(මනෝප‍්‍රිය ගුණසේකර)
අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත.
දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරණ මෙම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළේය.
හිටපු පොලිස්පතිවරයාගේ හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නීතිවිරෝධී නොකරහැරීම හේතුවෙන් පුද්ගලයන් 275 කට ජීවිතවලින් වන්දි ගෙවීමට ද තවත් 500 කට බරපතල තුවාලවලට ලක්වීමට ද සිදුව ඇති බව නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාට පෙන්වාදී ඇත.
පුද්ගලයින් 275 ක් මරා දමන ලද බවට ද තවත් 500 කට බරපතල තුවාල සිදුකොට ඔවුන් මරාදැමීමට තැත්කළ බවට ද චෝදනා කරමින් හිටපු පොලිස්පති ජූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ විශේෂ දැන්වීමක් ද ප‍්‍රදර්ශන කළේය.
COMMENTS
නඩු අහල ඔය දෙන්නට දඬුවම් කරාම ඔක්කෝම හරි නේද ?
චෝදනා 800 ක් නරක නැහැ. මේවට දෙකොනින් හිනා යනවා. කොහොමටත් හිටපු නායකයා ගොඩ ගියානේ. කැකිල්ලේ රජාගේ කාලේ මතක් වෙනවා.
එතකොට සහරාන්ල පස්සේ හිටපු අය. එයාලට උදවු කරපු අය. තවම එයාලා ගැන කතාවක් නැත්තේ මොකද?
එතකොට හිටපු ජනපතිට මුකුත්ම නැද්ද?
චෝදනා 1728 න්ම නිදහස් උනත් "නුබලාගේ" හිත්වලට එකගව නම් "නුබලාට" කිසිදා මෙරට තුල ජීවත්වීමට නොහැකි බව දැන්වීමට කැමැත්තෙමු.
එතකොට වැඩේට සම්පූර්ණයෙන්ම වගකිවයුතු කෙනාට චෝදනා කොපමණ දාන්න ඕනාද ? නේද ? ඒත්, අදකාලේ උස් තැන් දැක හැකිලෙන්නේ ... මිටි තැන් දැක පුප්පන්නේ ...
එහෙනම් මහමොලකාරයට සහ අනිත් අයට චෝදනා 2500 ගානේ විතර ඇති.
මේ දෙන්නා හොඳ සිහියෙන් වැඩකලේ නැහැ.
පඩි ගෙවලා, පුහුණුව දීලා, ආයුධ දීලා පාස්කු බෝම්බ ත්‍රස්ත කල්ලිය ජාතක කරලා නඩත්තු කරපු අය ගැන සද්දයක් නෑ. ඔවුන් කවුද කියන්නෙත් නෑ. ඔවුන් ගැන කොමිසමෙන් කතා කලෙත් නෑ, කිසිම චෝදනාවකුත් නෑ.
මේකට පස්සේ පරණ බෝම්බ පිපුරපු සියල්ලේම වැරදි කරපු අයටත් මේ වගේ දඩුවම් දෙනවද. මේවා (ඔත්තු සේවා, 100%) අරියටම් කරන්න පුලුවන්නම් රටේ කිසිම වරදක් වෙන්නේ නැහැ. මේවට කොහෙන් ඉනවෙන්නද මන්දා.
එතකොට මහමොලකරු? එයාලට මුකුත් නැද්ද.?
අනේ නීතිය දන්න කෙනෙක් කියන්නකෝ මෙයාලට මිනී මැරුම් චෝදනා කරන්න පුළුවන් ද? නැත්නම් පසුව උසාවියෙන් නිදහස් වෙන්න බොරු චෝදනා දමනවා ද? දඩුවම් කරන්න තියෙන වැරදිවලට නඩු නොදා.