බෙන්තර ගඟ හරහා මගීන් එහා මෙහා ප්‍රවාහනය කිරීමට යොදවා ඇති බෙන්තොට හොරවල පාලම් පාරුව අද (13) දින සවස සිමෙන්ති කොට්ට 30 පටවා ගත් ලොරි රථයක්, ත්‍රිරොද රථයක්, යතුරු පැදියක් හා පා පැදියක් ද සමග බෙන්තර ගඟට වැටී ඇතැයි පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ පාලම් පාරුවේ ක්රියකරු ඇතුළු පුදගලයින් හය දෙනකු ගමන් කර ඇති අතර ගඟට වැටුණු සිවු දෙනකු පාලම් පාරුවේ ක්‍රියාකරු විසින් බේරා ගනු ලැබ ඇත.
එම පාලම් පාරුවේ ගමන් ගත් අවුරුදු 13 සිසුවකු ගඟට පැන දිවි බේරාගෙන ඇත.
ඡායාරූප - බන්දු තඹවිට





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගඟ බටහිර දකුණ වෙන්කරන ගඟ නිසා කවුරුවත් හදන්නේ නැහැ. අපේ නොවේ කියලා බලා ඉන්නවා (නි)
පාරුකරුගේ නොදැනුවත්කම මෙයට හේතුවක්. (නි)
ආණ්ඩුව මිනිස්සුන්ගෙන් අහයි මොනවටද ගඟෙන් එගොඩ ගෙවල් හැදුවේ කියලා .(හේ)
දැන් මේ පාරුව නැවත ගොඩට ගන්න විශාල වෙහෙසක් දරන්න සිදුවෙයි නේද? (නි)
ගඟ මැදදී නොවුණ එක වාසනාවක්. (නි)
මෙවන් උත්සාහවන්ත පුද්ගලයින් රටටම වාසනාවක් (නි)
මේ වගේ අහිංසක මිනිසු කොච්චර මේ රටේ ඉන්නවද? මෙයාලා තමයි මේ රටේ නියම අයිතිකාරයෝ. ඉංග්‍රීසි වචන කෑලි සිංහල වචන අස්සට දාලා කතාකරන කොළඹ මහත්වරු නෝනලාට රටේ මුළු ජාතික අාදායමෙන් 80% කට වැඩිය වියදම් කරන රටක් මේක. පොඩ්ඩක් හිතලා බලන්න කරුණාකරලා (නි)
මේකට තව පටවන්න අඩුවකට තිබුනේ කන්ටේනර් එකකුයි, බැකෝ එකකුයි, පුද්ගලික බස් එකකුයි විතරයි. (නි)
මිනිස්සු ලේසියට කෙටි පාරවල් හදා ගන්නවා පාලම් පාරු වලින් යන්න, කේබල් දිගේ යන්න. මේ විදියට ෂොට් කට හදා ගන්න හදා ගන්න පාරට ආණ්ඩුව එතනින් පාලම් දාන ගියොත් වෙන වැඩක් කරන්න බැරි වෙයි. (ම)
මෙතන තියෙන්නේ මිනිසුන් පහසුවට හදාගත් පාරු සේවයක්.මෙම ගම යා කිරීමට මාර්ගයක් ඇති අතර මිනිසුන් එදිනෙදා වැඩ කටයුතු සඳහා ගමන් දුර අඩු කර ගැනීමට මෙම පාරු සේවය පාවිච්චි කරන්නේ...(ම)
සියල්ලටම පෙර පොදු ප්‍රවාහනය විධිමත් කරන්න බලන්න (නි)
අපේ රටට මදිවෙලා තිබුණ ගුවන් තොටුපොළයි, වරායයි, අධිවේගයයි හැදුවා. ඒත් මේතරම් කල් ගිහිල්ලත් මිනිසුන්ගේ මුලික අවශ්‍යතාවත් ඉටුකරලා නැහැ. ජාතියක් හැටියට අපි ලැජ්ජා වියයුතුයි. (නි)
තොටියා පලපුරුද්දෙන් කියන්න දන්නවනේ එයාගේ පාරුවට පටවන්න පුළුවන් බර ප්‍රමාණය කොපමණද කියලා. නොසැලකිල්ල කියලයි මට නම් හිතෙන්නේ. (ර)
බක්කි කරත්ත වලින් ගමන්ගිය අය අද දවසේ යන්න හදන්නේ කෝටි 7-8ක් වටිනා පිටරටවල හදන කාර් වලින්. අනේ මේ මිනිස්සුත් බදු ඔක්කොම ගෙවලා මේ වගේ පාලම් පාරුවල ගිහින් ඔහේ අනතුරු වලට පත්වෙනවනේ. (නි)
අනේ! අපේ කාර් ඉල්ලන ඇමතිවරුන්ට එහෙම මොකුත් කියන්න එපා. පාලම හදන්න බැරිවුණාට එයාලා හරි අහිංසකයි. (නි)
පාරුකරු කළ මෙම වීර ක්‍රියාව ඇගයීමට ලක්විය යුතුයි (නි)
ජීවන බර, පාරුවට කියලා වුණත් වෙනසක් නැහැ වගෙයි (නි)
අපේ රොෂාන් සුන්දරත්වය රස විඳින්න, අනිත් අය අවදානම් ගන්න ඕනෑද? මමත් ඊට එහා ගමේ මීගම-ඉත්තෑපාන තොටුපල පාවිච්චි කළ ගම්වැසියෙක්. පිස්සු කතා කියන්න එපා. මම ඉත්තෑපාන රෝහලට යන්න වින්ඳ දුක් තාම මතකයි. (නි)
මේ පාරුවේ මමද ගමන්කර ඇත්තෙමි. මෙම පාරුවට බොහෝ බර පටවා ගමන්කළ හැකිය යම් අත පසුවීමකින් හෝ නොසැලකිල්ල නිසා මෙය සිදුවූ බව සිතිය හැක. මාගේ අදහසනම් මෙහි පාලමක් සදා මෙම සුන්දරත්වය විනාශ නොකරන ලෙසයි. මෙම චායාරූප දෙස බලන්න කොතරම් සුන්දර දසුනක්ද පසුබිමින් පෙනෙන්නේ කඩොලාන හා වෙනත් ජීවීන් පාලමක් සාදා විනාශ කරන්න එපා. (ර)
බලන්න අපේ මිනිස්සු විදින දුක. (ර)
එගොඩ මෙගොඩ යන්න පාලමක් නැති නැතිව දුක් විදින මිනිස්සු ඉන්න මේ රටේ එහෙ මෙහෙ යන්න සැප කාර් නැතිව හඩාවැටෙන දේසපාලුවන් කොටසකුත් ඉන්නවා දෙවියනි ඔබ කොහිද? (අ).
මේ අය මෙතරම් සැප වාහන ද පාවිච්චි කරන්නේ ගඟ එහා මෙහා මාරුවෙන්න. බලන්න රටේ ජනතාවගේ කොපමණ බදු මුදල් මේ මිනිස්සු නාස්ති කරනවද කියල. අනේ කරුණාකරලා පාර්ලිමේන්තුවේ ඉන්න දුප්පත් මැති ඇමතියන්ට ඉල්ලපු කොටි 7, 8, ... ගණන් දෙන්න මොකද ඒ අය ජනතාව සේවය කරන්න යන්නෙත් බයිසිකලෙන් නිසා. (අ)
පාලම් හදන්න ආණ්ඩුවට සල්ලි නැනේ. (අ)