල් නිශාන්ත මහතා

රවුෆ් හකීම් මහතා

වසන්ත යාපා බණ්ඩාර මහතා

 



අදහස් (12)

පී.සී.ආර්. පරීක්ෂණවලින් මන්ත්‍රීවරු කට්ටි පනිති

Raveendra Tuesday, 26 January 2021 12:01 PM

හේතුව ඉතාමත්ම සරලයි. මේ තඩියන් හිතාගෙන සිටින්නේ මේ පරීක්ෂා කරන්නේ හෙරොයින් හෝ වෙනත් කුඩු පානය කර ඇත්ද බැලීමට බව නොවේද? එබැවින් ඒ ඒ අය මෙම පරීක්ෂණය මගහැරීම සිදුවිය හැකියි...

:       0       33

chandima Tuesday, 26 January 2021 12:08 PM

අම්බරුවෝ ඔහොම තමයි.

:       0       32

RaveendraWednesday, 27 January 2021 04:10 AM

නිකමට හරි නිවේදනය කරා නම් කචල් ෆැන්ටා නොහොත් ගිනිවතුර නොහොත් කසිප්පු නොමිලේ බෙදනවා කියලා අම්බරුවන් 225ම දවස පුරාම පෝලිමේ ඉඳීවි...

:       0       2

සඳුන් Tuesday, 26 January 2021 12:35 PM

අටලුගම ජනතාවට එක නීතියක්... මේ අයට වෙන නීතියක්... නීති හදන්නන්, නීති කඩන්නන් බවට පත්වූ රටක නීති දෙකක්ද ජනපතිතුමනි...?

:       2       31

Kamal KoyralaWednesday, 27 January 2021 06:51 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොකද කියන්නේ කියලා අහන්න..?

:       0       1

fairoos Tuesday, 26 January 2021 12:45 PM

එක රටක්... නීති දෙකක්.

:       2       26

Prasad Tuesday, 26 January 2021 01:16 PM

බයවෙන්න එපා... මේක මීටරයක් ළඟින් හිටියත් හැදෙන එකක්. ඔයාලා බයවෙන්න එපා..

:       0       17

Prabha Tuesday, 26 January 2021 03:27 PM

ඔන්න කුර රෝගයක් පැතිරෙනවා කිව්වොත් ගෙන්නගත හැකිවෙයි.

:       0       21

Demuni Uduwara Tuesday, 26 January 2021 03:59 PM

ඔවුන් ජනාධිපතිව අනුගමනය කරනවා වගේ...

:       3       12

Asoka Tuesday, 26 January 2021 08:49 PM

මේ වගේ අයද පාර්ලිමේන්තුවේ ඉන්නේ...!!! සාමාන්‍ය ජනතාව හැංගෙන එක අහන්න දෙයක්ද? මේ ගොල්ලන්ගෙන් මොනවද ජනතාවට බලාපොරොත්තු වෙන්න පුළුවන්..?

:       0       0

wicky Wednesday, 27 January 2021 06:05 AM

බොහෝම සරලයි. පීසීආර් නැතිනම් පාර්ලිමේන්තුවට ඇතුල්වීම තහනම් කරන්න. කතානායකතුමාට පුළුවන්නේ මේක කරන්න... එතුමානේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා.

:       0       1

amila Wednesday, 27 January 2021 06:08 AM

අර උදේ ඉඳන් රෑ වෙනකම් ටීවී එකේ කතා කරන ‘‘පොලිස් නිලධාරියා‘‘ කියනවා නේද කෝවිඩ් වළකන නීති උල්ලංඝනය කරන අයට විරුද්ධව දැඩි නීති කියලා... මෙයාලට ඒවා නැද්ද දන්නේ නැහැ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31528 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13870 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site