IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


පාස්කු ප්‍රහාරකයන් ගැන ජනතාවගේ මතය වෙරිටේ කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයට දේශපාලන හස්තවල සම්බන්ධයක් නොමැති බවට විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 8 ක ප්‍රමාණයක් බව පසුගිය ඔක්තෝබර් මස සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයට දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 53 ක් බවත් එම සමීක්ෂණදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ඉන් 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරය පසුපස දේශීය දේශපාලන බලවේග සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් සිටින බව මෙම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් සියයට 30 කගේ මතය වූ බවත් දේශීය දේශපාලන බලවේග සහ අන්තරායකර විදේශ බලවේග යන දෙපාර්ශවය සමඟ කටයුතු ලාංකික අන්තවාදීන් පාස්කු දින ප්‍රහාරය පසුපස සිටින බව සියයට 23 කගේ මතය වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

 



අදහස් (3)

පාස්කු ප්‍රහාරකයන් ගැන ජනතාවගේ මතය වෙරිටේ කියයි

Kule Thursday, 30 November 2023 06:28 PM

මුස්ලිම් පල්ලිවලට කඩු ආපු විදිහ තාමත් හොයා නොගත්තේ මොකද?

:       0       0

Bamunuarachchi Thursday, 30 November 2023 08:49 PM

දේශපාලන හස්ත වල බලපෑමක් තිබුණා. එනිසා නේද බෝම්බ පුපුරවන දිනය, ස්ථාන හා වෙලාව දැනගෙනත් එය මැඩපැවැත්වීමට කටයුතු නොකළේ. එසේ කරපු එක බොහොම හොඳයි. අපි වඳ කොත්තු වඳ පෙති වලින් කලේ නිදිමර ගාතේ හිටපු සිංහල බෞද්ධයින් නැගිට්ටවීමයි. වක්‍රව කිව්වේ හම්බන්ගේ යටිකුට්ටු ව්‍යාපාරගැනයි. ඒක ඔප්පු උනා දැන් වඳ කොත්තු වඳ පෙති ගැන කියන්න ඕනේ නැහැ පාස්කු බෝම්බය ප්‍රමාණවත්. මුස්ලිම් ආගමේ භයානක පැති පෙන්නන්න මුස්ලිම් විරෝධී ඇමරිකානුවන් උදාහරණයකට ගන්නේ ලංකාවේ පාස්කු ප්‍රහාරය.

:       0       3

Asanga thiththagalla gamage Sunday, 03 December 2023 10:06 AM

පාස්කු පාස්කු මේ මොන මගුලක්ද... පාස්කු ප්‍රහාරය විතරද ලන්කාවේ වුනේ..?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 295 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 324 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1255 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site