
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවය ලද නිලධාරීන් 160 දෙනකුගේ පුරප්පාඩු පැවතියදීත් එම විශේෂඥතාවය ලද වෛද්‍ය නිලධාරීන් අසූ දෙනකු වෛද්‍ය පරිපාලන තනතුරුවලට හිතුමතේ පත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම නිවේදනයක දැක්වේ.
මේ අතර වෛද්‍ය නිලධාරීන්ට රෝග නිවාරණය හා රෝගී සත්කාරක සේවා පිළිබඳ විශේෂඥතාවය ලබා ගැනීම සඳහා රජය වැය කළ මුදල නාස්තිකාර වියදමක් බවට පත්ව තිබුණේ යැයිද ජාතික විගණන කාර්යාලය පවසයි
ප්‍රතිකාර සහ නිවාරණ සේවා පවත්වාගෙන යෑමට විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ හිඟයක් පැවතියදී එම නිලධාරීන් පිරිසක් පරිපාලන තනතුරුවලට පත් කර තිබුණු බවත් වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥතාවය ලබාගෙන සිටින වෛද්‍ය නිලධාරීන් එකසිය දස දෙනෙකු වෛද්‍ය පරිපාලන සේවයට අන්තර් ග්‍රහණය කර නොතිබූ බවත් එම වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් සහ විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන වාර්තාවේය.
2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රජා වෛද්‍ය ලොකු දොස්තරලා 80ක් පිට වැඩට දාලා
swene Tuesday, 04 November 2025 04:57 PM
පරිපාලනය සඳහා වෛද්‍ය වරුම අවශ්‍යද? එම කාර්යයෙන් වැඩි කොටසක් විද්‍යා දැනුම සහිත පරිපාලන නිලධාරින්ගෙන් පිරවීමට නොහැකිද? වෛද්‍යවරුන්ගේ කාලය රෝගී ප්‍රතිකාර සඳහා ප්‍රමුඛ විය යුතු නැද්ද? එසේ කළහොත් රෝගී ප්‍රතිකාර ශක්තිමත් වෙනවා නොවේද? පරිපාලනයේ යෙදෙන වෛද්‍යවරු රෝගී ප්‍රතිකාරවල නොයෙදෙන්නේ නම් DAT දීමනාව ලබාදීම කොතරම් යුක්ති සහගතද?
S.D.U.M.Ranga Tuesday, 04 November 2025 05:38 PM
වෙෙද්‍යවරු පරිපාලනය කරන සෞඛ්‍ය පද්ධතිය ලෝකයේ ඇති උසස් සෞඛ්‍ය පද්ධතියක් ලෙස පවත්වාගෙන යයි. සෞඛ්‍ය දර්ශක මගින් මේ බව පැහැදිලි වේ.. ලංකාවේ වෙෙද්‍යවරු මෙන් අන් පරිපාලකයින්ද කටයුතු කරා නම් රට මේ වනවිට හැම අංශයකින්ම දියුණු වී තිබිය යුතුයි.