IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පී.සී.ආර් පරීක්ෂණය සිදුකළ නාවික සෙබළුන් පිරිසකට කොරෝනා නෑ

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක  ද සිල්වා)

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන ගාල්ලේ පදිංචි නාවික සෙබළුන් 8 දෙනෙකුගේ සහ එයින් එක් සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු සම්බන්ධයෙන් ඊයේ (25) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසීය.

මෙයින් තිදෙනෙක් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචිකරුවන් වන අතර සෙසු පිරිස වෙනත් ප්‍රදේශවල අයවෙති. මොවුන් සියළුම දෙනා සිය කැමැත්තෙන්ම මෙම පරීක්ෂණය සඳහා ඉදිරිපත්වී තිබේ.

මෙම සෙබළුන් පිරිසත්  සමඟ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු නිවාඩු ලබාගෙන සිය නිවෙස් වලට පැමිණ ස්වයං නිරෝධානයට ලක්ව සිටින ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි සෙබළුන්  පිරිසෙන් මේ වනවිට 16 දෙදෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක්කර ඇති අතර ඔවුන් කිසිවෙකුත් නව කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වී තිබේ.

 

 



අදහස් (3)

පී.සී.ආර් පරීක්ෂණය සිදුකළ නාවික සෙබළුන් පිරිසකට කොරෝනා නෑ

ජයතිස්ස Sunday, 26 April 2020 07:04 AM

ස්වේච්ඡාවෙන් පීසීආර් පරීක්ෂණයට ඉදිරිපත්වීම බොහෝ අගය කළ යුතු ක්‍රියාවකි. ඔබ සියලු දෙනාටම නිරෝගී සුවය සදා හිමිවේවා !

:       0       22

පිටිගල මිලානෝ Sunday, 26 April 2020 07:28 AM

නැති අය ගැන නෙවෙයි කොරෝනා තියෙන අය ගැන හරි විස්තර කියන්න. මේ නිලධාරින් ප්‍රථම පෙළේ වෛද්‍ය නිලධාරිනුත් නොවන එකේ රෝගය ආසාදනය නොවී ඉන්න වත් දැනුමක් නැති අයව ඉදිරි පෙළ වැඩවලට යැව්වේ ඇයි? මේ තාක් ලංකාවේ සෞඛ්‍ය ව්‍යසන වලට මුහුණ දුන්නේ හමුදාවද සෞඛ්‍ය නිලධාරින්ද? මේක හරියට වඳුරෝ රේස් දුවන්න දාලා අශ්වයෝ ගස් නැග්ගුවා වාගේ වැඩක්.

:       0       0

de silva Sunday, 26 April 2020 08:13 AM

දැන් වෙන්න ඕනේ දේ වෙලා ඉවරය, ආරක්ෂක පියවර අනුගමනය කලානම් මේවා මද පමණින් හෝ වලක්වා ගන්න තිබුනා, ඉදිරියට හමුදා සාමාජිකයන් පුළුවන් තරම් සෞඛ්‍ය උපදෙස් සහ රටේ නීති පිළිපදින්න පුරුදු වෙන්න. ත්‍රිවිද හමුදා රියදුරන්ගේ අධි වේගයෙන් නොසැලකිලිමත් රිය පැදවීම නිසා වසරකට ජිවිත සහ දේපල විශාල සංඛ්‍යාවක් විනාශ වෙනවා.

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31630 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14054 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site