
පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, අද (23) රෝහලෙන් පිටව යනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
88 හැවිරිදි පාප්තුමන් රෝහල්ගත කෙරුණේ පසුගිය පෙබරවාරි 14 වැනිදාය. ඔහුගේ පෙනහළු ආසාදනය නිව්මෝනියා තත්ත්වයක් දක්වා දුරදිග ගිය අතර, වකුගඩු අක්‍රියවීමේ අවදානමක් ද පෙන්නුම් කළේය.
කෙසේ නමුත්, වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන්, පාප්තුමන්ගේ තත්ත්වය කෙමෙන් සුව අතට හැරුණු බව වාර්තා විය. අද (23) රෝහලෙන් පිටවී ගියත්, තව මාස දෙකක කාලයක් පාප්තුමන්ට විවේකීයව සිටීමට සිදුවනු ඇතැයි ද වතිකානය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොක්ටර්ලාට ජය වේවා! දෙවිවරු බංගවේවා!