
(අංජුල මහික වීරරත්න)
එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙරට වගා කරන පළතුරු හා එළවළු වල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නිර්දේශිත ක්‍රම භාවිතා නොකිරීම හේතුවෙන් එම වගා පසු අස්වනු හානිය සියයට 40ක් තරම් ඉහළ මට්ටමක පැවැති බව පසු අස්වනු තාක්ෂණික ආයතනය සඳහන් කළේය.
නමුත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගන්නා ලද විවිධ තීරණ හේතුවෙන් අස්වනු හානිය අවම වී ඇතැයි එම තාක්ෂණික ආයතනය පවසයි.
ඒ අනුව බෝංචි පසු අස්වනු හානිය සියයට 40 සිට 23දක්වාත්, බණ්ඩක්කා සියයට 40 සිට සියයට 28, වම්බටු සියයට 30 සිට 20, ගෝවා සියයට 43 සිට 20, කැරට් සියයට 30 සිට 22, මාළු මිරිස් සියයට 40 සිට 25, මෑකරල් සියයට 40 සිට 20, අමු මිරිස් සියයට 40 සිට 19, කරවිළ සියයට 25 සිට 24, තක්කාලි සියයට 29 සිට 15 දක්වාත් පහළ ගොස් තිබේ.
පලතුරු අතරින් වැඩිම පසු අස්වනු නාස්තිය සිදුව ඇත්තේ ගස්ලබු හා පේරවලය. ඒ අනුව ගස්ලබු පසු අස්වනු හානිය සියයට 46 සිට සියයට 19 දක්වාත්, පේර සියයට 40 සිට 20 දක්වාත් අවම වී ඇත.
අස්වනු නෙලීමේ නව තාක්ෂණික ක්‍රම භාවිතය මෙන්ම ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ යොදා ගැනීම හා ඇසුරුම් කිරීමේ දී හානි අවම වන අන්දමින් කටයුතු යෙදීම නිසා පසු අස්වනු හානි අවම වී තිබේ.
2025 නොවැම්බර් මස 17
28
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පසු අස්වනු හානිය සියයට 25කින් පහලට