IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පුටින් අත්අඩංගුවට ගන්න වරෙන්තු

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. ඒ, රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි.

නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම සහ යුක්රේන භූමියේ සිට රුසියාවට නීතිවිරෝධීව ලෙස පුද්ගලයින්ව මාරු කිරීම සම්බන්ධයෙන් ද රුසියන් ජනාධිපතිවරයාට හේග් නුවර කේන්ද්‍රකොටගත් අන්තර් ජාතික අපරාධ අධිකරණය චෝදනා නගා ඇත.

එම චෝදනා සම්බන්ධයෙන්, රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් මාරියා ලෙවෝවා-බෙලෝවාට එල්ල වී ඇති අතර ඇයට එරෙහිව ද අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා ඇත්තේ, එම නියෝගය සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත ක්‍රියාවක් බවය.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසා ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීරණය නීතිමය දෘෂ්ටි කෝණයක් මිස එය කිසිසේත් ම සිය රාජ්‍යයට අදාළ නොවන බවයි.

මාරියා සකාරෝවා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ බලපැවැත්වෙන රෝම ප්‍රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවකු නොවන බවත් ඒ යටතේ කිසිදු වගකීමක් ද තම රට නොදරන බවත්ය.

(රොයිටර්)



අදහස් (6)

පුටින් අත්අඩංගුවට ගන්න වරෙන්තු

ආකිමිඩීස් Saturday, 18 March 2023 07:32 AM

මේක අර සෙලෙන්ස්කි ජෝකරයාගේ ජෝක් එකක්ද මල්ලි... හිනාවෙලා කඳුලුත් ආවා. මොනවා නැතත් එයාට හොඳට ජෝක් කරන්න පුළුවන්. රන්ජන් පාර්ලිමේන්තුවට යැව්වා වගේ තමයි. බලන් ගියාම ලංකාවට වඩා හරක් එහේ ඉන්නවානේ...

:       7       63

ජගත් ලියනගේ Saturday, 18 March 2023 07:35 AM

අල්ලයි නැට්ටක්...

:       4       44

DM Saturday, 18 March 2023 09:17 AM

ඇෆ්ගනිස්ථානයට, ඉරාකෙට ගහලා මිනිස්සු මරපු එකට ප්‍රශ්නයක් නැහැ වගේ... ඒ වෙලාවේ අන්තර් ජාතික අපරාධ අධිකරණය නිදියගෙන වෙන්නැති ඉඳලා තියෙන්නේ.

:       3       33

අන්දරේ Saturday, 18 March 2023 07:49 PM

මට මතක් වෙනවා අතීතයේ මිනිස්සු කියපු ආකාරයට කලුවර අදුන තවත් බලවත්ව හදන්නෙ නැතුව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න බැහැ නොකොලොත් අධිකරණයට අපහාස වෙයිද බලන්න පුළුවන්

:       0       0

Chathuri Sunday, 19 March 2023 01:34 AM

පුටින්ව අල්ලන්නේ. මිනිස්සුන්ව නිරපරාදේ මරන නිසා. රනිල්, මහින්ද, ගෝඨා. අල්ලන්න ඇයි වරෙන්තු දෙන්නේ නැත්තේ. පුටින් ගොඩාක් හොඳ කෙනෙක්... රටේ දේපල ජනතාවගේ මුදල් හොරා කෑවේ නැහැ. මේ නඩේ මිනිස්සුන්ගේ ලේ විතරයි බිව්වේ නැත්තේ... ඒකත් කරයි. මහින්ද කට්ටඩියෙක් කිව්වා නම්. පුටින්ව අතඇරලා මේ නඩේව හිරකරලා හොරා කාපුවා වමාරවන්න...

:       2       2

ගනේගොඩ Sunday, 19 March 2023 01:01 PM

පුටින්ට ඉස්සෙල්ලා, ඇමෙරිකානු ජාතිකයින් බයිඩන්ව අල්ලලා හිරේට දාන තත්වයක් තමයි අද ඇමෙරිකාව ඇතුළේ උදාවෙලා තියෙන්නේ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1577 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1370 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site