
පිලිපීන ජනාධිපතිවරණය අද (9) උදෑසන ආරම්භ විය. අද දිනයේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, ජනාධිපතිවරයා මෙන්ම උප ජනාධිපතිවරයා ද තෝරා ගැනීම සඳහාය.
මිලියන 67 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව පැවැසෙයි. ඡන්දය ප්‍රකාශ කිරීම අද (9) උදෑසන 6 ට ආරම්භ වූ අතර සවස 7 ට අවසන් වෙයි.
කෙසේ නමුත් ‘කොවිඩ් 19’ වසංගත ව්‍යාප්තිය සහ පනවා ඇති සෞඛ්‍ය නිතිරීති හේතුවෙන් ඇතැම් ඡන්ද පොළවල ඡන්ද ප්‍රකාශ කිරීමට ලබා දී ඇති කාලය පැයකින් හෝ පැය දෙකකින් දීර්ඝ කර තිබේ.
ජනාධිපතිවරණයෙන් ඉදිරියෙන් සිටින්නේ 64 හැවිරිදි බොන්ග්බොන්ග් මාකෝස් ය. බොන්ග්බොන්ග් මාකෝස් යනු, වසර 20 කට වැඩි කාලයක් පිලිපීනයේ ඒකාධිපති පාලකයකු ලෙස ජනාධිපති ධුරයේ රැඳී සිටි ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුත්‍රයාය.
(රොයිටර්)
COMMENTS
මාකස්ගේ පුතා... අයියෝ...! ඉතින් පිලිපීනෙටත් වෙන්නේ ලංකාවට වෙච්චි දේ තමයි.
ෆෙර්දිනන්ඩ් මාර්කෝස් යනු දක්ෂ නීතිඥයෙකු මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු උපතින්ම විශාල ධනස්කන්දයක හිමිකරුවෙකි. ඔහු තෙවරක් මහජන ඡන්දයෙන් තේරී පත්වුණ අතර එක්වරක් යුධ නිතිය දීර්ඝ කරමින් සිය ධූර කාලය ගෙවිය. එයට හේතුවුයේ එවකට පැවති චීන කොමියුනිස්ට් පාලනයේ උදවු ලබාගත් කැරලිකාර කොමියුනිස්ට් හමුදාවක් (එන්.පී.ඒ) පිලිපීනයේ මහජනතාවට හානි කරමින් දේපළ විනාශ කිරීමයි. කෙසේවෙතත් මාර්කෝස් ඒකාධිපතියෙකු යන්න අන්තර්ජාලයේ සියලු තැන්වල සටහන් වීමට හේතු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය පිලිපීන භූමියෙන් කොටසක් සිය හමුදා කටයුතු වලට ලබාගැනීමට උත්සහ කිරීමේදී මාර්කෝස් එයට විරුද්ධවීමයි. ඇමෙරිකාව සෑමවිටම මාධ්‍ය සහ අන්තර්ජාලය යොදාගනිමින් පිලිපීනයේ ඔවුන්ට එරෙහිවන්නන් විනාශ කිරීමට සහ සත්‍ය නොවන අතීතයක් අනාගත පරපුරට ලබා දීමට කටයුතු කළේය. පසුව කුමන්ත්‍රණයක් මගින් ඔහුව බලයෙන් පහකර ඇමෙරිකානු හිතවාදී ජනාධිපතිවරියක් පත්කරගත් අතර ඇය පිලිපීනය විනාශය කරා රැගෙන ගියාය. ෆෙර්දිනන්ඩ් මාර්කෝස්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නඩු දහස් ගණනක් අවුරුදු 30 ගණනක් විමසූ අතර අද දක්වා ඔවුන් කිසිවෙක් වැරදිකරුවන් බවට පත් කිරීමට අධිකරණය අසමත්වී ඇත.
යමෂිතා රත්‍රන් පිලිපීනයේ අනාගතය වෙනුවෙන් තැන්පත් කිරීම ඔහුගේ දක්ෂතාවය පෙන්වන එක් විශේෂ අවස්ථාවකි. බටහිර හිතවාදී මාධ්‍යයේ මුලාවට පත්ව සිටි පිලිපීන ජනතාව මෙවර ෆෙර්දිනන්ඩ් මාර්කෝස්ගේ පුත් බොන්ග්බොන්ග් මාකෝස් සිය ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට නියමිතය.
පේනවනේ ලංකාවේ මාකෝස් පවුල අපේ රටට කරන විනාශය...