IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


පුතුගේ උපන් දිනයට ගුරු අම්මාගෙන් මත් සාදයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තම පුතකුගේ උපන්දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යාන්තර පාසලක ගුරුවරියක ඇතුළු තරුණ තරුණියන් පහළොස් දෙනකු මත්ද්‍රව්‍ය සමග පාමංකඩ සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම පිරිස අතර සැකකාර ගුරුවරියගේ පුතුන් දෙදෙනාද වන බව පොලිසිය කියයි.

තරුණ තරුණියන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් හා ගංජා මිලිග්‍රෑම් 2450 මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණ ද පොලිසිය බාරයට ගෙන ඇත.

තරුණ තරුණියන් පිරිසක් නිවසකට පැමිණ මත්ද්‍රව්‍ය පානය කරන බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඉහළ මහලේ සාලයේ මෙම පිරිසෙන් කොටසක් වේග රිද්ම සංගීතයට අනුව නර්තනයේ යෙදෙමින් සිට ඇති අතර,අනෙක් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව පොලිසිය කියයි

සැකකාර ගුරුවරියද එම තරුණ තරුණියන් දෙපිරිසටම සහාය වෙමින් විනෝද වෙමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

වයස අවුරුදු 42 ක් වන සැකකාර ගුරුවරියට අමතරව වයස අවුරුදු 18 සහ 23 අතර පසුවන තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ පානය කළ මත්ද්‍රව්‍ය වලට අමතරව අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය තිබී පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් දෙහිවල වැල්ලවත්ත සහ කොළඹ අවට පදිංචි ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන්නන් බව පොලිසිය කියයි

 



අදහස් (15)

පුතුගේ උපන් දිනයට ගුරු අම්මාගෙන් මත් සාදයක්

සමන් Sunday, 25 April 2021 03:41 PM

දේශපාලනයේ ඉන්න එකෙකුටවත් මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයට උත්තරයක් දෙන්න උවමනාවක් නැහැ, කුඩු මුදලාලිලා ඇති පදම් කුඩු විකුණලා ලංකාවේ තරුණ සංහතියම විනාශ කරගෙන යනවා. මේ රට මෙහෙම ගියොත් තව වසර කිහිපයකින් ඔහේ පාවෙවී ඉන්න තරුණ ප්‍රජාවකගෙන් පිරිලා ඉතිරිලා යන රටක් වෙයි , උදේ ඉඳන් රටේ මිනිස්සු ගැන පපුවට ගහගන්න ගමන් බෙරිහන්දෙන රටේ දේශපාලන අධිකාරියේ ,මේ ව්‍යසනය දැක්කා නොදැක්ක සේ ඉන්න එක ගැන පුදුම කනගාටුවක් තියෙන්නේ.

:       11       67

anaTuesday, 27 April 2021 04:48 AM

එහෙම උත්තරයක් දුන්න දේශපාලකයෙක් හිටිය අපි එයාව පන්නා දැම්මා.

:       0       1

මුණසිංහ Sunday, 25 April 2021 04:28 PM

මේ වගේ උන් කොහාමද ගුරුවරියන් කියල හඳුන්වන්නේ? ගුරු වෘත්තියට නිගාවක්. වහාම ජීවිත කාලයටම ගුරු රස්සාවෙන් එළවන්න.

:       1       59

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 25 April 2021 06:44 PM

ගුරුවරියක්.......අම්මෙක්......අහෝ දෙවියනි, මොකක්ද මේ ලංකාවට වෙන්නෙ......?

:       2       51

සමිත සේනක අලුත්ගමගේ. Monday, 26 April 2021 01:49 AM

අපූරු අම්මා කෙනෙක් ... ඒත්,ගුරුවරියක්. හැදියාවනම් අන්තිමයි.

:       1       42

Raveendra Monday, 26 April 2021 02:07 AM

අම්මා යන උතුම් වචනයටත් නිගා කළ මෙම ගැහැණියට කීමට ඇත්තේ තූ නොදකින් අවලං ගැහැණිය යන්න නොවේද ..?

:       2       38

සිරිබිරිස් Monday, 26 April 2021 02:45 AM

ලංකාවේ මත්ද්‍රව්‍ය එන්න එන්නම වැඩි වෙනවා . ඕව ගේන කොටම අල්ලන්න බැරිද ?

:       0       31

Pradeep Monday, 26 April 2021 02:52 AM

"අම්මා" යන උතුම් නාමය කෙලෙසන මෙවන් ස්ත්‍රීන්ට නව නීති සකසා හෝ දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න.

:       2       33

Nishan Monday, 26 April 2021 04:22 AM

මෙයාලව අත් අඩංගුවට ගන්න කලින් මීටත් වඩා දුරාචාර වලට පොළබවන අදහස් පල කල ඩයනා මන්ත්‍රීතුමියව අත් අඩංගුවට ගත යුතුයි. ඇය කියන පරිදි මේවා වැරදි නොවේ.

:       3       42

rocky Monday, 26 April 2021 06:40 AM

ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ කියපු දුරාචාර්ය වැඩවලට සම්බන්ධ ගැහැණිය එළවිය යුතුයි.

:       0       23

janahitha Monday, 26 April 2021 07:04 AM

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පාර්ලිමේන්තුවට යවලා මර්ධනය ගැන කතාකරන ජනතාවට ශාප වෙනවා.

:       0       16

fairoos Monday, 26 April 2021 07:12 AM

දහම් පාසල් වහාම තහනම් කරන නීතියක් ඉක්මණට ගේන්න ඕනේ. දෙයියෝ සාක්කි...

:       24       3

Lakvidu Monday, 26 April 2021 08:36 AM

මේ කියන්නේ ගංජා වවලා රට පටවලා විදේශ විනිමය රටට ගේන්න කියල මිසක්, ගංජ ගහන්න කියලා නෙවෙයි.. හරියැ?

:       11       1

sampath Monday, 26 April 2021 09:12 AM

ජාත්‍යන්තර පාසල්වලට ළමයි යවන්නේ රජයේ පාසල්වලට අධික තදබදය නිසා ඒවායේ ප්‍රමිතිය හිතාගන්න පුළුවන්. ගුරුවරුන්ගේ හැසිරීමෙන් ඇත්තටම මේවා සියල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ නියාමනයන්ට යටත් කළ යුතුයි. ගුරුවරුන් බඳවා ගැනීම ළමයින්ගේ විෂය නිර්දේශය ආදිය... මොකද මේ ළමයි ඉගෙන ගෙන රට මොනවා නොකරයිද?

:       0       37

SHARM WARN Tuesday, 27 April 2021 03:59 AM

මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන දේශපාලන හස්ත විනාශ නොකරන තාක් මේ වගේ ප්‍රවෘත්ති අහ අහ බිම් මට්ටමෙන් මෙවාට දායක වෙන පහළම මට්ටමේ මිනිස්සුන්ට බැන බැන ඉන්න එක තමයි කරන්න වෙන්නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1321 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site