IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුවත්පත් කලාවේ පුරෝගාමියෙක් දිවිගමනට සමුදෙයි

(ආරියරත්න රණබාහු)

ප්‍රවීණ මාධ්‍යෙව්දී කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ රත්නපාල විතාන මහතා කැනඩාවේදී අද (29) උදෑසන අභාවප්‍රාප්ත විය.

මියයන විට 94 වන වියෙහි පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

1950 දශකයේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ පුරෝගාමිත්වයෙන් පළ වූ ‘‘සිංහල ජාතිය’’ පුවත්පත හරහා පුවත්පත් කලාවේදියකු වූ ඒ මහතා පසුව කොළඹ කොටුව බ්රි ස්ටල් වීදියේ පිහිටුවා තිබ ටයිම්ස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ ලංකාදීප පුවත්පතට ආරම්භක යුගයේදීම එක්වූ සාමාජිකයෙකි.

ඓතිහාසික කරුණු අළලා ගවේෂණාත්මක ලිපි ලිවීමෙහි රුසියකු වූ විතාන මහතා ලියූ ලිපි එකල ආන්දෝලනාත්මක වූ බව පැවසේ.
විශේෂයෙන් දුටුගැමුණු භෂ්මාවශේෂ පැරැණි මඩු ගබඩාවක මැයෙන් එකල ටයිම්ස් ආයතනයේ ලංකාදීපයට ඒ මහතා ලියූ ලිපිය මහත් සේ සමාජ කතාබහට ලක්විය. ඊට අමතරව බලංගොඩ මානවයා සම්බන්ධව ලිපි පළකර තිබේ.
සරල සුගම ශෛලියෙන් සිංහල බස හැසිරවීමෙහි හපන්කම් පා ඇති රත්නපාල විතාන මහතා ටයිම්ස් ආයතනය වැසීමෙන් පසු මහවැලි සංවර්ධන අමාත්යම ගාමිණී දිසානායක මහතාගේ ඇරයුමෙන් අමාත්යාං ශයේ ප්රගවෘත්ති නිලධාරි ලෙසද කටයුතු කළේය.
පසුව සිය දරුවන් සමග හෙතෙම කුනඩාවේ පදිංචියට ගොස් ඇත.
ටයිම්ස් ආයතනයේ දිනපතා ලංකාදීප පුවත්පතේ ප්රාංදේශීය ප්රයවෘත්ති කර්තෘවරයා ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ.
කැනඩාවේ පදිංචි වුවද පත්රට කලාව අත්නොහැරිය විතාන මහතා, එහි සිට විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප පුවත්පතට වරින් වර ලිපි සැපයුවේය.
ඔහුගේ දියණියක වන ජානකී විතානගේ කලක් දිනමිණ මාධවේදිනියක සේ ක්රිනයාකළාය.
මරණයෙන් පසු කල් නොයවා ඉතාමත් ඉක්මනින් අවසන් කටයුතු කරන ලෙසට ඒ මහතා කර තිබූ ඉල්ලීමක් පරිදි හෙට (30) වැනිදා කැනඩාවේදී අවසන් කටයුතු සිදුකෙරේ.

 



අදහස් (2)

පුවත්පත් කලාවේ පුරෝගාමියෙක් දිවිගමනට සමුදෙයි

sharm warn Friday, 30 December 2022 10:54 AM

දක්ෂ පුවත්පත් කලා වේදියෙක් .ඔහුට සුභ ගමන් .නවක ජනමාධ්‍යවේදියනි ,මේ අයගෙන් වත් මාධ්‍යකරණය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න කරුණා කරලා

:       0       2

මහේෂ් Friday, 30 December 2022 12:05 PM

ඔබතුමාට නිවන්සුව ලැබේවා.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site