IMG-LOGO

‘පළිගැනීමට ලක්වූවන්ට සාධාරණයක් කරනවා‘

පසුගිය රජය  සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ට කඩිනමින් සහන ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එම වකවානුවේ දී දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ පැමිණිලි 31,000 පමණ තම අමාත්‍යාංශයට ලැබී ඇති බව කී අමාත්‍යවරයා එයින් 23,000කට අදාළ විමර්ශන අවසන් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකිරීමෙන් පසු අදාළ පැමිණිලිකරුවන්ගේ පෞද්ගලික ලිපි ගොණු පරීක්ෂා කර බලා නිසි පියවර ගන්නා ලෙස නිර්දේශ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය රජය සමයේ අසාධාරණයට ලක්වූවන් පිළිබඳ සොයා බලා සහන ලබාදීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති දේශපාලන පළිගැනීම් කමිටුව ඔස්සේ මෙම විමර්ශන සිදුකර ඇති අතර එම කටයුතු සඳහා සෑම අමාත්‍යාංශයකම අතිරේක ලේකම්වරයකු වෙත පැවරූ නමුත් ඇතැම් අමාත්‍යාංශයන්හි එම කටයුතු සාර්ථකව සිදුවී නැතැයි ද ඇමතිවරයා කීවේය.

 



අදහස් (0)

‘පළිගැනීමට ලක්වූවන්ට සාධාරණයක් කරනවා‘

තිස්ස Wednesday, 16 November 2016 07:28 AM

ඉසුරන්දි හරියටම හරි (නි)

:       0       0

මිනිපෙ Tuesday, 15 November 2016 04:40 PM

ඊළගට පලිගැනීම සදාරණය කරන්න. (අ)

:       0       0

සත්‍යයා Tuesday, 15 November 2016 11:29 PM

"කඩිනමින්" කියන වචනය ශ්‍රී ලංකා දේශපාලනය තුළ දැන් අරුත්සුන් යෙදීමක් වෙලා (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 15 November 2016 07:45 AM

දේශපාලන පලිගැනීම් වලට ලක්වෙන්නේ අත යටින් පත්වීම් ලබපු අයනේ.ඔතන උගත් නුගත් දෙවර්ගයම ඉන්න පුළුවන් දේශපාලකයට කඩේ යන..නිසි ක්‍රමවේදයකට රැකියා ලබාදෙනවනම් මේ මොකුත් නැහැනේ.(ම)

:       0       0

අමාලි Tuesday, 15 November 2016 09:17 AM

අනේ මන්ද මුළු රටම දැන් පලිගැනීමට ලක්වෙලා තියෙන්නේ. (ම)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 16 November 2016 03:36 AM

මම දන්නා ගුරු මහත්මියක් ගෙදර සිට අල්ලපු ගමේ පාසලට ගොස් රජය මාරු වුනාම දේශපාලන පලිගැනීම් කොමිටුවට ලියලා තිබුනා (හේ)

:       0       0

හෆාල් Tuesday, 15 November 2016 09:54 AM

එතකොට ඇමතිතුමා, දැනට පලීගනීමට ලක්වෙලා ඉන්න බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාට මොනවාද වෙන්නේ? එතුමා විතරයි කිසිම තනතුරක් නොමෙතිව (ඇමතිකම හෝ නියෝජ්‍ය ඇමතිකම්) දිස්ත්‍රික්කයේ පළවෙනියාවුණේ. එතුමාට හැකියාව තියනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site