(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 125 කට ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 125 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනකු පැය 24 ක පමණ කාලයක් තුළ සපුගස්කන්ද සහ ජාඇළ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමත් විය.
සපුගස්කන්ද, රග්ගහවත්ත ප්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 110 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස්දෙනකු අද (12) පස්වරුව 4.00 ට ද, ජාඇළ, නිවන්දම ප්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 15 ක් සමඟ සැකකරුවන් හය දෙනකු ඊයේ (11) ද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අත්අඩංගුවට ගත්තේය.
සපුගස්කන්ද ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 110 පැකට් 91 ක් ලෙස සඟවා තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කපුගස්ගන්ද රග්ගහවත්ත, මාබිම ප්‍රදේශයේ කුලියට ගත් නිවසක ගබඩාකර තිබියදී සොයාගෙන තිබේ. තාක්‍ෂනික සහ විද්‍යාත්මක සාක්‍ෂි උපයෝගි කරගෙන කරන ලද විමර්ෂණයේදී වත්තල ප්‍රදේශයේදී මාබෝල පදිංචි පුද්ගලයකු ද, වනවාසල ප්‍රදේශයේදී කැලනිය පොතියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ද, අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමිවලදී හෙළිකරගත් තොරතුරු අනුව මාබිම නිවසට ගොස් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවස ඉකුත් 10 වැනිදා යුවළක් සඳහා යැයි පවසමින් කුලියට ලබාගෙන තිබේ.
වැටලීමේදී එම නිවසේ සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට ලොරි රථයක් පැමිණ ඇති අතර ලොරියේ සිටි පුද්ගලයන් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය සඳහා පැමිනි බව කියන එම ලොරිය හොරණ ප්‍රදේශයේ සිට පැමිණ ඇති බව තොරතුරු හෙළිකරගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිට ‘නිපුන’ නම් පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති බව තොරතුරු හෙළිවූ බවත් ප්‍රංශය හා එංගලන්තයේ සැඟව සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන රූබන් සහ ලාල් යන දෙදෙනා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව ද හෙළි වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය 24ට ‘අයිස්‘‘ කිලෝ 125:සැකකරුවෝ 12යි
Ashan Tuesday, 13 April 2021 05:49 AM
පාලයකයින් සැපේ ඉන්න තමන්ට කැමති දේ කරනවා. අනිත් මිනිස්සුත් සැපේ ඉන්න ඒකම කරනවා. මුලින් හරි පාලකයින් තෝරමු. ඊට පස්සේ මේවා ඉබේම අඩුවෙයි.