IMG-LOGO

පොලිස් වෙස් ගෙන නිවසක් කොල්ල කාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නාත්තණ්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩම් හිමි වැවිලිකරුවකු ගේ නිවසට කඩා වැදුණු  ඔහුට පිහියකින් ඇන තුවාල සිදුකර රුපියල් ලක්ෂ 10 ක් වටිනා රන් භාණ්ඩ සහ ජංගම දුරකථන දෙකක් කොල්ලකා ඔහුට අයත් මෝටර් රථයෙන් පලාගොස් ඇතැයි මාරවිල මූලස්ථානපොලීසිය පවසයි.

තුවාල ලැබූ ඉඩම් හිමි වැවිලිකරු මාරවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවෙයි ඔහුගේ එක් පාදයකට පිහියෙන් ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය පොලිස් කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් මෙම කණ්ඩායම ඉඩම් හිමි වැවිලිකරු ගේ නිවසට කඩා වැදී මුලින්ම ඔහුගේ එක් පාදයකට පිහියෙන් ඇන තුවාල සිදුකර මෙම කොල්ලකෑම සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

ඔවුන් පැහැරගත් මෝටර්  රථය මාරවිල ප්‍රදේශයේ මාර්ගයක අතහැර දමා ගොස් තිබියදී  පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම කොල්ලය සිදුකර පලා ගිය සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.

 



අදහස් (1)

පොලිස් වෙස් ගෙන නිවසක් කොල්ල කාලා

fairoos Wednesday, 08 February 2023 12:12 PM

කොහේ අල්ලන්නද? ඕක අනිවාර්යයෙන්ම කරලා ඇත්තේ පොලිසියේ අයම තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 78 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site