IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පීසිආර් ප්‍රතිඵල එන්න කලින් සිරුර ඥාතීන්ට බාර දීලා

(සිරංගිකා ලොකුකරවිට)

කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර සුළු මොහොතකින් මියගිය පුද්ගලයකුගේ සිරුරක් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තා ලැබීමට පෙර, මරණ පරීක්ෂණයක් ද නොපවත්වා ඥාතීන්ට භාර දී  ඇති බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය තැනැත්තාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අද(25) ලැබෙනවිට ඥාතීන් විසින් දේහය මිහිදන් කර තිබිණි.

මියගොස් ඇත්තේ ගාල්ල, මකුළුව, අළුත් පාර පදිංචි අබ්දුල් ජමාල් අස්මිල් නමැති වයස අවුරුදු 56 ක් වූ පුද්ගලයෙකි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් ඇතුළත් කිරීමේ දත්තවලට අනුව මෙම පුද්ගලයා ඊයේ (24) සවස 6.45ට පමණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ ඔහු ඇතුළත් වූ අවස්ථාවේ දී ම කෘතිම හෘද ස්ඵන්දනය පවා ලබාදුන් බවයි. ඇතුළත් කර විනාඩි 20ක් පමණ කාලයක් ඇතුළත මෙම පුද්ගලයා මියගොස් ඇත.

හදිසි ප්‍රතිකාර ඒකකයේ දී ම ඔහුගේ ජෛව සාම්පල ලබාගෙන එය පීසීආර් පරීක්ෂණයකට යවා දේහය ඥාතීන්ට භාර දී තිබේ. වාට්ටුවේ සේවය කරන ලද විශේෂඥ වෛද්‍ය චාමර ජයන්තිස්ස මහතා විසින් මේ පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ නිව්මෝනියාව හා ලේ විසවීම යන කරුණුවලින් බවත් ඔහුට ඇදුම රෝගය තිබූ බවත් සඳහන් කරමින් මරණයට හේතුව සඳහන් ලේඛනයක් ද ඥාතීන් වෙත නිකුත් කර තිබිණි. නමුත් සෞඛ්‍ය නිර්දේශය වන්නේ එවැනි මරණයක් අනිවාර්යයෙන් ම මරණ පරික්ෂණක් සඳහා යොමුකළ යුතු බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ රාජකාරී භාරව සිටි රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ,සී.පී.පෙරේරා මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු මෙසේ කීවේය.
“එවැනි මරණයක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණ අංශයට ඉල්ලීමක් යොමු වී තිබුණේ නැහැ. නමුත් රෝහලට ගෙනැවිත් විනාඩි කිහිපයකින් මියයන පුද්ගලයකුගේ දේහයක් සාමාන්‍යයෙන් හදිසි මරණ පරීක්ෂණයකට යොමුකළ යුතුයි. ඒ වගේම පීසීආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල ලබාගන්න මරණයක් කිසිසේත්ම මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට භාර දෙන්න බැහැ. පීසීආර් වාර්තා පැමිණෙන තුරු දේහය මෘත ශරීරාගාරයේ තබලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මරණ පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුවිය යුතුයි. නමුත් මේ දේහය මරණ පරීක්ෂණයක් සඳහා යොමුකර තිබුණේ නැහැ. මේ ගැන දැනගෙන සොයා බැලූ විට පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාව අද(25) උදෑසන 9.00ට පමණ රසායනාගාරයෙන් නිකුත් කර තිබුණා. ඒ වාර්තාව අනුව මේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැහැ. නමුත් පීසීආර් පරීක්ෂණයක් සිදුකළ මරණයක් අනිවාර්යයෙන් ම අධිකරණ වෛද්‍ය අංශයේ දී මරණ පරීක්ෂණයකට යොමු විය යුතුයි.”

මේ පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයේ දී කාර්යාලයේ ප්‍රකාශකයකු පවසා සිටියේ අධ්‍යක්ෂවරයා කාර්යාලයේ නොමැති බවයි. නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට ඇමතූ විට දුරකථන ඇමතුමට සම්බන්ධ වූ නිලධාරියා විමසා සිටියේ ප්‍රශ්නය කුමක් ද යන්නයි. සිද්ධිය විස්තර කර ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය බව කියා සිටි විට අධ්‍යක්ෂවරියගේ පිළිතුර වූයේ තමන්ට කිසිවක් කිව නොහැකි බවත් අධ්‍යක්ෂවරයාගෙන් විමසන ලෙසත්ය.



අදහස් (3)

පීසිආර් ප්‍රතිඵල එන්න කලින් සිරුර ඥාතීන්ට බාර දීලා

Ruhunu Monday, 25 January 2021 12:30 PM

අනිවාර්යයෙන් පගාවට තමයි මේ දේ කරන්න ඇත්තේ...

:       0       2

fairoos Monday, 25 January 2021 02:19 PM

එක රටක්, එක නීතියක්... මුස්ලිම් අයට වෙනම නීතියක්...

:       0       2

ජයන්ත Monday, 25 January 2021 04:21 PM

මැල්සිරිපුර පසුගිය 21 දින මෙවැනි සිරුරක් කුරුණෑගලින්ම බාර දී තිබුණා. දිනකට පසුව නැවත බොඩි එක අරගෙන ගියා. දෙවන pcr එක පොසිටිව් කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31528 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13870 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site