IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් පත‍්‍රය බදාදා

(විනීතා එම් ගමගේ)

පළාත් පාලන මැතිවරණයට අදාල සභික සංඛ්‍යාව සඳහන් වන ගැසට් පත‍්‍රය ලබන බදාදා (නොවැම්බර් 1)  නිකුත් කරන බව පළාත්  පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා ප‍්‍රකාශ කළේය.

ඊට පෙර අඹගමුව හා නුවරඑළිය ප‍්‍රාදේශිය සභා දෙක ප‍්‍රාදේශිය සභා තුනක් බවට පත් කිරීම පිළිබඳව 31 වැනිදා පැවැත්වෙන කැබිනට් රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන  බව ද ඔහු කීවේය.

කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බදාදා ගැසට් පත‍්‍රය නිකුත් කරන බවත් ජනවාරි මාසය අවසානයේ මැතිවරණය පැවැත්වෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

තමන්ට මැතිවරණ දිනය නියම කළ නොහැකි වුවත් ඒ සඳහා වන පිච් එක සැකසූ  බවත් පිටිය හා බෝලය සූදානම් බැවින් මැතිවරණ කොමසාරිස්වරයාට කැමති අවස්ථාවක තරගය ඇරඹිය හැකි බවත් මුස්තාපා මහතා පැවැසුවේය.



අදහස් (7)

පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් පත‍්‍රය බදාදා

Prase Friday, 27 October 2017 09:52 AM

ඡන්දය පැවැත්වීමට කල් ගතවන්නේ නිසැකවම ඊළඟ පාලනය සිදුවන්නේ ඔහුගේ අධීක්ෂණයෙන් සහ වියදමින් බව කිව හැකිය.

:       0       2

බුද්ධික Friday, 27 October 2017 10:16 AM

නිදහස් පක්ෂයේ ජය නියතද ඇමැතිතුමා?

:       0       14

dias Friday, 27 October 2017 10:26 AM

ඔබතුමාට ජයවේවා!!! පළාත් සභා සියල්ලත් එකම දිනයක තියමු.

:       0       1

Thilina Friday, 27 October 2017 10:27 AM

හෙට ආණ්ඩුවේ උදවියම නඩුවක් දානවා මොකක් හරි කොනක් අල්ලාගෙන.. එතකොට ආපහු ඡන්දය කල් යනවා. කොහොමද ටිකිරි මොලේ.

:       0       250

lusena Friday, 27 October 2017 12:00 PM

ඔය ගැසට් නිවේදනය පලකරනවා කියන ප්‍රකාශය මම මේ පත්තරවලින් දකින්නේ දසවන වතාවටයි. බාලගිරි දෝෂය අනිවාර්යයෙන්ම බදාදාට පසුව බලාගත හැක.

:       0       0

සිංහවංශ Friday, 27 October 2017 12:05 PM

සිංහලයන්ට ලෝකේ බොහෝ වාර්ගිකයින්ට නොමැති අයිතිවාසිකම් රැසක් තිබෙන ජාතියක්. වසර දහස් ගණනක් ඈතට දිවෙන අවිච්ඡින්න ඉතිහාසයක්, වසර දහස් ගානක් පුරා භාවිත වෙන වචන, වාක්‍ය රටා, අක්ෂර ක්‍රමයක් සහිත ජීවමාන භාෂාවක්, නෑ සබදකම් සහිත පවුල් වියමනකින් සැදී අනන්‍ය වූ සමාජ රටාවක්, අන් කිසිදු රටක නැති ආහාර සංස්කෘතියක්, තමන්ගේ නිජභූමිය යයි ආඩම්බරයෙන් කිව හැකි අන් කිසිවෙකුට අභියෝගයට ලක් කල නොහැකි මායිම් සහිත රටක්, තමන්ගේම රාජ්‍ය නායකයෙක් වැනි බොහෝ දේ ලෝකයේ වෙසෙන අන් ජාතීන්ට නැත. මා දෙමළ, මුස්ලිම් මිනිසුන් අගය කරන එක කාරණය වන්නේ ඔවුන්ට ඉහත කී දේවල් නැතත් ඒ දේවල් අනුන්ගෙන් උදුරා අයත් කරගැනීමට හෝ ඔවුන්ගේ ජාතියට හිතැති වීමයි. අපේ සිංහලයෝ තමන්ට තිබෙන දේ අගය නොදැන එය අනුන්ට උදුරා ගැනීමට උදවු කරති. සිංහල ජාතියට හිතැති සිංහලයන් කී දෙනෙක් මේ රටේ ඉන්නවද කියා මේ ඡන්දයෙන් දැනගත හැකියි.

:       0       1

Rohana Saturday, 28 October 2017 03:44 AM

පළාත් පාලන මැතිවරණය කියන්නේ පළාත් පාලන වල තිබෙන දේපොළ මංකොල්ල කන පිරිසක් තෝරාගන්න එකයි. ඒ අයට බලපත් දෙනවා වසර ගණනකට කන්න. ඕනෑම නම් අඩුවෙන්ම කන කෙනාට ජන්දය දෙන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site