IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පළාත් සභා ඡන්දය කල් දානවාට කොමිසම විරුද්ධයි

(අජන්ත කුමාර අගලකඩ)

සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට අවශ්‍ය බව කියමින් පළාත් සභා මැතිවරණ කල් දැමීමට එකඟවිය නොහැකියැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාද ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත මේ බව නිල නොවන මට්ටමින් පවසා ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීම සඳහා ළඟදී නිල කාලය අවසන් වන උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව යන පළාත් සභා තුනේ මැතිවරණද කල්දැමීමේ යෝජනාවක් මීට පෙර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව තිබිණි.

එහෙත් පළාත් සභා මැතිවරණ කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ද ඉකුත්දා පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී  විරෝධය පළ කර තිබිණි.

ඒ අනුව උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභා තුනේ මැතිවරණ මේ වසරේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.



අදහස් (7)

පළාත් සභා ඡන්දය කල් දානවාට කොමිසම විරුද්ධයි

sachith Wednesday, 16 August 2017 04:35 AM

විශ්වවිද්‍යාල ළමයි, වුර්තිකයෝ ඔක්කොම විරුද්ද උනත් මේ ආණ්ඩුව යසට සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නේ. එහෙවු එකේ මැතිවරණ කොමිසමේ මහින්ද මහත්තය කියන දේ කරොත් තම පුදුම.

:       122       410

wasantha Wednesday, 16 August 2017 05:11 AM

අනිත් පළාත් සබහ ජනාදිපති තුමාට විසුරුවා හැකයි.ඒවා විසුරුවා එකම දිනක මැතිවරණය එකම දිනක පවත්වන.

:       12       214

athula kWednesday, 16 August 2017 06:35 AM

මේ කරන්න හදන්නේ එක නෙමේ. අනිත් පළාත් සබා වල නිල කාලය අවසන් වන තෙක් 2019 දක්වා කල් දමන්න.

:       0       68

ව්‍යවස්ථා-සංසෝදන Wednesday, 16 August 2017 10:18 AM

හදිසි නිසා අදාල නොවන විෂයයන් යටතේ ලියමි. හොරුන්ට නඩු දමන්න නව අධිකරණ පිහිටුවීමට ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැත.

:       296       38

හදිසී Wednesday, 16 August 2017 10:28 AM

එජාප යේ පසුපෙළ මන්ත්‍රීවරුනි, පාරට බැස කියමු. නව අධිකරණ පිහිටුවන ලෙස සහ හොරුනට නඩු දැමීමට ව්‍යවස්ථා සංසෝදන අවශ්‍ය නොවන වග... ව්‍යවස්ථාවේ 105 . 1.a , b , c අනුව කල හැක.

:       254       1

susanthaWednesday, 16 August 2017 02:49 PM

රටටත්, රටේ මිනිස්සුන්ටත් අවශ්‍ය නොවුණාට ආණ්ඩුව ගෙනාපු සහ මෙහෙයවන බටහිර රටවලටත්, කොටි ඩයස්පොරවටත්, NGO අයටත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයිනේ... ඉතින් අපිට එපා වුණාට ඕක ගේනවාමයි. ගෙනත් සම්මත කර ගන්නවාමයි. 2002 කොටින්ට උතුර-නැගෙනහිර ලියලා දුන්නේ සහ ඊට පස්සේ උසාවි, බැංකු, පොලිසි ඔක්කොම හදන්න පහසුකම් සහ මුදලුත් දුන්නේ අපි හා කියලද?

:       0       33

Lapaya Wednesday, 16 August 2017 02:50 PM

ව්‍යවස්ථා සංශෝධන, හදිසී.... මහබැංකු හොරකම ළුෑණු බිකේ හොරකමට නඩු දාන්න කියලද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31401 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13653 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11025 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1042 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site