පහේ ශිෂ්‍යත්වය ප‍්‍රශ්නපත‍්‍රය කලින් පිටවී යැයි පහේ සිසුන් හවුල් කරගෙන උද්ඝෝෂණ කිරීමට නොහැකිවන සේ ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය වාරණයක් නිකුත් කළාය. රහස් පොලිසිය කළ ඉල්ලීමක් අනුව නොතීසි පිට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද උසාවියේ පෙනී සිටියේය. ප‍්‍රශ්නපත‍්‍ර පිටවූ බවට තොරතුරු දුන් අය පිළිබඳ විස්තර ඔහු නොදුන් බව රහස් පොලිසිය කීවේය. තොරතුරු දුන් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කීවාය. ඔහු දන්නා තවත් දෙයක් ඇත්නම් හය වැනිදා අධිකරණයට දන්වන ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. ලංකා ගුරු සේවා සංගමයට වෙනම වාරණයක් නිකුත් කළේ නැත. 2002 වසරේ සිට ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන මහින්ද ජයසිංහ මහතා 1992 වසරේ ඉංග්‍රීසි උප ගුරුවරයකු වශයෙන් ගුරු සේවයට එක්වී ඇති බව ද, 2009 වසරේ දී චෝදනා 12ක් යටතේ විනය පරීක්ෂණයකට යටත්ව සේවයෙන් පහකර ඇති බව ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පහේ සිසුන් සමඟ උද්ඝෝෂණ බෑ
අහිංසා Tuesday, 04 September 2012 03:33 PM
කට්ටිය සේරම එකතුවෙලා දුප්පත් අයට ඇති අයිති වාසිකමක් නැති කරන්න තමයි උත්සාහ කරන්නේ .(ස)
ලුම්බිණි Tuesday, 04 September 2012 03:33 PM
අපේ අධ්‍යාපන බලධාරීන්ට ජය වේවා! .(ස)
ගාල්ලේ සමන් Wednesday, 05 September 2012 05:39 AM
කුඩා දරැවන් උදඝෝෂණ වලට මුලින්ම ගෙනාවේ ජවිපෙයයි. ශිෂ්‍යත්ව හෝ මොනයම්ම විභාගයක හෝ ප්‍රශ්න පත්‍ර කලින් පිටවූවා නම් එය විභාග දෙපාර්තමේන්තුවේ වරදක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. එහෙත් සියලු බලධාරීන් කරන්නේ විභාග දෙපාර්තමේන්තුව නිවැරදි බව රටට කීමයි. 'සුද්ද කිරීමයි.' මෙහෙම ගියාම මේ අය කලින් ප්‍රශ්න පත්‍ර දීම නවත්වන එකක් නැහැ. කෙසේ වුවද පාසැල් සිසුන් උද්ඝෝෂණ වලට කැන්දාගෙන ඒම අයහපත්. උද්ඝෝෂණ කළ යුත්තේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මාපියන්. (නි)
සුමිත් Tuesday, 04 September 2012 03:44 PM
කාට කියන්නද .... ලොක්කා තීන්දුව දීල ඉවරයි...(ස)
ලලිත් - කටාර් Tuesday, 04 September 2012 04:03 PM
කරන්න දෙයක් නැහැ. උරුමය එයාලගේ. කරුමය අපේ. (නි)
ප්‍රභාත් Wednesday, 05 September 2012 06:48 AM
ඒත් ඉතින් ඔය ළමයි මහන්සි වෙන විදියට උද්ඝෝෂණ නොකර බැහැනේ (නි)
ආනන්ද Tuesday, 04 September 2012 04:16 PM
අධ්‍යාපනය හා දරුවන් තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කරන යන එන මං නැතිවූ දේශපාලකයින් හා සම්බන්ධ කුමන පුද්ගලයෙකුට වුවද මෙවැනි තීන්දු ලබා දිය යුතුය. එමෙන්ම පදනමක් නැති හුදු කටකතා පමනක් මත ජනතාව කුපිත කරන්නන්ට ද දඬුවම් දිය යුතුය. අධ්‍යාපනය නංවන මුවාවෙන් ජනතා සුබසාධනය බොරුවට පෙන්වමින් තම අවශ්‍යතා සඳහා සිසු ජීවිත අනාත කරන්නවුනටද අධිකරණය හෝ දඞුවම් දිය යුතුමය. .(ස)
සමන් Tuesday, 04 September 2012 04:19 PM
ඔබත් ඔබගේ ගුරුසංගමයත් සමග අපි සැමදා රැඳී ඉන්නවා. ඔබ ඔහොම ඉන්න. අපි අපේ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් ඔබ ගිය මග යනවා...... ඔබටත් ලංකා ගුරුසේවා සංගමයටත් ජයවේවා........(ස)
අනුර Tuesday, 04 September 2012 04:12 PM
බොරුවට කෑගහනවා ඔක්කොටම තරු විසිවෙන්න ,වෙලාවට ප්‍රථිඵල නිකුත් කරන්න ,මේවා ඔක්කොම කට කතා විතරයි. 5 හේ ළමයින්ට ජය වේවා !!(ස)
දුම්බරසෙනෙවි Tuesday, 04 September 2012 04:56 PM
අධ්‍යාපනය සම්බන්ධ ගැටලු ඇති වෙනකොට ගුරු සංගම් පෙනී සිටින එක වැරදිද..?(නු)
ජනක Tuesday, 04 September 2012 04:56 PM
කොහොම උනත් පොඩි ළමයි එක්ක උත්ඝෝෂණය කරන එක වැරදියි..!!(නු)
සූරි Tuesday, 04 September 2012 05:06 PM
මේ ප්‍රවෘත්තිය මට පිළිගන්න අමාරුයි. (නි)
පුබුදු Tuesday, 04 September 2012 05:27 PM
ගුරුවරුන්ගේ වටිනාකමත් බාල්දු කරනවා ඔය වගේ මෝඩ වැඩ වලින්.ළමයින්ට ආදර්ශයක් දෙන්නෙ ඔහොමද? පොඩි කාලෙම ඕවට පුරුදු කරලා ළමයින්ගෙ අනාගතේ කාලකණ්ණි නොකර ඉන්න. (ස)
මාලන් Tuesday, 04 September 2012 06:06 PM
ළඟදී අර දරුවෙක් දූෂණය කරන්න මහත්තයට උදව් කරපු ගුරුතුමියත් ඔය කියන ගුරු සංගමේ සාමාජිකාවක්ද? (ස)
රණා Wednesday, 05 September 2012 08:56 AM
ඊළග අවුරුද්දට සුදානම් වෙන්න සිසුනි. ප්‍රශ්න පත්‍රය සතියකට පෙර ඔබ අතට ලැබේවි. (නි)
පරාක්‍රම Tuesday, 04 September 2012 06:34 PM
අධ්‍යාපනය හා දරුවන් තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කරන යන එන මං නැතිවූ දේශපාලකයින් හා සම්බන්ධ කුමන පුද්ගලයෙකුට වුවද මෙවැනි තීන්දු ලබා දිය යුතුය. එමෙන්ම පදනමක් නැති හුදු කටකතා පමනක් මත ජනතාව කුපිත කරන්නන්ට ද දඬුවම් දිය යුතුය. අධ්‍යාපනය නංවන මුවාවෙන් ජනතා සුබසාධනය බොරුවට පෙන්වමින් තම අවශ්‍යතා සඳහා සිසු ජීවිත අනාත කරන්නවුනටද අධිකරණය හෝ දඞුවම් දිය යුතුමය (ස)
රණා Wednesday, 05 September 2012 09:50 AM
අනුර ඔයාගේ දරුවටත් පේපර් එක කලින් ලැබුනද ?? නොදන්න දේ නොකියා හිටියනම් නේද හොඳ ?(ස)
අහිංසා Wednesday, 05 September 2012 10:14 AM
සුළු සුළු අත්වැරදීම් නිසා ලොකු ලොකු විනාසයක් අධ්‍යාපනයට සිදුවෙලා තියෙන බව කව්රුත් පිලිගන්නවා ඇතැයි සිතමි . මහාචාර්ය වරුන්ගේ ප්‍රශ්න වලට විසදුම් දුන්නේ නැති උනාට දේශපාලකයන්ගේ පහසුකම් සහ පඩි වැඩිකිරීම් සිදුවේ . සමහර ඇමති වරුන්ට කටේ දත් ගනනට වඩා වැඩියෙන් රජයේ වාහන තිබේ..(ස)
සිසිර Tuesday, 04 September 2012 08:55 PM
දැන් හැම එකකටම වාරණ. අනේ මන්දා? (නි)
ගුණරත්න Tuesday, 04 September 2012 09:04 PM
ජනක නිවැරදියි. අනික ගුරු වෘත්තියෙන් ඉවත් කළහම ගුරු සංගමයක ඉන්නේ කොහොමද? (නි)
වරුණ Tuesday, 04 September 2012 03:26 PM
146 සමරණ පොලිසියට වැඩක් කරගන්න බැරිඋනාම මේක තමා තියෙන විකල්පය..!!(නු)