(අජිත්ලාල් ශාන්තඋදය )
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් පත් කිරීම සම්බන්‍ධයෙන් වූ දිස්ත‍්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහාය ද ගෙන රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමට පක්‍ෂ නායකත්වයට බලපෑම් කළ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන දෙදෙනා ඇතුලූ පාවාදුන් අයට එරෙහිව වහාම ඉතාම විනිවාදභාවයෙන් පෙනෙන පරීක්‍ෂණයක් පවත්වා පොහොට්ටුව පිරිසිදු කර දෙන මෙන් පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන අයතන මන්ත‍්‍රීවරු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියහ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතරය හිමි රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස එම පක්‍ෂයෙන් නම් කළ නියෝජිතයාට අහිමි කිරීම, උප නගරාධිපතිධූරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදීමට ක‍්‍රියා කළ පොහොට්ටුවේ සියලූ දෙනාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වා තීන්දුවක් දෙන බවට වූ පොරොන්දු දින වකවානු ගෙවී ගියත් එය සිදු නොවීම සම්බන්ධයෙන් දැනුවත් කිරිමට ඊයේ (28) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
සබරගමු පළාත් සභාවේ හිටපු සමාජ සුබසාධන අමාත්‍ය රංජිත් බණ්ඩාර මහතා රත්නපුර මුද්දුව නිවසේ දී මෙය පැවැත්විණි.
2025 නොවැම්බර් මස 04
163
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1581
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පව්ත්‍රාට - කංචනට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලති