IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිටසක්වළයන්ගේ යැයි සැක සිරුරු දෙකක්

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන මමීකරණයට ලක් වුණු අසාමාන්‍ය සිරුරු දෙකක්, ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ඇමෙරිකාවට යැවීමට මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන් පියවර ගෙන ඇත.

මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන්, ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් පමණක් නොව, යුරෝපා විද්‍යාඥයන්ගෙන් ද ඉල්ලා ඇත්තේ මෙම අසාමාන්‍ය සිරුරු පරීක්ෂා කර බලා ඒවායේ රහස් අනාවරණය කර දෙන ලෙසය.

මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන්, පිටසක්වළ ජීවීන් ගැන උනන්දුවක් දක්වන අයෙකි.

පසුගිය වසරේ සැප්තැම්බරයේ මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පිටසක්වළ ජීවීන්ගේ යැයි පවසමින් අසාමාන්‍ය කුඩා සිරුරු දෙකක් ඉදිරිපත් කළේ ද ජේමි මුසාන් ය. එම  සිරුරු ගැන වැඩි දුර පර්යේෂණ කරන්නැයි මුසාන්ට මෙක්සිකෝ රජයේ අනුග්‍රහය ද හිමිවිය.

පිටසක්වළයන්ගේ යැයි සැක කෙරෙන මෙම නව සිරුරු පේරු රටේ සිදු කළ කැණීමකදී හමුවුණු බව මුසාන් පවසා ඇත.

එම සිරුරු මුලික පරීක්ෂණවලට යොමු කළ බවත්, ඒවා මනුෂ්‍ය සිරුරු නොවන බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් මුසාන් පැහැදිලි කර ඇත.

(ඩේලිමේල් ඇසුරිනි)



අදහස් (2)

පිටසක්වළයන්ගේ යැයි සැක සිරුරු දෙකක්

Nimal Monday, 17 June 2024 08:34 AM

අලි බොරු කාරයෙක්. අපේ පාර්ලිමේන්තුවට නම් ඉතාම උචිත කෙනෙක්

:       12       22

witanage don gunaratne Don Saturday, 06 July 2024 10:17 AM

අපේ පාර්ලිමේන්තුවට ඕන එවුන් නේද මේ අපරාදේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site