IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පීසීආර් යන්ත්‍ර නැතිව ජෛව සාම්පල 800ක් බදුලු රෝහලේ ගොඩගැසෙයි

(ප්‍රසන්න පත්මසිරි)

ඌව පළාතේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක පුද්ගලයින්ගෙන් ලබාගත් ජෛව සාම්පල නියදි 800ක් පමණ බදුල්ල මහා රෝහලේ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ ගොඩගැසී ඇතැයි බදුල්ල වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර මහතා පැවසීය.

ඒවා පරීක්ෂා කිරීමට දින තුනක් පමණ ප්‍රමාද වන නිසා බදුල්ල මහ රෝහලට තවත් පී.සී.ආර් යන්ත්‍රයක් අත්‍යවශ්‍ය බව ද ඒ මහතා සඳහන් කළේය.

ඌව ආණ්ඩුකාරවර කාර්යාලයේ අද(09) ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කම්ටු රැස්වීමේදි විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර මහතා එසේ පැවසීය.එහිදි ඒ මහතා මෙසේ ද කීය.

''මේ වන විට බදුල්ල මහා රෝහලේ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ ජෛව සාම්පල් 800ක් පමණ ගොඩගැසී තිබෙනවා. පරීක්ෂණ කරන්න තියෙන්නේ එක යන්ත්‍රයයි.පරීක්ෂණ ප්‍රතිඵල එන්න කල් යද්දී ජනතාව එකතැන ඉන්නේ නෑ. හැම තැනම ඇවිදිනවා.

මේක ඉතාම භයානකයි.රිදීමාලියද්ද ගාමන්ටි එකේ සේවකයින් විශාල පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල තාම දීලා නෑ.

බදුල්ල මහ රෝහලේ තියෙන පී.සී.ආර් යන්ත්‍රයෙන් දිනකට කරන්නේ පරීක්ෂණ 300ක් විතරයි. නමුත් දිනකට ඌව පළාතෙන් ආසාදිතයින්ගේ සමීපතයින්ගේ  ජෛව සාම්පල් 400ක් විතර පරීක්ෂණ කටයුතු සදහා රෝහලට එනවා. මේක ලොකු ප්‍රශ්නයක්. දැනට ගුවන් තොටුපලේ වැඩියෙන් තියෙන පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රයක් අපේ රෝහලට ලබා ගත යුතුයි'' යැයි ශාන්ත ගමගෙදර මහතා පැවසීය.



අදහස් (1)

පීසීආර් යන්ත්‍ර නැතිව ජෛව සාම්පල 800ක් බදුලු රෝහලේ ගොඩගැසෙයි

පිටිගල මිලානෝ Wednesday, 10 February 2021 09:05 AM

නෙළුම් කුළුණ යටට ගිහිල්ලා බාරයක් වෙන්න. එතකොට පීසීආර් එකක් ලැබෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site