IMG-LOGO

පොළොන්නරු මාධ්‍යවේදියාට පොලිස් ප්‍රහාරයක්

අද පුවත්පතේ  පොළොන්නරුව ප්‍රාදේශීය මාධවේදී රොෂාන් තුෂාර මහතාට පොලිසියෙන්  සිදු කළ බව කියන පහරදීමක්  නිසා ඔහු රෝහල්ගත කළ බව පොළොන්නරුව ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

පොලිස් නිල රථයක් මහ මග නවතා තිබියදී ඒ පිළිබඳ විමසීමට යාමේදී   මෙම පහර දීම සිදු කර  ඇති බව කියති. 

 රොෂාන් තුෂාර මහතාට එල්ල වූ පොලිස් ප්‍රහාරය හෙළා දැකීම සදහා රට පුරා විසිරි සිටින මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන විරෝධතාවක් ඉරිචා (13) උදේ නවයට පොළොන්නරුව බස් නැවතුම්පොළ අසලදී පැවැත්වෙන බව පොළොන්නරුව ජන මාධ්‍යවේදීන්ගේ සංගමය සහ සමස්ථ ලංකා මාධ්‍යවේදීන්ගේ එකමුතුව පවසයි.

14993384_10207917022592552_6807837038894830129_n



අදහස් (0)

පොළොන්නරු මාධ්‍යවේදියාට පොලිස් ප්‍රහාරයක්

කිත්සිරි Saturday, 12 November 2016 11:21 AM

මාධ්‍යවේදීන්ට පහරදීම වැරදියි. අපි මෙය හෙළා දකිනවා (නි)

:       0       0

දසුන් Saturday, 12 November 2016 11:32 PM

ජනපතිතුමනි, ආබාධිත රණවිරුවන්ට ගහපු පොලිසිය දැන් ඔබගේ ගමේ මාධ්‍යවේදීන්ටත් ගහනවා. ඔබතුමාම නිර්දේශ කරපු පොලිස්පතිවරයෙක් නේද දැන් ඉන්නේ. අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලනවාද. අනේ මන්දා. (නි)

:       0       0

සත්‍යයා Sunday, 13 November 2016 12:10 AM

රටේ ප්‍රභලයෙක් මෑතකදී අවස්ථා දෙකකදී මාධ්‍යවේදීන් හෙළාදකිමින් කළ කතාවල ඍජු ප්‍රතිඵල තමා ඕවා. පාලකයා (හිටපු එක්කෙනා වගේ) කරන්නේ එක්කෝ මාධ්‍යවේදියා මිළදී ගන්න උත්සාහ කිරීම නැත්නම් උස්සන්න කොන්ත්‍රාත් දෙන එක. මාධ්‍යවේදීන්ගෙන් රටට වන සේවය අගය කරන්න බැරි පාලකයෝ බිහිවීමත් රටක පිරිහීමේ ලක්ෂණයක්. (නි)

:       0       0

සංජීව රාජපක්ෂ Sunday, 13 November 2016 03:01 AM

මේකට ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගයක් ගනිවි. ඒත් ටිකක් කල් යයි. එතුමා මේක පත්තරෙන් දකින්නත් එපායැ (නි)

:       0       0

ස්ටැන්ලි Sunday, 13 November 2016 04:58 AM

ඔව් ඔව් සංජීව. මේක පත්තරේ ගිය නිසා මොනවාමහරි කරයි. අඩුගානේ කොහෙදිහරි මේ ගැන කියයි. (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 13 November 2016 07:04 AM

අහවලා කියයි මම මේ කිසිඑකක් ගැන දන්නේ නැහැ කියල. සාමාන්‍යයෙන් දෙන උත්තරය ඒකනේ. (නි)

:       0       0

තුසිත Sunday, 13 November 2016 01:15 PM

ලංකාවේ වගේ පොලිසියක් නොදියුණු යැයි කියනා අප්‍රිකානු රටකවත් දැකලා නැහැ. ඒ රටවලුත් මිටවඩා ශිෂ්ටසම්පන්නයි. (නි)

:       0       0

දිනේෂා Saturday, 12 November 2016 08:43 AM

ඉස්සර නම් මේවට වගකියන්න ඕනෑ ආණ්ඩුව. දැන්නම් පොලිස් දෙපාර්තමේන්තුව. සාධාරණ සමාජයේ වෙනස (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site