(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර උද්ඝෝෂකයින්ට මෙන්ම අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට පහරදීම සහ ඉන්පසු රටේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයේදී නිතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (11) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි බව එම කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැවසුවාය.

ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීම මෙන්ම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහෙසත්වීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ගෙන් කරුණු විමසීම සදහා මෙම කැඳවීම කළ බව ඇය ප්‍රකාශ කළාය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)