IMG-LOGO

පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාව අවුල් කරමින් නිලදරුවෝ දෙබිඩි පිළිවෙතක

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ තරග මේ මස 5 වැනි සිට 10 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට තීරණය කිරීමෙන් පාසල් රැුසක් දැඩි අපහසුතාවට පත්වී ඇතැයි වාර්තාවේ. මෙම කි‍්‍රයාදාමය මගින් ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් තමන් විසින්ම පවසන ලද දේට පටහැණිව කටයුතු කරන බවටත් පාසල් කි‍්‍රකට් නියෝජිතයේ චෝදනා කරති.
පළාත් තරග හිටි හැටියේම අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කිරීමෙන් වයස 19 න් පහළ ක‍්‍රිකට් තරග කාල සටහන වෙනස් කිරීමට සිදුවීමෙන් තමන් දැඩි පහසුතාවට පත්ව සිටින බව පාසල් කීපයක නිලධාරීහු ‘ලංකාදීප’යට පැවසීය.
පාසල් ක‍්‍රිකට් පිළිබඳව පසුගිය වසරේ පැවැති සාකච්ඡුාවකදී ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් ඉහළ නිලධාරීන් ක‍්‍රිකට් පුහුණුවන්ගේ යෝජනා ඉවත දමමින් පුහුණුකරුවන්ට දොස් පවරමින් තරග සංඛ්‍යාව අඩු කිරීමට ද තීරණය කළ බව ද වාර්තා විය.  
උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පුහුණුකරුවකු පැවැසුවේ ජාතික තේරීම් කමිටු නිලධාරියකු එම සාකච්ඡුාවේදී පාසල් ක‍්‍රිකට් කඩාවැටී ඇති බවත් ක‍්‍රීඩකයන්ට විවේකය අවශ්‍ය බවත් මහ හඩින් පැවසූවත් මෙවැනි අවස්ථාවලදී නිහඩ වී ඇති බවයි.
මෙම තත්ත්වය පිළිබඳව පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉල්ලීම අනුව පළාත් තරගාවලිය සඳහා පහසුකම් සැළසූ බවත් ඒ හේතුවෙන් 19 න් පහළ තරගාවලිය මාර්තු මස 5 වැනිදා දක්වා දීර්ඝ කළ බවත්ය.
”ඇතැම් ජාතික මට්ටමේ නිලධාරීන් පාසල් ක‍්‍රිකට් පිළිබඳව කිසිදෙයක් දන්නේ නෑ, විදේශ සංචාර යෑමේ අදහසින් පාසල් ක‍්‍රිකට්වලට අත දමා, දුර්වල වූ විට ඒවා පාසල් සංගමය පිට පටවනවා” යැයි පාසල් ක‍්‍රිකට් සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 



අදහස් (0)

පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාව අවුල් කරමින් නිලදරුවෝ දෙබිඩි පිළිවෙතක

වරුණ Tuesday, 08 January 2013 12:37 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site