IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පළාත් පාලන ආයතන 248 කට නාම යෝජනා කැඳවයි

 

(රංජන් කස්තුරි)

පළාත් පාලන ආයතන 248 ක මැතිවරණය පැවැත්වීම සඳහා වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය මැතිවරණ කොමිසන් සභාව මගින් අද (4) නිකුත් කෙරිණි.

ඒ අනුව මහනගර සභා 17 ක නගර සභා 23 ක ප්රාාදේශීය සභා 208 කට අදාලව මැතිවරණය පැවැත්වීම සඳහා ඒ ඒ තේරීම් බාර නිලධාරීන් විසින් නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කර තිබිණි.

එම පළාත් පාලන ආයතන 248 වෙනුවෙන් මේ මස 18 වැනි දා සිට 21 වැනි දා දහවල් 12 දක්වා නාමයෝජනා බාර ගැනීමට නියමිතය.

මීට ඉහත නාමයෝජනා කැඳවා තිබු පළාත් පාලන ආයතන 93 සඳහා නාමයෝජනා බාරගැනීම මේ මස 11 දිනෙන් ආරම්භ වී  14 වැනි දා දහවල් 12 න් අවසන් වේ.



අදහස් (4)

පළාත් පාලන ආයතන 248 කට නාම යෝජනා කැඳවයි

Asi Monday, 04 December 2017 09:59 AM

මේ කෙනා කලාකරුවෙක්ද? ගුරුවරයෙක්ද?මේසන් බාස් කෙනෙක්ද? යන වග නෙවේ.. වැදගත් වන්නේ යහපත්, ගුණවත් පුද්ගලයෙක් හා පොදු ජනතාවගේ නායකයෙක් වියයුතුයි. යහපත්, ගුණවත් පුද්ගලයන්ටයි අවස්ථාව දියයුතු වන්නේ. ජනතා හදවත් හඳුනා ගත්තෙකු වියයුතුයි.

:       19       98

saliTuesday, 05 December 2017 02:17 PM

උගත්කම ඕනි නැ. හොර වන්චාවෙන් තොර බුද්ධිමත් කෙනෙක් වියයුතුයි.උගතුනුගේ සහ අන් අයගේ අදහස්වලට ගරැකරන නිවැරදි තිරණ ගතහැකි නම්‍යශිලි පුද්ගලයෙක් වියයුතුයි.

:       0       8

රජින්ද Monday, 04 December 2017 10:09 AM

රටේ ප්‍රජාතන්ත්‍රවාදය මත යහපාලනයේ හෙළුව හොඳින්ම දර්පනය වන නිසා යහපාලුවන්ගේ සියලු වණ කැළැල් ජනතාව හොඳින්ම දකින ලදී. ජනතා මතය වෙනස් කිරීමට හෝ ජනතාව අසහනේ හෙලා තමන්ගේ ගොඩ වැඩිකිරීමට වත්මන් යහපාලකවරු උත්සාහ කරයි. එහෙයින් මොවුන්ට හිමි අතීතයේ ආසනය ජනතාව විසින්ම ඔවුන්ට නැවත පැනවිය යුතුය. ජනතාව විසින් මොවුන්ව කොන් නොකරන්නේ නම්, වෙන කවුරු එසේ කරාවිද?

:       211       92

Muha Monday, 04 December 2017 10:49 AM

මෙම අවස්ථාවේදී පක්ෂ නායකයන්ට ලොකු වගකීමක් තියෙනවා. හොඳ යහපත් මිනිසුන් ඡන්දයට ඉදිරිපත් කිරීමට වගබලා ගන්න. ජනතාවද නුසුදුසු පුද්ගලයින්ට ඡන්දය දීම සුදුසු නැහැ. කුඩු කාරයින්ට, හොරුන්ට ඡන්දය දිය යුතු නැහැ. හොරුන්ට ඡන්දය දීල පස්සේ පළාත් පාලන නියෝජිතයෝ හොරු කියලා මෝඩයෝ වගේ දඟලලා පලක් නැහැ.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site