(සුජිත් හේවාජුලිගේ )
පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
බොහෝ බටහිර රටවල් ආසාදිතයන් වැඩි වූවත් පාසල් විවෘත කළ බව සඳහන් කළ මහාචාර්යවරිය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මේ වසරේ මැයි මාසය වනවිට පාසල් වසා දමා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක් පමණකැයිද සඳහන් කළාය.
යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හෙන්රීටා ෆෝ සහ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්‍රි අසෝලේ උපුටා දක්වමින් ඇය මෙම තොරතුරු ඉදිරිපත් කළාය.
ලබන ජනවාරිය දක්වා දරුවන් ගෙවල්වල තබා ගැනීමට මවුපියන් එකඟදැයි නීලිකා මලවිගේ මහත්මිය පෙරළා ප්‍රශ්න කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට පිස්සු හැදිලා වෙන්න ඕනේ එහෙනම්...
බොහෝ රටවල හතිය තිබෙන, තරබාරු දරුවන්ට පළමුව බෙහෙත විදලයි පාසල් පටන් ගත්තේ...
කරුණාකර මේක කියන්න ඒකාබද්ධ නායකයින්ට... අපිට සහ අපේ දරුවන්ට කියන්න එපා...
ළමයින් යනු රටේ අනාගතයයි. ඒ අනාගතය රැකගෙන අධ්‍යාපනයද නොකඩවා ගෙනයෑමට දුරස්ථ අධ්‍යාපන ක්‍රමය වඩා සුදුසුයි. ළමයින් අතර රෝගය පැතිරී මහා විනාශයක් නොවන ලෙස සීරුවෙන් පාසල් පද්ධතිය විවෘත කළ යුතුව ඇත. ඊට තව කල් බැලිය යුතු යැයි තියෙන වාතාවරණය යටතේ සිතීම වරදක් නැත..
පාසල් විවෘත කිරීමට පෙර ශ්‍රී ලංකාවෙහි ආසාදිතයින් ගැන සිතන්න වේවි. පාසල් විවෘත කිරීමෙන් පසුව " පාසල් රැල්ලක් " ඇති වුවහොත් කොහෙන් නවතීදැයි සිතන්න වේවි. පාසල් විවෘත කළත් රටේ පවතින තත්ත්වය මත දරු සෙනෙහසක් ඇති මව් පියවරුන්, දරුවන් පාසල් එවාවිදැයි සිතන්නත් වේවි...!!!
මෙයාට මේ මහාචාර්යකම දුන්න කෙනාගේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද?
මෙයා නම් කියයි. දරුවන් 25 ක් මැරුණා කියලා තිබුණා. මොන ලෝකෙද දන්නේ නැහැ ඉන්නේ...?
කොවිඩ් ආසාධිත ළමයෙක් ඉස්කෝලේ එනවා කියන්නේ, වෙඩි බෙහෙත් ගබඩාවකට ගිනිකූරක් දැම්මා වගේ තමයි. ළමයින් හැසිරෙන හැටි (ඒ හැසිරීම වරදක් නෙවෙයි ඒක එයාලගේ හැටි) දන්නේ ඉස්කෝලේ ඇතුලේ ඉන්න අය තමයි...
වෙන රටවල තමන්ටම පරික්ෂා කරගන්න ඇන්ටිජන් කිට්ස් (antigen Kits) ඕනෑම තැනකින් මිලදී ගන්න පුළුවන් ඉතාම අඩු මුදලට... බොහෝ විට ඔවුන් නොමිලේ ලබා දෙන්නේ. ලංකාවේ ඡන්දෙට උදව් කළ අයට සලකන්න ඕනෑ නිසා අපට ඒ අවස්ථාව නැහැ. නුදුරු අනාගතයේදී වත් අපට එහෙම පුළුවන් වුණු දවසක පහසුවෙන් පාසල් අරින්න පුළුවන් වේවි...! මොකද අපිටම පරීක්ෂා කරගන්න පුළුවන් නිසා දෙමාපියන් බොහෝ සැලකිලිමත් වේවි දරුවන්ව පාසල් යවන්න.
අපි නම් ළමයි මේ අවුරුද්දේ පාසල් එවන්නේ නැහැ.
ඔබ ජනමාධ්‍ය ඉදිරියේ දක්වන රංගනයට දරුවන් යොදාගන්න එපා. දරුවන් ඉන්න දෙමව්පියන් කියන කථාවක්ද මේ...?
පිස්සු හැදිලද?
ඊළඟට එන්නේ කඨින පිංකම් රැල්ල... බොරු නම් බලන්න..
ඔස්ට්‍රෙිලියාවේ පාසල් වහල.වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකුට රෝගය වැළදිලා ඒ් ගැන දැඩි අවධානය යොමු කර තියෙනවා
මේකෙම තියෙනවා දරුවෝ 25 ක් මේ රෝගයෙන් මිය ගිහින් කියලා. නෝනේ, ඔයාගේ මොළය අවුල්ද? අපිට දරුවෝ තරම් වටිනා දෙයක් නෑ...
ඔය අයගේ ළමයි යන්නේ ලොකු ලොකු ඉස්කොල වලට, ළමයි ලෙඩ වුණාම ඉස්පිරිතාලවල බලන්නෙත් නෑ.. මේ අය නම් කියයි. ඉගෙන ගන්න පුලුවන් ජීවත්වෙලා හිටියොත්... මේ ගෑණුන්ට පිස්සු...
මෙතුමිය සහ මෙතුමියගේ ගෝලයා, ජීවන්දර මහත්තයි දෙන්නයි හිතන් ඉන්නේ, කෝවිඩ් ගැන මේ ලෝකේ ඔවුන් දෙදෙනා තරම් දන්න දෙන්නෙක් තවත් නෑ කියලා. මුලින් කිව්වේ ඩෙල්ටා කොළඹින් පිට ගිහින් නෑ කියලා. WHO වාර්තාවකින් කිව්වට පස්සේ රට පුරා ඩෙල්ටා ප්‍රභේදය පැතිරිලා ගිහින් කියලා, ශේප් එකේ කියන්න ගත්තා. ඔව් දැන් ඩෙල්ටා රට පුරා පැතිරිලා ගිහින් කියලා. වෙලාවකට හිතෙනවා කට මෙයාලගේ වුණාට පිටිපස්සෙ තියෙන දේ වෙන කාගෙවත්ද කියලා...
අනිවාර්යයෙන් මෙයාගේ දරුවෝ පාසල් ගිහින් අවසන් ඇති
පාර්ලිමේන්තු රැල්ලට කී දෙනෙක් අහුවුණාද?
මේක තමයි ඇත්ත. එන්නත දෙන්න කලින් මීට වඩා ගොඩක් මරණ සිදුවුණු රටවල පාසල් විවෘතව තිබ්බා... පාසල් වසා දැමීමෙන් වෙන හානිය කොරොනාවෙන් වෙන හානියට වඩා වැඩියි. ඔන්ලයින් අධ්‍යාපනයෙන් දරුවන් පිස්සන් වෙනවා.
ළමයි මැරුණම ඔන්ලයින් සාප්පුවෙන් මිනී පෙට්ටියි මල් එහෙම විකුණන්න හිතන් වෙන්න ඇති කියන්නෙ..
කස කරුවන් පැමිණෙන වගයි
අදහස් දමා ඇති ඉහත පිරිසට අනුව ඔවුන්ගේ විෂය දැනුම ඉතා ඉහල බව පෙනේ. පුදුම දැනුම් සම්භාරයක් නොවැ තියෙන්නේ. ඔබලා කොවිඩ් කාර්ය සාධක බලකාය හා එක් 'නොවීම' නම් රටේ වාසනාවකි.
ඔබතුමියට ගොඩක් පින් මේ ගැන අධ්‍යාපනයක් නැති අධ්‍යාපන අමාත්‍යංශයට මතක් කලාට
අපි විරුද්ධයි පාසල් වහගෙන ඉන්නවට.
වැහුවත් අරින්න කියනවා. ඇරියොත් වහන්න කියනවා. මේ අය බලන්නේ ඇග බේරගන්න රජයට චෝදනා කරන්න
භුමිතෙල් ගෑවුනු ගැරඬි වගේ හැසිරෙන්න අවශ්‍ය නැහැ. අපි දිගටම වර්ජනය කරනව කියලා කිව්වනම් ඇති මේකෙ ඉන්න ගුරුවරු ටික.
මම එදත් කිව්වා. මේ අය නමට විතරයි මහාචාර්ය. අපිත් ගෙවල් වල හිටිය 87/88/89. පාසල් ගියේ නැහැ. මොකද ඒ කාලේ ළමයි ඉගෙන ගත්තේ නැද්ද?
අනේ මන්දා මොවුන් මහාචාර්ය වුනේ කොහොමද කියලා. දරුවො මැරිලා යනවට වඩා ගෙදර ඉන්න එක හොදයි කියලා තේරුම් ගන්න බැරි අය
පාසැල් විවෘත කිරීම නොවෙයි ගැටලුව පාසැල් විවෘත කරන ක්‍රමවේදය කුමක්ද? ඒ පිළිබඳවයි ඔය උපදේශකයන් හා රටට ආදරය ඇති ගුරුවරුන්ගේ අවධානය යොමු කළ යුතු වන්නේ. අඩුමගානේ මෙවර උසස් පෙළට හා සාමාන්‍ය පෙළට මූහුණ දෙන දරුවන් පිළිබඳව අධ්‍යයන බලධාරීන් ගෙන ඇති පියවර කුමක්ද ? අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති පියවර කුමක්ද ? වර්ජනය කරමින් සිටින ගුරුවරුන් පමණක් නොව සේවයේ නිරත යයි කියනු ලබන දහස් ගණනක් මාසික වැටුප් හා දීමනා ලබා ගනිමින් සිටින ඉහළ නිලධාරීන් කුමක් කරන්නේද ? පාසැල යන ආයතනය මගින් මෙම තත්ත්වයට අනුව දරුවන් වෙනුවෙන් නව හැකි දේ පිළිබඳ සොයා බලා වහාම කරවන්න 10 දෙනා බැගින් හෝ ගෙන්වා දරුවන් ගැන සොයා බලන්න නැත්නම් සැමදාම පාසැල් වසා දමා ගෙවීම් නතර කර දමා ජාතික ධනය ඉතිරි කරන්න
දෙමාපියන්ට වඩා ගුරුවරු ටික හොදටම කලබල වෙලා
රට පටලවලා ගිනි තියනවා
මෙතුමිය දියුණු රටවල් සහ දියුණුවෙමින් පවතින රටවල් ගැන වෙනස දන්නා නැති වග හොදින් පෙනෙනවා
මම ඇය සමග එකඟයි
එන්නත් වල සක්‍යතාවය ගැන ඔබ තුමිය එක විටක් සයිනොෆාම ඉතා හොඳයි කියලත් තවත් විටෙක ෆයිසර් සහ ඇස්ට්‍රසේනිකා තරම් සයිනොෆාම හොඳ නෑ කියලත් කිව්වා. පාසල් ඇරීම පිළිබඳ බටහිර සමග ගැලපීමේදී අපේ සමාජ විද්‍යාත්මක තත්වයත් සන්සන්ධනය කලයුතුයි. බටහිර වගේ නෙවෙයි ළමයෙක් එක්ක මවෙක් හෝ පියෙක් ද පාරට බහින බවත් ඒ අශ්‍රිතව බෝවීම වලට හිතකර තත්ත්වයක් නිර්මාණය නො වන්නේද? ප්‍රවීනයන් විසින් අදහස් පල කිරීමේදීත් එවා ජනගත කිරීමේදීත් අදාළ ප්‍රවීනත්වය ගැන නො සලකා හිටියොත් අප සියලුම දෙනා ම මුලාවට පත් වෙනවා. ප්‍රවීනයින් නුගත් මන්ත්‍රී කොටසක් තරමට පහලට නොයෑ යුතුයි. තමන්ගේ ප්‍රවීනත්වයට පිටින් වන දෑ පිළිබඳව "මහාචාර්ය" පට්ටමකුත් සමග අදහස් ජනගත කිරීම නොකලයුතුයි. ඒකයි නියම ප්‍රවීනත්වය
වෙන රටවල තමන්ටම පරික්ෂා කරගන්න ඇන්ටිජන් කිට්ස් (antigen Kits) ඕනෑම තැනකින් මිලදී ගන්න පුළුවන් ඉතාම අඩු මුදලට... බොහෝ විට ඔවුන් නොමිලේ ලබා දෙන්නේ. ලංකාවේ ඡන්දෙට උදව් කළ අයට සලකන්න ඕනෑ නිසා අපට ඒ අවස්ථාව නැහැ.
ඔයාට ඔහොම කියන්න කියලා කිව්වේ කවුද මෙයා.?
මේ ගැහැනියට පාසල් යන ළමයි ඉන්නවද?
ප්‍රාථමික පන්ති අඩු තරමින් සිසුන්ගෙන් 30%ක් පමණ ගෙන්වාගෙන ආරම්භ කරන්න.
මෙතන අදහස් දක්වා ඇති බොහෝ අය ගුරු වැඩ වර්ජනයේ පුරෝගාමීන් බව නම් මනාව පැහැදිලියි. වසර දෙකකට අසන්න කාලයක් කිසිඳු වාර විභාගයකට මුහුණ නොදුන් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සැබවින්ම කොතැනක ඇත්ද? මෙම දරුවන්ගෙන් කොතෙක් ප්‍රමාණයක් තම ශ්‍රේණියට අදාල දැනුම නොමැතිව ඊළඟ ශ්‍රේණියට රැගෙන යනවද? මෙම දත්ත ලබන්නේ අපොස සා.පෙ හෝ උ.පෙ හරහාද? ප්‍රමුඛතා අතර පාසැල ආරම්භ කිරීම පැහැදිලිවම ඉදිරියටම ආ යුතුයි. දැනටමත් අප ප්‍රමාදයි. නිද්‍රාශීලීව සිටීමෙන් මේ පිළිබඳ ඉක්මන් වැඩ පිළිවෙලක් ගොඩනැගෙන්නේ නැත.
ඇඩ්මින් කරැණෘකරලා මෙ නෝනිට ඔය කමේන්ට් ටික කියවන්ඩ සලස්වන්න - රටෙ ප්‍රායෝගික දැනුම බිංදුවයි - ජිවන්දරත් එක්ක එකතුවෙලා ආණෟඩුව බේර ගන්න දගලනවා - තමන්ගෙ ළමයින්ට ගෙවල්වලට ගෙන්නල උගන්නනවා කියලා අපි හොදටම දන්නවා - ළමයි මැරැණොත් වගකිම ගන්නවා කියල කෙලින් කියන්න නොනේ - එතකොට අපි ළමයි යවන්නම්
මොනව උනත් උසස්පෙළ කල් දාන්න් ඕනෙ පෙබරවාරි වලට .එහෙම උනේ නැත්නම් මේ අපේ ළමයින්ට ලොකු අසාධාරණයක් වෙන්නෙ. හරියට සිලබස් කවර් කරල නෑ. මේ ලමයි ලොකු මානසික පීඩනයක ඉන්නෙ. මේ රටේ අනාගතය. උසස්පෙළ කියන්නෙ සෙල්ලමක් නෙවේ. මේක ලමයින්ගේ මුලු අනාගත ජීවිතයම තීරණය කරන විභාගයක්. කරුනාකරල මේක කල් දාන්න.
ඔබ අප ඕනෑම කෙනෙක් දන්නවා මාකටින් ගැන. මාකටින් වලට යොදා ගන්නේ ජනතාව අතර ජනප්‍රියත්වයට පත් ජනාදරයට පත් තරු. මුලින් මුලින් ඇත්ත කියද්දී මිනිස්සුන්ගේ හිත්වල පැලපදියම් වෙනවා. බිස්නස් කරන කෙනා දන්නවා ගහන්න ඕනෑ පොයින්ට් එක. කෙලින්ම සෙලිබ්‍රිටි තරුවම අල්ලනවා. දැන් දැන් පේන්නේ ඒක. වෙන මුකුත් නෙමෙයි. ලංකාවේම මිනිස්සු පට්ටම මෝඩයිනේ...
විශ්ව විද්‍යාලයත් වහලා තියේනම් පාසල් අරින්න තියෙන තදියම කුමක්ද? දරුවන් පාසල් යවන්න කළින් මිනිස්සුන්ට කඩේ, පිලේ යන්න පුළුවන්... තත්වයක් එන්න ඕනේ.. අනෙක බෙහෙත් විදීම ගැන හරියට පර්යේෂණ කරලා නැහැනේ... දැන් කමිටුවේ ඉන්න කාලේ 10000 කට වැඩිය මැරුණා. මාර්ගගත පාසල් පටන් ගන්න 88-89 කාලෙත්.. අවුරුදු 2ක් පාසල් වහලා තිබුණේ ඒ අය තමයි දැන් ලොකු ලොක්කෝ වෙලා ඉන්නෙත්...
වෛද්‍යතුමනි, ඔබට කඩිනම් පියවර ගත හැකි නම් කරුණාකර ප්‍රමාදයකින් තොරව දැන්වත් ලංකාවේ පාසල් විවෘත කරන්න.
අපිට හැකි ඉක්මනින් පාසැල් විවෘත කරලා දෙන්න.ඔන්ලයින් ඉගැන්වීම හරියටම හරි නෑ .අපි හැමෝම අසරණයි .ඉස්කෝලේ අරින්න කියලා ඉක්මනින්. මම 11 වසරේ තමා 10 වසරේ පාඩමක්වත් ඉස්කෝලේ ඉවර කරන්න බැරි වුණා .හැමදාම ෆෝන් ඒකේ ඉන්නත් බෑ .ඉස්කෝලේ වගේ පාඩම් වැඩ කරන්න එපා වෙලා ගෙදරට වෙලා ඉදලා .මම කියන්නේ අපිට පාසල් විවෘත කර දෙන්න