IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක පැරීසියේ ප‍්‍රණාමයට

2016-06-03-ent-206

 

ඌ මට ගැහැව්වා, මට ඌ ගැහැව්වා’ අන්තිමට ගුටි කාලා තියෙන්නේ මම පමණයි.

 

ඉහත වැකිය 80 දශකයේ දී ගුවන් විදුලියේ, රූපවාහිනියේ හා ප‍්‍රසංග වේදිකාවේ දී ඇසීමට හා දැකීමට ලණස් බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොඞ්රිගු එකතුව එකල වේදිකාගත වූ විනෝද සමය විකට වැඩසටහන මතකයට ගෙන එන කථා පුවතකි.

දිනක් විනෝද සමය වැඩසටහන අවසන් කොට රාත‍්‍රියේ තම නිවෙස බලා යෑමට රාත‍්‍රී 01ට පමණ අඟුලාන සිට කිරිබත්ගොඩ බලා යන ලංගම බසයකට බර්ටි ගුණතිලක නම් ශිල්පියා ගොඩ වූයේය. ඔහු අසල වාඩි ගෙන සිටි පදමට වෙරිවූ ගණන්කාරයෝ දෙදෙනකුගේ දෙබස් ඔහුට ද ඇසෙන්නේය. එම දෙබස් ඉහත සඳහන් එක් අයෙක් ගුටිකෑ කථා පුවතකි. ඒ කියන්නේ මිනිහට ගහන්න ලැබිලා නැහැ. ගුටි කාලා විතරයි. එය ධාරණය කර ගත් බර්ටි ගුණතිලක විසින් පසුවදාම තමන් තනියම ගුටිකන විනෝද සමය වැඩසටහන නිර්මාණය කළේය.

මහනුවර උපන් බර්ටි ගුණතිලක නම් මෙම රංගන ශිල්පියා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උපගුරුවරයකු ලෙස සේවය ආරම්භ කළේය. ඉන්පසු සිංහල බෞද්ධයා පත‍්‍රයේ සෝදුපත් කියවන්නෙකු හා 1953 ජනතා පුවත්පත් බෙදා හැරීම් අංශයේ සේවය කර තිබේ. 1954 වර්ෂයේ දී එච්.ඞී. විජයදාස මහතා විසින් ගුවන් විදුලියේ ආරම්භ කළ විහිළු තහළු වැඩසටහනට ඇනස්ලි, සැමුවෙල් සමග ඔහු මුලින්ම දායක වූ අතර පසුකාලීනව වරින් වර ගැමුණු විජේසූරිය, ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ෆ‍්‍රඞ් පෙරේරා ද පසු කලක දී මර්සි එදිරිසිංහ සමග ද එකතු වූයේය.

1983 රූපවාහිනිය ආරම්භ වීමත් සමග එහි ආරම්භක විකට නළුවන් ලෙස එකල බොහෝ රසියකයන් අතර ජනප‍්‍රිය ‘නන්දන වින්දන’ විකට වැඩසටහන ඉහත තුන් කට්ටුවේ සහභාගිත්වයෙන් පැවැත්විය.

පැරීසියේ කලාකරුවන් සුරැුකීමේ එකමුතුව විසින් පැවැත්වූ ප‍්‍රථම පියවර ලෙස ඉන්ද්‍රානි පෙරේරා, අනිල් භාරතී, උපාලි කන්නන්ගර සහභාගි වූ ප‍්‍රණාම සංගීත ප‍්‍රසංගය තුළින් බලාපොරොත්තු වූ ඉහළම ප‍්‍රණාමය වශයෙන් දැනට ජීවතුන් අතර සිටින විකට චරිත මැවූ එකම ප‍්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා වෙත රුපියල් පනස්දාහක (50,000* මුදල් පරිත්‍යාගයක් පසුගියදා රත්නපුර ගොඩකවෙල ඔහුගේ නිවසේ දී ප‍්‍රණාම ප‍්‍රසංගය වෙනුවෙන් දායකත්වය සැපයූ ජනප‍්‍රිය සංගීතවේදී හා ගිටාර් වාදක උපාලි කන්නන්ගර මහතා විසින් පිළිගන්වනු ලැබුවේය. 92 වැනි වියේ සැඳෑසමය ගෙවන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා ප‍්‍රණාම ප‍්‍රසංගයේ සමරු කලාපය බලමින් ඔහුට උපකාර කළ සියල්ලන්ට ස්තුතිය පුද කිරීමට ද අමතක නොකළේය. මෙයට දායකත්වය සැපයූ සියලූ දෙනාට පින් ලැබෙන බව ද කීවේය.

 

සුනිල් ආනන්ද පැරීසියේ සිට...

 

sandalla

 



අදහස් (0)

ප‍්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක පැරීසියේ ප‍්‍රණාමයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1889 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 598 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 688 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site