
(විමුක්ති එස්. රුද්රිගු)
ප්රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඉරාන නාවිකයන් 40 දෙනා ප්රතිකාර ලබදීමෙන් පසුව නැවතත් ඉරානයට පිටත් කර යැවූ තව විදේශ කටයුතු අමාත්යාංශය ප්රකාශ කළේය.
ඉරාන වරායන් වෙත යාත්රා කරන නෞකාවලට ඇමෙරිකානු නාවික හමුදාව පනවා ඇති බාධකය හේතුවෙන් මෙරට සුවිශේෂී ආර්ථික කලාපයට එපිටින් නැංගුරම් ලා තිබෙන ඉරාන ඉන්ධන ප්රවාහන නෞකාවල සේවය කරන ඉරාන නාවිකයන් අවම වශයෙන් 40 දෙනකු හදිසි වෛද්ය ප්රතිකාර ලබාගැනීම සඳහා ගාල්ල වරාය ඔස්සේ ශ්රී ලංකාවට රැගෙනවිත් ඇතැයි විදෙස් මාධ්ය මීට පෙර වාර්තා කර තිබිණි.
ශ්රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපයට එපිටින් ඉරාන නෞකා 19ක් පමණ සිරවී තිබෙන බව එහිදී සඳහන් වූවේය.
ඉරාන නාවිකයන් මෙරටට රැගෙන ඒමේ කටයුතු ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශයේ සම්බන්ධීකරණය යටතේ සිදුකර ඇති අතර, ඒ සඳහා වැය වූ මුදල් ශ්රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය විසින් දරා ඇති බවද එම මාධ්ය වාර්තාවල සඳහන් වේ.
පසුගියදා මෙම ඉරාන නාවිකයන් ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බවත්, ඔවුන් හදිසි වෛද්ය ප්රතිකාර අවශ්ය වූ පිරිසක් බවත් විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්ය කළ විමසීමකදී ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශයේ ප්රකාශක තුෂාර රොද්රිගෝ මහතා ප්රකාශ කර ඇත්තේ ඉරාන නාවිකයන් ගොඩබිමට රැගෙන ඒම සම්බන්ධීකරණය කරමින් ශ්රී ලංකාව සිය මානුෂීය වගකීම් ඉටු කළ බවයි.
එම මෙහෙයුමට අදාළ වියදම් ඉරාන තානාපති කාර්යාලය විසින් දරනු ලැබූ බවද ඔහු තහවුරු කර ඇත.
කෙසේ නමුත් සිරවී තිබෙන ඉන්ධන නෞකාවල ඉන්ධන තොග නොමැති බවද එම මාධ්ය වාර්තාවල සඳහන් විණි.
ඇමෙරිකානු සම්බාධක සහ නාවික අවහිර කිරීම් හේතුවෙන් ඉරාන තෙල් ප්රවාහන නෞකා ඇතුළු වෙළෙඳ නෞකා රැසකට සිය මව් රටේ වරාය වෙත ආපසු යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි එම වාර්තා පෙන්වා දුන්නෙය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවත් රටවල් අතර බිහිසුණු යුද්ධයක් පවතින අවස්ථාවක අප වගේ ණයබර මත ජීවත් වෙන රටක් ඉතා පරිස්සමින් කටයුතු කළ යුතුයි. ඊයේ හසු වූ කුඩු තොගය ලබා දී තිබුනොත් ඉරාන නැවකින් බවයි ප්රවෘත්තිවලදී කියවුනේ. මීට පෙරත් ඉරාන නැව්වලින් කුඩු ගෙනවිත් තිබුණා. ඒ කෙසේ වෙතත් ඇමරිකාව හා ඉරානය අතර පවතින යුදමය වාතාවරණයට කිසිදු ආකාරයකින් ඉන්දියාව සම්බන්ධ වෙන්නේ නෑ. ඒත් අපි ....