
(කේ. බුද්ධික කුමාරසිරි)
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක්ද සම්බන්ධ ගිනි අවියක් සැකකරු සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාල ගිනි අවිය හමුවී ඇති බවද පොලිසිය පවසයි.
එම ගිනි අවිය පිළිබඳව ලද තොරතුරක් මත මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
කවුද බොල මේ ලුවිස්?
අපේ රටේ ප්‍රසිද්ධ අය මොනා හරි වරදක් අපරාධයක් කලාම එයාලගේ නම සඳහන් කරන්නේ නෑ. නමුත් වෙනත් කෙනෙක් නම් එයාගේ නම ගම වයස රැකියා තොරතුරු ආදී සියල්ලම පල කරනවා. මේක මාධ්‍ය සදාචාරයද?
ජාත්‍යන්තර රැප් ගයකයොත් ජනප්‍රිය වෙන්න මෙවැනි නීති විරෝධී වැඩ කරනවා , ලංකාවේ පුද්ගලයොත් මෙම ක්‍රියාදාමය අනුගමනය කරනවද ?
රැප් කියන්නෙත් ගොඩක් වෙලාවට අපරාධ වගේ දේවල් ලොකු කරල පෙන්නන දෙයක්නෙ.
මට පේන්නෙ වැඩියෙන් ගැලපෙන්නෙ ශාන්... පුතා කියන නම.
මම මම..