IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පවිත්‍රාට - කංචනට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලති

(අජිත්ලාල් ශාන්තඋදය )

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් පත් කිරීම සම්බන්‍ධයෙන් වූ දිස්ත‍්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහාය ද ගෙන රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමට පක්‍ෂ නායකත්වයට බලපෑම් කළ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන දෙදෙනා ඇතුලූ පාවාදුන් අයට එරෙහිව වහාම ඉතාම විනිවාදභාවයෙන් පෙනෙන පරීක්‍ෂණයක් පවත්වා පොහොට්ටුව පිරිසිදු කර දෙන මෙන් පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන අයතන මන්ත‍්‍රීවරු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියහ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතරය හිමි රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස එම පක්‍ෂයෙන් නම් කළ නියෝජිතයාට අහිමි කිරීම,  උප නගරාධිපතිධූරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදීමට ක‍්‍රියා කළ පොහොට්ටුවේ සියලූ දෙනාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වා තීන්දුවක් දෙන බවට වූ පොරොන්දු දින වකවානු ගෙවී ගියත් එය සිදු නොවීම සම්බන්ධයෙන් දැනුවත් කිරිමට ඊයේ (29) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

සබරගමු පළාත් සභාවේ හිටපු සමාජ සුබසාධන අමාත්‍ය රංජිත් බණ්ඩාර මහතා රත්නපුර මුද්දුව නිවසේ දී  මෙය පැවැත්විණි.  



අදහස් (10)

පවිත්‍රාට - කංචනට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලති

mahinda Sunday, 29 April 2018 06:35 AM

බොහොම හොඳයි. ඒ වගේම අනිත් සමහර සභාවල වැඩි මන්ත්‍රී ආසන එජාපෙ අරන් තියනකොට පොහොට්ටුව සල්ලි වලට අරගෙන කරපු පත්කිරීම් එහෙමත් හොයලා ජනතාවට කියන්න.

:       1       68

sahan rathnayaka Sunday, 29 April 2018 07:03 AM

මේ ගොල්ලන්ට කිරි කලේට ගොම නොදා ඉන්න බැරි නම් මහින්ද මහත්තයෝ මොනවා හරි කරන්න. ඔබතුමාලා වැඩ කරන්නේ රට වෙනුවෙන් කියලා හිතලා. අපි ලංකාදීපයේ කතා කරනකොට මේ අමන වැඩ දැක්කම අපේ කටවල් මින්පස්සේ ඇරෙන එකක් නැහැ.

:       17       58

කමල්Sunday, 29 April 2018 10:44 AM

තේරෙන්නේ නෑ. කිරි කලේ කිව්වේ මොකක්ද?

:       34       97

sam Sunday, 29 April 2018 07:31 AM

ගම් සභාවේ ඉඳලා පාර්ලිමේන්තුව දක්වාම, බලය ලබාගැනීම සඳහා කරන බලුපොරය නිසා ලංකාවේ දේශපාලනය බල්ලට ගිහින් කියලා කීම නිවැරදියි.

:       0       91

Hafeel Sunday, 29 April 2018 08:07 AM

මෙතන අච්චාරුවක්නේ.. පවිත්‍රා නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා. නමුත් විනය පරීක්ෂණය ඉල්ලන්නේ පොහොට්ටුවෙන්. අපේ රටේ වර්තමාන ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතනවල් සහ දේශපාලන පක්ෂවල් සේරම විහිළුවක් තමයි.

:       0       137

Gil pappa? MooSunday, 29 April 2018 09:54 AM

ගෙදරට වැඩට ගන්න කොට ගෘහමූලික අයිතියක් තියෙනවා.... ආරක්ෂක නිලධාරී තීරණයට යටත්වීමට...

:       0       1

erdi Sunday, 29 April 2018 10:23 AM

මේ වගේ හරක් අපිව පාලනය කරන රටක ඉපදීමත් පවක්... බහුතරයක් රටේ මිනිස්සුන්ගේ කැමැත්ත එක එක්කෙනාට කඩේ යන එක... ඔය දේශපාලනය කරන අයගේ වුවමනාව ජනතාවට සේවය කිරීමට නම් ඕක ඇතුලෙත් මොකටද? ඡන්ද බහුතර බලය පිහිටුවා ජනතාවට සේවය නොකර...

:       0       106

s.shiha Sunday, 29 April 2018 01:02 PM

ඔවුන් පමණක් නොවෙයි පොහොට්ටුවේ සියලු දෙනාටම...

:       1       3

rocky Monday, 30 April 2018 02:13 AM

කමල් ළමයෝ. කිරි කලේ දැන් නැහැ. දැන් කාලෙ කරන්නේ ගොම කලේට කිරි දැමිල්ල! කිරිත් දැන් ඉස්සර වගේ නෙමෙයි ලාටු වගේ ඇලෙනවා .. රබර් කිරි !.

:       0       0

Bamunuarachchi Monday, 30 April 2018 04:10 PM

මිනිස්සුනේ මේක තේරුම් ගනිල්ලා මේ පක්ෂ දෙකේම ලොකු ඩීල් එකක් තිබෙනවා. මුන්ට රැවටෙන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 163 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1582 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site