IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පොහොට්ටුව මහරගමින් හැළෙයි

(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම මහ නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වී ඇතැයි එම පක්ෂ ආරංචි පවසයි.

නිවැරදි කාන්තා නියෝජනය නොමැතිවීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් මෙම නාමයෝජනාවලිය ප්‍රතික්ෂේප වී ඇතැයි කියති.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩිය පදියතලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වී ඇතැයි එම පක්ෂයේ ආරංචි පවසයි. 

බලයලත් නියෝජිතයා හැර වෙනත් අයකු නාම යෝජනා බාරදීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවත් වැලිගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවද එම හේතුව නිසා ප්‍රතික්ෂේප වී ඇති බවත් වාර්තා වේ.

මේ අතර පානදුර හා අගලවත්ත ප්‍රදේශවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුද ප්‍රතික්ෂේප වී ඇත.



අදහස් (20)

පොහොට්ටුව මහරගමින් හැළෙයි

විමලේ Thursday, 14 December 2017 10:24 AM

මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ....

:       126       171

rohan perera Thursday, 14 December 2017 10:29 AM

මුළු රටෙන්ම හැලෙනවා දෙකක් නැහැ............

:       1065       1121

JEEWA Thursday, 14 December 2017 10:35 AM

පොහොට්ටුවට පොඩි හරි අඩුපාඩුවක් තියනවනම් කට්ටිය උඩ පැන පැන එක විස්තර මුලින්ම දාන්නේ , නිදහස් පක්ෂේ අඩු පාඩු පස්සේ දාන්නේ ඇයි ඔය තරම් පොහොට්ටුව්ට බය ?

:       1457       1537

Hemantha Thursday, 14 December 2017 10:40 AM

මුළු රටෙන්ම හැලෙන දවසක් වැඩි ඈතක නැහැ.

:       1325       1239

Thilak Thursday, 14 December 2017 11:05 AM

නාම යෝජනාවත් හරියට දීගන්න බැරිද? එහෙම නැත්නම් බොරුවක් කරාද? පැරදෙන බයට....

:       1       1

kuma Thursday, 14 December 2017 11:22 AM

අපොස සා පෙළ විභාගය ගැන මේ අයට ගාණක්වත් නෑ.. හැම තැනම සද්ද බද්ද. කාලකණ්ණි මිනිසුන්ට ලොකු මේක තමයි. රටට කරන මගුලකුත් නැහැ.

:       0       2

dev Thursday, 14 December 2017 11:23 AM

ද්‍රෝහීන් සතු වුණාට වෙන දේ බලමුකෝ. රකිමු අපේ ලංකා.. රකිමු අපේ ලංකා !!!

:       0       0

පිටිගල මිලානෝ Thursday, 14 December 2017 12:06 PM

ඇරඹුමම කඳුලක් වෙලා...!!!

:       0       2

Nandalal DE SILVA - France Thursday, 14 December 2017 12:16 PM

පිපෙන්නටත් ඉස්සර වෙලාම පොහොට්ටුව පරවෙලා ! සාමාන්‍ය පළාත් පාලන මැතිවරණ නීතිවත් නොදැන "වැඩ පෙන්නන්න" එන මෙවැනි දේශපාලකයන් මේ අවස්ථාවේදීම චුතවී ගිය එක ඡන්ද දායකයන්ගේම වාසනාවක් !!! වැරදිලාවත් මේ හාදයෝ ඡන්දෙන් දිනුවා නම් මොන විදියේ වැඩ කරාවිද කියලා කවුද දන්නේ?

:       0       11

mahinda Thursday, 14 December 2017 12:26 PM

කැහැට්ටන්ගේ පොහොට්ටුව මහරගමින් පමණක් නොව මුලු රටෙන්ම අතුගෑවී යනදිනය ඉතාම ආසන්නයි. සකලවිධ දූෂකයින්ට කිසිදු දිනක බලය නොලැබීම රටේම වාසනාවක්. මහබැංකු හොරුන්ටද රටේ ජනතාව මේ පාඩම ඉගැන්වූවොත් ජනතාව සබුද්ධිකයි යන්න මනාව ඔප්පු වේවි....

:       0       2

dias Thursday, 14 December 2017 12:30 PM

මුළු රටෙන්ම හැලෙන්නේ... එ්ක නවත්වන එක නවත්වන්න බැහැ.

:       0       2

sisira Thursday, 14 December 2017 12:55 PM

මුළු රටෙන්ම හැලෙනවා... වගේ...

:       0       2

Saman Thursday, 14 December 2017 03:24 PM

" පුදන කොටම කාපි යකා " කිව්වලු

:       0       2

Bamunuarachchi Thursday, 14 December 2017 11:51 PM

එක්කෝ අපි ඡන්දය නොදී ඉන්නවා. නැතිනම් ජවිප ය ට දෙනවා. එජාපය මේ ආත්මේ දෙන්නේ නැත. ශ්‍රී.ල.නි.ප අපට එපා සිරා ඉන්න තුරාවටම...

:       1       1

Bamunuarachchi Friday, 15 December 2017 12:24 AM

පොහොට්ටුව හැලුණොත් අපිත් හැලෙනවා. දැනටමත් රටට වෙලා තිබෙන දේ පේන්නේ නැද්ද? මහින්ද මහතා ගේ පාලන කාලයේ රටේ ආර්ථිකය කඩා වැටුණා කියන කතාවක් තිබුනේ නැත. දෙමළුන් ඊලම ඉල්ලුවේ නැත. ඡන්දය ගැනීමට මහින්ද මහතාට දූෂණ චෝදනා දැම්මා පමණි. ඒවාද එකක්වත් තවම ඔප්පුකර නැත. රනිල්, සිරිසේන පාලන කාලය තුළදීම මහා බැංකු වංචා ඇමතිවරුන්ගේ වංචා, දූෂණ, පාලු ගොඩනැගිලිවලට කෝටි ගණන් කුලී ගෙවීම් දෙමළුන් රටෙන් කෑල්ලක් ඉල්ලීම, අප විසින් ගොඩනගපු දේ පිටරැටියන්ට විකිණීම දැක දැක මේ අයට ඡන්දය දෙන ගොබ්බයෙක් වීමට මට නම් බැරිය.

:       1       0

BamunuarachchI Friday, 15 December 2017 01:00 AM

මහින්ද මහතාගේ රජයට දූෂණ සහ ණය චෝදනා පැමිණියේ 30 අවුරුදු යුද්දයක් ජයගෙන අවසාන කිරීම, අදිවේගී මාර්ගයක් ඉඳිකිරීම, මත්තල ගුවන් තොටුපලක් ඉඳිකිරීම, හම්බතොට වරායක් ඉඳිකිරීම, රටේම පාරවල්කාපට් කරදීම්, නොරෝච්චිකොලේ විදුලි උත්පාදනය කිරීම වැනි මහා ව්‍යාපෘති අවසාන වීමන් පසුවය. මොන ලොකේද හලෝ මෙවන් ව්‍යාපෘති දූෂණ නැතිව අවසන් වන්නේ? තමන්ගේම නිවස හැදුවත් බාස් සිමෙන්න්ති කොට්ට කීපයකින් හෝ වැලිවලින් කොමිස් ගහනවාමය. නමුත් මේ ආණ්ඩුව පත්වී මේ අවුරුදු 3 ට කරපු කිසිම සං වර්ධනයක් නැත නමුත් ඇමතිවරුන් විසිවී යන්නට තරම් දූෂණ සිදුවිය උහුලා ගන්න බැරිතරමට බදු බර වැඩිවිය මැති ඇමතියන්ගේ දීමනා වැඩිකර ගත්තේය. රටේ ආර්ථිකය අමාරුයි කියකියා වාහන ගෙවීමට ඇස්තමේන්තු දැම්මේය. දෙමල්ලු කිසිම බයක් නැතිව ඊලම ඉල්ලන තැනට රට ඇද දැම්මේය. එත් මේ ආණ්ඩුව හොඳයි කියන අය ද සිටිති.

:       0       0

මොහමඩ් නජිබ් අබ්දුල් කාදර් Friday, 15 December 2017 04:17 AM

ඉල්ලුම් පත්තරයක් පුරුවන්න බරි අයට ගම බාර දෙන්න එපා...........

:       0       2

janahinta Friday, 15 December 2017 05:36 AM

මේ වැඩෙන් වෙන්නේ අපේ වටිනා ඡන්දදායකයින්ගේ ඡන්ද ටික අපතේ ගිහින් බලාපොරොත්තු කඩවන එක නේද? මේවට වගකියන්න ඕන කවුද?

:       0       0

Sathyayaa Sunday, 17 December 2017 11:21 PM

දැන් හැලෙන්න තියෙන්නේ ලොම් තමා.

:       0       1

Sathyayaa Sunday, 17 December 2017 11:30 PM

මේ තත්වය විහිළුවට ගත යුතු දෙයක් නොවේ. මහරගම ගත විට කාන්ති කොඩිකාර නගරාධිපති ලෙස වසර ගණනාවක් සේවය කර තිබියදීත් කාන්තා නියෝජනය ගැන ඇයට හිතන්න අමතක උනා නම් ඇගේ ස්වාමි පුරුෂයා වන හිටපු ජනාධිපතිගේ අග්‍ර පුරෝහිතයෙක් වන උපාලි කොඩිකාරටවත් ඒ ගැන මතක්කර දෙන්න තිබුනා. දැන් ජනතාව ප්‍රශ්න කරන්නේ ඉටිමල් පොහොට්ටුව නිර්මාණය කළ මහා ආචාරියාගේ මොළය මේ වෙලාවේ අක්‍රීය තත්වයේ තිබුනාද කියා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site