
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිය පුතු දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් බණ්ඩාරගම නගරයේ දී ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක ගැටීමෙන් පිය පුතු දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි.
ඇඟලුම් සේවිකාවන් රැගත් බස්රථය හොරණ සිට පානදුර දෙසට ධාවනය කිරීමේදී බණ්ඩාරගම නගරය මධ්‍යයේදී එම දිශාවටම ධාවනය වූ යතුරු පැදිය ගැටීමෙන් අනතුර වී ඇත.
සතියේ ඉදිරිපස රෝදය පිය පුතු දෙදෙනාගේ පාද මතින් යාම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ පාද වලට බරපතළ තුවාල සිදුවිය.
අනතුරින් ලැබූවන් දෙදෙනා 1990 සුව සැරිය ගිලන්රථ මගින් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිස්සිකාරයෝ, ඉවසීමක් නැති හාදයෝ පාරට බැස්සාම මෙහෙම දේවල් සිදුවෙනවා.