මිහින්තලේ මහකනදරාව බෝගහයාය නාන තොටුපළක් අසළ අතරමංකර ගියැයි කියන වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවකු තමන් බාරයට ගත් බව මිහින්තලේ පොලිසිය කියයි.
දරුවා හඬමින් සිටියදී එහි දියනෑමට ගිය යුවළකට ඔහු හමුවී ඇති අතර ඔහුගේ නම ආකාෂ් බව කියයි. දරුවාගේ මව නිලූකා බවත් පියා සම්පත් බවත් ඔහු පොලිසියට කියා ඇත.
තමා වව්නියාවේ සිට බසයකින් එහි පැමිණි බවද දරුවා සඳහන් කරයි.
ඡායාරූප - අතුල බණ්ඩාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවා නීත්‍යානුකුලව දෙන්න. මගේ දරුවෙක් ලෙස මම හදා ගන්න කැමතියි. දෙනවා නම් ඕනැම පරික්ෂණයකට ඉදිරිපත් වෙනවා. දන්වන්න. (ස)
මේ සිද්ධිය ගැන ප්‍රවෘත්තිය මතුපිටින් බලා අදහසක් ඉදිරිපත් කිරීම අසීරුයි. නමුත් සිතාමතා දරුවා දාලා ගියා නම් අහස පොළව නුහුලන අපරාධයක්. (නි)
පවු අහිංසක දරුවා. (නි)
පපුව පැලෙනවා මේවා දකිනකොට.... අපේ රටට මොනවා වෙලාද මන්ද...(ම)
දරුවන් දාල නොගියත් දරුවන්ට නිසි පෝෂණයක් නොදෙන එහෙම දෙන්න පුළුවන් කමක් නැති නිසා දුක් විදින දරුවෝ කොච්චර මේ රටේ ඉන්නවද? ආහාර පාන මිල සැලකිය යුතු ලෙස අඩු විය යුතුයි. වෙන විසදුමක් නැත. ආහාරවලින් බදු අය කරන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති. වෙන රටවල්වල ආදායමෙන් 10% යි කෑමට වියදම් වෙන්නේ. අපේ රටේ 100% ත් මදි. (ම)
පුතා ඔයාට තෙරුවන් සරණි..(ම)
කන බොන දේවල ගාන බැස්සුවේ නැත්තන් රටම පාරට බහින දවස වැඩි ඈතක නැහැ. එදාට ඔය දුවන්න පාරවල් නැති වෙයි. (ම)
මේ ළමයාගේ දෙමාපියන්ට කරදරයක් වුණාවද්ද? නැත්නම් උවමනාවෙන් දාලා ගියාද? දෙමවුපියෝ දෙන්නා ගැනත් සෙව්වා නම් නේද හොඳ? අහිංසක දරුවා රැකදෙන්න දෙවියනි (ම)
මගේ දෑසට කඳුළු ආවා පොලිසියේ මහතුන්ට මගේ ප්‍රණාමය (බ)
කාලකන්නි දෙමව්පියෝ (බ)
ඔබ වාසනාවන්තයි පුතේ! (නි)
දෙමව්පියන්ට චෝදනා කිරීමට ඉක්මන් නොවී පලමුව ඔවුන් ගෑන සොයා බෑලිය යුතුය. ඉන් පසු දරුවාට යම් උපකාරයක් අවශ්‍ය නම් එය කළහැකි ආකාරයක් පිළිබඳවද දෑනුම් දුනහොත් බොහෝ ඉදිරිපත් වනු ඈත. (බ)
මේ දරුවාගේ අම්මා තාත්තා සොයා නොදෙන තරමට මම නම් කැමතියි (නි)
කවුද කැමති දරුවා අරගෙන හදන්න? මම උදවු කරන්න කැමතියි. මම විදේශයක ජීවත්වන පියෙක්. (නි)
පොලිසියට මගේ ප්‍රණාමය! (නි)
මේ පුංචි දරුවාට දැන් කාගේ පිහිටක්ද? (නි)
දෙමාපියෝ දාලා ගියා නම් ඒත් කමක් නැහැ, කරදරයක් නොකර. කොහොම වුණත් හොයලා බලන එක හොඳයි (නි)
කරුණාකර මේ දරුවා රෑපවාහිනී නාලිකා මඟිනුත් පෙන්වන්න. දෙමාපියන් ගැන හෝඩුවාවක් ඉක්මනින් ලබාගන්න පුළුවන්. (නි)
දෙමවුපියන්ට කරදරයක්වත් වෙලාද දන්නේ නැහැ (නි)
අරන් හදාගත් ළමයෙක් වෙන්න ඇති.දැන් එයාලට ළමයි ඉන්න නිසා දාලා යන්න ඇති. (ම)
වාසනාවන් දරුවාට කරදරයක් නොවී හමුවුණ එක. මේ දවස් වල අනුරාධපුරේ ගංවතුර. පව් එක ෆොටෝ එකකට හිනාවෙනවා, අනෙක් ඒවායේ අඬනවා. තෙරුවන් සරණයි පුතේ !!! (නි)
ගොඩක් දෙමව්පියෝ වැඩිවෙන ජීවන වියදම කරපින්න ගෙන කොහොම හරි දරුවන් ජීවත් කරවනවා. එ්ත් ඒ බර උහුලගන්න බැරි දෙමව්පියෝ මේ වගේ දේවල් කරනවා. අඩුම තරමින් සමබර ආහාර වේලකට අවශ්‍ය ආහාරවලවත් මිල විශාල ලෙස අඩු විය යුතුයි. (බ)
මේක දරුවාගේ ජීවිතයටම බලපානවා. ආපසු දෙන්න එපා ඔය අම්මටයි තාත්තටයි. හෙට වෙනකොට වැඩි විස්තර දැනගන්න ලැබේවි. අද මට නින්දක් නැහැ. සේයා දරුවා නැතිවුණ දවස් වලත් නින්ද නැහැ. (නි)
අපේ පොලිසියේ කරුණාවන්තකම දැකලා මගේ දෑස් තෙත්වුණා. මොනතරම් හොඳ පොලිසියක්ද අපට තියෙන්නේ !! (නි)
දෙමවුපියෝ දෙන්නා ගැනත් සෙව්වා නම් නේද හොඳ? (නි)
මේ සියල්ලටම හේතුව රටේ ආර්ථිකය පහත වැටීම. මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුයි (නි)
මට මේ ඡායාරූපය දැකලා කඳුළු ආවා. මේ ලෝකේ කීදෙනෙක් ළමයි නැතුව දුක්වෙනවාද? දෙවියන්ගෙන් පෙර පිනට ලැබුන දේ අතහැරිය උදවිය ගැන කියන්න වචන නැහැ (නි)
අනේ කරුණ කරලා හැකිනම් මට මේ දරුවා දෙන්න, මගේ දරුවන් දෙන්නට තව හොඳ සහෝදරයෙක් වේවි , බුදු සරණයි (බ)
"වෙන රටවල්වල ආදායමෙන් 10% යි කෑමට වියදම් වෙන්නේ. අපේ රටේ 100% ත් මදි."- නිමල් ඔයා හරියට හරි. රටේ ආදායමට සාපේක්ෂව ආහාර මිල විශාල ලෙස අඩු විය යුතුයි. නැත්තන් ළමයින්ට දෙමව්පියෝ කරන පව්කාර පාපතර වැඩ වල ඉවරයක් දකින්න ලැබෙන එකක් නැහැ. (ම)
මේ දරුවා ආරක්ෂිත ස්ථානයකට බාර දෙන්න. ළමා නිවාසයකට බාර දෙනවාට වඩා දරුවා හොදින් බලා ගත හැකි දෙමවිපිය යුවලකට උසාවිය මගින් බාර දෙන එක සුදුසුයි. අපේ රටේ ළමා නිවාසවල නඩත්තුව සහ තත්වය එතරම් යහපත් නැත.(ම)
දරුවන්ට විලි වහගන්න කොළ අතු හරි අන්දවන්න පුළුවන්. වහලයක් නැත්තන් මඩුවක හරි ජීවත් කරවන්න පුළුවන්. එත් දෙවියනේ බඩගිනි වෙනකොට කොළ පොතු කවන්නද? මේ දෙමව්පියන්ගේ පපුවේ නැගෙන ගින්දර ශීත කාමරවල ඉගෙන තීරණ ගන්න ලොකු මහතුරුන්ට පෙන්නේ නැහැ. අාහාර පාන මිල සැලකිය යුතු ලෙස අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි. (ම)
රටේ පවතින දැඩි දරිද්‍රතාවයෙන් හැමෝම පීඩා විඳිනවා. බඩු මිල බාගෙට බාගයක්වත් ඉක්මනින් අඩු නොකළොත් මේ වගේ ප්‍රවෘත්ති රට පුරා සුලබ වේවි. (නි)
අද අපේ රටේ දරුවන් විශාල පිරිසන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. බහුතරයක් දෙමාපියන්ට දරුවන්ට නිසි පෝෂණයක් ලබාදීමට වත්කමක් නැහැ. රටක් දියුණු කිරීමට නම් ශරීර ශක්තියෙන් පිරිපුන් ජනතාවක් ඇතිකිරීම අංක එකේ අවශ්‍යතාවයයි. කිසිම දෙමාපියෙක් දරුවන් දාලායන්නේ කැමැත්තෙන් නෙමෙයි. දරාගන්න බැරි ජීවන වියදම නිසයි. (නි)
මේ වගේ හොද මිනිස්සුත් පොලිසියේ ඉන්නවා .(ම)
දරුවා දමල ගිය අයට උඩින් දඬුවම් දෙයි (අ)
අනේ පවු අහිංසක දරුවා! (නි)
හරි වැරැද්ද හොයල බලන්න ඕන එක සැරේට දෙමව්පියන්ට ශාප නොකර අනතුරක් වුනාද දන්නේ නැහැනේ හරියටම දාල ගියානම් අපහු හොයල අම්මලට දීල වැඩක් නැහැ (බ)
අපුරුවට හැදුණු දරු පැටියෙක්. මේ දෙමාපියන්ට සිදුවුණු නස්පැත්තිය හොයමු. ඔවුන් දෙන්නා ගගක මුහුදක වැටුනද , නයෙක්පොලගෙක් කෑවද එහෙම නැත්නම් වසක් විසක් කැවිලා උන් පිස්සු වැටුනද මේරත්තරන් දරු පැටිය දාල ගියා කියල මට හිතන්න බැහැ. පොලිසියේ නිලදරුවනි ඔබලාගේ සෙනෙහස උතුරන හදවත් වෙනුවෙන් මගේ ප්‍රණාමය පුදමි (බ)
මොනතරම් අහිංසක දරුවෙක්ද? (නි)
මේ දරුවා බලාගන්න පියෙක් වගේ ඉදිරිපත්වෙන්න මම කැමතියි (නි)
හරිම සීදේවි කොලු පැටියෙක්නේ .....(ම)
හිනාව දැකලා ඇස් වලට කඳුලුත් ආවා (නි)
මේ ළමයාගේ දෙමාපියන්ට කරදරයක් වුණාවද්ද? නැත්නම් උවමනාවෙන් දාලා ගියාද? (නි)
බුදුන් තුන්වරක් වැඩි සිරි ලංකාදීපය! මොකක්ද මේ ලංකාවට වුණ විනාශය? (නි)
පව් අහිංසක දරුවෙක් මම දැක්කා කිහිප දෙනෙකුගේම අදහස දෙමව්පියන්ට කරදරයක්ද කියල මගේ අදහසත් එයමයි නාන්න ගිහින් අනතුරක් වත් වුණාද එත් ඉතින් මේ පැටිය ඕනෑකමින් අතරමන් කලානම් ලොකු වැරද්දක් (ම)
අහිංසක පුංචි දරුවෙක් (නි)
කරනවට කියනවා නෙමෙයි. මටත් නෝනයි ළමයිනුයි පාරේ දාලා දුවන්න හිතෙනවා කඩේට ගිහින් බඩුවල ගණන් අහනකොට. (නි)
අනේ එහෙමවත් කළ එක හොඳයි, ජීවිතයට අනතුරක් නොකර. (නි)
දරුවාගේ අහිංසක මුහුණත්, පොලිස් නිළදරුවන්ගේ දෑසේ වැගිරෙන කරුණාවත් බලා මගේ දෑසට කඳුලක් නැගුණි....! (නි)
සිව්පාවන්ට නම් සමාන කරන්න එපා (බ)
මේ මල් වගේ ලමයි අමතක වෙන දෙමුපියන් ඉන්නවනේ මේ රටේ .. මෙච්චර අපරාධ සිද්ධ වෙන කලේ ... (අ)
කරපු අයට හොඳක්නම් වෙන්න එපා (අ)
ඒ දෙමවුපියන් දරුවාව දාලා ගියාද, නැත්නම් වැවේ නාන්න ගිහින් දෙමාපියන්ට කරදරයක් වුණාද කියලා හෙව්වොත් හොඳයි. (නි)
දෙමාපියන්ගේ වැරදි නිසා මේ අහිංසක දරුවනුයි දුක්විඳින්නේ (නි)
පුංචි පැටියෝ, අම්මා තාත්තා නුඹව දාලා ගියාට නුඹේ සිනහවෙන් පෙනෙනවා හොඳ අනාගතයක් හිමි බව (නි)
පුළුවන්තරම් ඉක්මනට බඩුමිල අඩුකර ජීවන වියදම අඩු කළයුතුයි. (නි)
මුහුණ දැක්කහම ඇස් දෙකට කඳුළු එනවා (නි)
අහිංසක දරුවා රැකදෙන්න දෙවියනි (ම)
දරුවාගේ දෙමාපියන්ට බර දෙන්න එපා එහෙම දෙනවනම් දෙද්දි කොන්දෙසි මත බාර දෙන්න නැත්නම් බාර දෙන්න එපා (ම)
අනේ රටකට ගිය කලක්! රටේ මෑත ඉතිහාසය බලන්න. දරුවෝ සමඟ දුම්රියට පනිනවා, ගඟට මුහුදට වීසිකරනවා, උපන්ගමන් නැති කරනවා... කෙසේවුණත් දරුවාට කරදරයක් නොකොට අතහැරගිය දෙමාපියන්ට මම දොස්කියන්නේ නැහැ. (නි)
දරුවා නීත්‍යානුකුලව දෙනවා නමි මගේ දරුවෙක් ලෙස මම හදා ගන්න කැමතියි (ම)
මේ පුංචි මල් කකුල දල ගියේ මොන හිතකින්ද? චුටි පැටියෝ ඔයාගේ අම්මව පොලිසිය මාමල හොයල දේවි. (අ)
ඕනෑකමින් දරුවාව අතරමන් කරලනම් ආපහු ඔය දරුවාව ඔය කාලකන්නි දෙමාපියන්ගේ භාරයට දෙන්න එපා. එහෙම වුණොත් ආපහු දරුවාගේ ජිවිතයට හානියක් සිදුවෙයි.(ම)
කැබිනට් එකක් දාගෙන එකේ වියදම් පියවන්න කෑම ගණන් කරනවා. මිනිස්සු පිස්සු හැදිලා උමතුවෙන් කටයුතු කරනවා. (ම)