
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවීමට තීරණය කර අැති බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.
මහජන දිනය ලෙස වෙන්කර ඇති සදුදා දිනවල විවිධ අමාත්‍යංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් ඉන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කටයුතුවලට සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එම ලේකම්වරැ සඳහන් කරති.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 අනුව මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිනයේ තමන් හමුවීමට පැමිණෙන මහජනතාවගේ ගැටලු විසඳීමට කාර්යාලයේ රැදී සිටීම අනිවාර්ය කර ඇති අතර කිසිදු නිල රැස්වීමක් නොපැවැත්විය යුතු බවට උපදෙස් ලබා දී ඇති බව සඳහන්වේ. ඒ අනුව අදාළ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් හෙට දිනයේ සිට මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති ආර්.සෙන්තිල් මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරනම් මහජන දිනය පැවැත්වුණේ බදාදා දිනවල.. මම හිතන්නේ සෙනසුරාදා ඉරිදා සති අන්ත නිවඩු දිනවල දුරබැහැර පදිංචි නිළධාරින් සදුදා උදේ කාර්යාලයට එන්නේ... ඉතින් සදුදා රැස්වීම් පැවැත්වීම සැමටම අපහසුවක් වෙනවනේ බදාදාට තමයි මහජන දිනය වඩාත්ම සුදුසු වෙන්නේ ප්‍රාදේශීය ලේකම්ලා ගත් තීරණය නිවැරැදියි කියන්න පුළුවන්..
හැමදාම මිටින් නිසා මහජන ගැටළු පැහැදිලිව දකින්න අවස්ථාවක්, වෙලාවක් නෑ කියලා තිබුණු බාධකයේ ඉවත්වීම...
සහතික ඇත්ත, දේශපාලකයින්ගේ කිසිම සැලසුම් කරණයක් නෑ, ඔවුන්ට හිතෙන හිතෙන වෙලාවට හැම දෙයක්ම, අලුත් ආණ්ඩුවේ කියලා වෙනසක් නෑ.