IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පස් කන්ටේනර් අස්සේ රන් පිටරට යවන ජාවාරමක් හෙළිවේ

(ශිරාන් රණසිංහ)

රුපියල් කෝටි ගණන් වටිනා  රන් කැබලි මිශ්‍ර පස් පිටරට පැටවීමේ මහා පරිමාණ ජවාරමක් හෙළිකර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ.

පසු ගිය වසරේ ජුනි මසයේ දී රේගුව විසින් රඳවාගෙන තිබූ පස් කන්ටේනර් 64කින් ලබාගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් පසුව මෙම ජවාරම අනාවරණය කරගෙන ඇත.

නීති විරෝධී ලෙස රන්කැබලි මිශ්‍ර පස් පිටරට යැවීමේ චෝදනාව මත එම කන්ටේනර් වලට රුපියල් ලක්ෂ 50ක දඬ මුදලක් නියම කර එම අපනයනය කිරීම  තහනම් කිරීමට රේගුවේ හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පියවර ගෙන ඇත.

එම සිද්ධියෙන් පසුව තවත් එවැනිම පස් කන්ටේනර් 15ක් රේගුව විසින් නවත්වාගෙන ඇත්තේ ඉහත ජවාරම හෙළි වූ පසුවය.

තමිල්නාඩුවේ ප්‍රබල දේශපාලඥයකුගේ ඥාතීයෙක් යැයි කියන ව්‍යාපාරිකයෙක් මෙරටට පැමිණි මෙම කන්ටේනර් 15 ගෙන යෑමට උත්සහ ගෙන ඇත.

මේ අතර මෙම ජාවාරම හෙළි කර ගැනීමට මුල් වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර රේගු අඥා පනතට අනුව පැවරී ඇති බලතල වලට අනුව මෙම රන් කැබලි අඩංගු කන්ටේනර් 15 නිදහස් කර ගන්නා බවට රේගුව පියවර ගන්නා බවට පතල් හා කැනීම් කාර්යංශයට වාර්තා වී ඇත.  ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කාර්යංශයේ ප්‍රධානීන් මේ පිළිබඳව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වලට මේ පිළිබඳව දැනුම් දී  අදාළ කන්ටේනර් 64 නිදහස් කිරීම නවතා ඇත.

සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරේ.



අදහස් (5)

පස් කන්ටේනර් අස්සේ රන් පිටරට යවන ජාවාරමක් හෙළිවේ

de silva Friday, 03 August 2018 10:01 PM

අපි පස් කියුබ් එකක දෙකක ගෙපලක් ගොඩ කරන්න ගෙනාවත් පර්මිට් ඕනේ... එම නිසා පස් මිල කියුබ් එකට රුපියල් 3000-4000 වෙනවා. තත්වය එහෙම තියාගෙන පස් කන්ටේනර් ගණන් රට පටවනවා... මේකද යහපාලනේ...

:       29       144

abaran Saturday, 04 August 2018 02:04 AM

රේගුවේ රස්සාවක් හොයාගන්ට පුලුවන්ද දන්නේ නැහැ...රේගුවේ මහත්තුරු ගන්නා සොච්චම් පඩියෙන් ඒ ගොල්ලෝ රත්තරන් වලින් ගෙවල් හදල තියෙන්නේ....

:       235       280

sena Saturday, 04 August 2018 04:49 AM

අපේ රටේ දේශපාලකයෝ අපේ සම්පත් සූරාකනවා මදිවට අල්ලපු රටේ දේශපාලකයෝත් අපේ සම්පත් සූරාකනවා...

:       0       32

nihal Saturday, 04 August 2018 05:31 AM

අවුලක් නැහැ පස් වැලි ප්‍රවාහනය කරන අයට සහන සලසනවා කියලා ප්‍රවෘත්තියක් තිබුණා.

:       11       3

ඇත්ත සත්‍යපාල Saturday, 04 August 2018 09:33 AM

රත්තරන් විතරද හොරට රට යන්න..? යන්නකෝ වැල්ලවත්තට, හෙට්ටිවිදියට, කොටුවට. ගිහින් කියන්න අහවල් රටට සල්ලි මෙච්චරක් යවන්න ඕනේ කියලා. කිසිම රිසිට් පතක් දෙන්නේ නෑ. හැබැයි සල්ලි අරන් දවස් 3 න් පිටරට ගිණුමට සල්ලි ලැබෙනවා. මේ විදිහට රටේ සල්ලි යවන්න කිසිම දැන හැඳුනුම්කමක් අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙකුට කරලා දෙනවා. ඒ තරම් ප්‍රසිද්ධියේ මේවා කරද්දී කවුද අල්ලන්නේ? මහබැංකුව පොලීසිය මේවා නොදන්නවා කියලා හිතන්නවත් එපා. මේවා සියල්ල මහබැංකුවේ අනුමත විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථාන... මේ ජාවාරම වෙන්නේ දැන් අවුරුදු 10-15 ක සිට. ජාතිවාදය කතා කරනවා නොවෙයි. නමුත් කුඩු ජාවාරමට අසුවෙලා ඉන්න වැඩි දෙනෙක් සුළු ජාතින්. විදෙස් මුදල්, රත්තරන්, කලවම් තේකොල ජාවාරම් සියල්ල වැඩියෙන්ම කරන්නේ සුළු ජාතික ජාවාරම්කරුවන්. හේතුව පාකිස්ථානය, ඉන්දියාව වැනි විදේශ සමග ඔවුන්ගේ ඇති සබඳකම්.

:       1       770

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31552 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13909 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 160 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1082 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site