IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


පස්පොඩ්ඩා ගිනි අවි සමඟ අත්අඩංගුවට

තිලකරත්න දිසානායක

පසුගිය කාලයේ ගම්පහ ප්‍රදේශයේ සිදුවු අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පස් පොඩ්ඩා නමැත්තා ගිනි අවි තුනක් සමග ගම්පහ පොලීසිය මගින් අත් අඩංගූවට ගෙන ඇත.

 ගම්පහ පොලීසිය   අද (3) සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී උඩුගම්පොළ නැදගමුව ප්‍රදේශයෙහි නිවාස පහක් පරීක්ෂාවට ලක් කොට ඇති අතර මෙහිදී පස් පොඩ්ඩා නමැත්තාගේ නිවසෙහි සඟවා තිබී ටී - 56 ගිනි අවියක් සමග ඊට යොදන ජීව උණ්ඩ 58 ක් සහ පතරොම් ගැබක්ද,  අමෙරිකාවේ නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් සමග ඊට යොදන උණ්ඩ 8 ක් සහ පතරොම් ගැබක්ද,  මිලි මීටර් 3 දශම 8 ප්‍රමාණයේ රිවෝල්වරයක් සමග ඊට යොදන උණ්ඩ තුනක්ද පොලීසිය සොයා ගෙන තිබේ.

41 හැවිරිදි පස් පොඩ්ඩා නමැත්තා සමග එම නිවසෙහි සිටි බව කියන උඩුගම්පොල සහ නැදගමුව ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 29 සහ අවුරුදු 31 වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකුද පොලිසිය අත් අඩංගූවට ගෙන ඇත.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුසසැල්ල මහතාගේ උපදෙස් මත පොලිස් නිල සුනඛයින්ගේද සහාය ඇතිව ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ අද සිදු කොට ඇති මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 44 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ බව පොලිසිය කියයි.



අදහස් (9)

පස්පොඩ්ඩා ගිනි අවි සමඟ අත්අඩංගුවට

Indhika Saturday, 03 March 2018 11:43 AM

සගවා තිබෙන තවත් ආයුධ පෙන්නන්න එක්ක යන්න තියෙන්නේ. නඩු අහ අහ කාලය සහ ධනය වියදම් නොකර.

:       0       2

naradha Saturday, 03 March 2018 12:37 PM

මෙවැනි සමාජයට පිළිලයක් වන අපරාධකරුවන් අල්ලාගෙන යාම සඳහා සුදු වෑන් තිබුණාට කමක් නැහැ.

:       47       288

සතයපාල Saturday, 03 March 2018 03:50 PM

කිසිම ගේමක් නැතිව ගම්පහ පොලීසිය පාතාලයෙක්ව අත්අඩංගුවට ගත්තා කිව්වාම මට පොඩි සැකයක් ඇතිවෙනවා. එස්.ටී.එෆ්.එකෙන් දැන් පාතාලයෝ දඩයම් කරන නිසා යහළු පොලිස් නිලධාරින් එක්ක හොරා පොලිස් සෙල්ලමක් දැම්මද දන්නේ නැහැ... මොකද බොහෝ පාතාල කල්ලි තමන්ට අයිති පොලිස් කොට්ඨාශයේ තියෙන පොලිසිවල නිලධාරින් එක්ක කිට්ටු සබඳකම් පවත්වන බව රටම දන්නා කරුණක්...

:       0       35

Sunil Saturday, 03 March 2018 04:08 PM

කොහොමද අපේ අලුත් ඇමති, අගමැතිතුමාගේ වැඩ? මහින්දටත්, ඒ කාලේ බැරි වුණු දේවලුත් කරනවා.

:       6       2

chandana Saturday, 03 March 2018 04:40 PM

මගේත් ගම උඩුගම්පළ... මේ කව්ද? අර කඳ මහත දේශපාලකයා තමයි මෙයාලව පෝෂණය කළේ...

:       2       24

Appuhami Saturday, 03 March 2018 09:13 PM

මේගොල්ලන්ව ආයුධ පෙන්වන්න අරන් ගියාට කමක් නැහැ

:       1       11

ලුම්බිණි Sunday, 04 March 2018 03:05 AM

අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ උසාවිය. පොලිසිය නොවෙයි.

:       35       43

Lusena Sunday, 04 March 2018 03:12 AM

මොහුව නිදහස් කරගැනීමට උඩුගම්පල රජයට සම්බන්ධ මන්ත්‍රී කෙනෙක් දත කනවා කියල ආරංචි. සති පොළකට මැරයන් සමග පහරදුන්නෙත් මොවුන් දෙදෙනායි

:       1       43

Indra Sunday, 04 March 2018 12:44 PM

චන්දන උඩුගම්පොල වුණාට ලඟදී ගමේ ගිහින් නෑ වගේ. පොඩ්ඩා ඉන්නේ කෙට්ටු උස ආණ්ඩුවට සම්බන්ධ නිල් පාටියේ ආසන සංවිධායක එක්ක...

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 50 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 368 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 494 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 111 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 247 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්
2025 මැයි මස 08 234 0

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1153 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 291 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1328 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site