
(අංජුල මහික වීරරත්න)
පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමට සහ පෙර පාසල් අධ්‍යාපනය එක් විෂය මාලාවකට අනුගත කිරීමට රජය කටයුතු ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
පෙරපාසල් ගුරු පුහුණුව ක්‍රමාණුකූලව පවත්වා ගැනීමට හා ගුණාත්මකභාවය තහවුරු කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන (SBCC) එලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන කළාය.
පූර්ව ළමා විය සංවර්ධනය, රටේ මානව සංවර්ධනයටත්, රටේ අනාගත අභිවෘද්ධියටත් ප්‍රධාන ලෙස බලපාන අතර දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ පූර්ව ළමාවිය සංවර්ධනය මත බව අප සියලු දෙනාට පිළිගත හැකි සත්‍යයක් යැයි අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
ඔබතුමිය කරන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරට දරුවන්ගේ අධ්‍යාපනය ජාත්‍යන්තර පාසල්වල පවතින අධ්‍යපනයට සමාන වන බව දැකිම සතුටක්...