(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාලකයන් කැමති වුනත් නැති වුනත් සමාජ වෙනස සිදුවීම ඇරඹී ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
එම සමාජ වෙනසට පාලකයන් හොඳටම බිය වී සිටියත් දැන් ඔවුන් පරක්කු වැඩි බවද අමරසූරිය මෙනවිය කීවාය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් අමරසූරිය මෙනවිය මෙසේද කීවාය.
ආර්ථික අර්බුදය පිටුපස තිබෙන දේශපාලන අර්බුදය අප හරිහැටි තේරුම් ගත්තේ නැතිනම් මෙතෙක් කල් කළ වැරදි නැවත නැවත කරන්න පෙලඹෙන්න පුළුවන්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ මොහොතේ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා.
අප ජීවත් වන්නේ සමාජ සංයුතීන් සියල්ල අභියෝගයට ලක්වූ කාලයකයි. අද ලොකුම අර්බුදයට ලක්ව ඇත්තේ පුරවැසියා සහ සහ පාලකයා අතර තිබිය යුතු සමාජ සම්මුතියයි.
පාලකයා මොන කැත වැඩේ කලත් පුරවැසියා සමඟ ඇති කරගත් පෞද්ගලික සබඳතාව හරහා දූෂිත ක්‍රියාවලින් වසා ගැනීමට සමාජය ගොඩනඟා තිබෙනවා.
පාලකයන් ගෙනෙන පනත් හරහා ඔවුන් බොහෝ බියට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
ඔවුන්ගේ භාවිතාවෙන්ද එය පෙනෙන්නට තිබෙනවා .සමාජයේ පුරවැසියන්ගේ ඇතිවී තිබෙන වෙනස මෙන්ම පුරවැසියා බිය නැතිව ප්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත් ඉදිරිපත්වීම පාලකයන් බිය ගැන්වීමට හේතුවක් වී තිබෙනවා.
COMMENTS
මෑතක සිට මැය විසින් කරනු ලබන කතා ඇහෙන කොට එසේ මෙසේ මුරුංගා ගහකට නෙවෙයි... නැගලා ඉන්නේ කියලා අපට නම් හිතෙන්නේ. මෙයා කියන්නෙත් IMF හොඳයිලු.. එයාලා ආවමත් එක කරනවාලු. ඉන්දියාවත් හොඳයිලු... ඉතින් දැන් කරගෙන යන දේ කරන්න නම් තමුන්ලා මොකටද නෝනේ කියලා අහන්න තමයි ඡන්ද දායකයෝ බලා ඉන්නේ...
අනිවාර්යයෙන්ම, මේ වෙනස අපි කරන්නම ඕනෑ. ඒක නොකෙරුව හොත් ශ්‍රී ලංකා කියන රාජය ලෝකයෙන් අතුගෑවිලා, ඉන්දියාවට දකුණින් ඇමරිකන්, ඉන්දීය හා චීන හවුල් කොළනියක් ඉතුරු වනු ඇත.
ඇත්තටම මෙතුමිය පුවත්පත් මගින් රූපවාහිනී මගින් දැක්කට දැන හැඳුනුම්කමක් නැහැ. ඒත් මට හිතෙනවා මෙතුමිය රටේ පාලනයේ මුල් පුටුවකට හොඳයි කියලා...
රටේ ඉතුරුවෙලා ඉන්න බයියන් නැතිවෙච්චි දවසට තමයි රටට සෙත...