(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතා එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
ගල්කිස්ස අධිකරණ භූමියේ අැතිවූ සිද්ධියෙන් චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයාගේ පාර්ශ්වයට පෙනී සිටීම හේතුවෙන් නීතිඥ තාරක නානායක්කාර මහතාට පසුගිය දිනවල නීතිඥවරුන් පිරිසක ෙගන් දැඩි විරෝධයක් එල්ල වූ බව පැවැසේ.
ඒ අනුව ඔහුට මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් මෙන්ම එහි විධායක කමිටුවෙන් ද ඉල්ලා අස් වන ලෙසට බලපෑම් එල්ල වූ ආරංචි මාර්ග සඳහන් කරයි.
ෙමි අතර මාතර නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැදවා ඇති අතර එහිදී නීතිඥ තාරක නානායක්කාර මහතා විධායක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ සිය ලිපිය බාර දී ඇත.
කෙසේ වෙතත් ඔහු මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැති බව දැන ගන්නට ඇත.
මේ පිළිබඳව නීතිඥ තාරක නානායක්කාර මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගල්කිස්ස උසාවියේ නඩුවට පෙනී සිටියේ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද දැනුවත් කර අදාළ කොස්තාපල්වරයා දන්නා කියන හිතවත් පවුලක අයකු වූ නිසා බවත් මාතර නීතිඥ සංගමයේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් නිසා බවත් ය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිස් පොඩ්ඩාට පෙනී සිටි තාරක නීතිඥ සංගම් කමිටුවෙන් යයි
වින්සන්ට් කජ්ජා Sunday, 19 October 2025 08:53 PM
නීතිඥයන්ට කුඩ්ඩන්ට, ලමා දූෂකයන්ට පෙනී සිටින්න ලැජ්ජාවක් නෑ. මිනිස්සුන්ව අන්ධ කරපු, මරල හොරාකාපු උන්ට පෙනී හිටින්න කොහෙත්ම ලැජ්ජාවක් නෑ. පුද්ගලෙයකුට නීතිඥ සහාය ප්‍රතික්ෂේප කිරීම එක්තරා ආකාරයක මානව හිමිකම් උල්ලංඝනයක්.
ravin Sunday, 19 October 2025 09:07 PM
කර්මය විවිධ ආකාරයෙන් පැමිනිය හැකි බව සැවොම හොදින් දන්නා කරුණකි. මැරබලයද ඒ ආකාරයෙන්ම පවතින බව පැහැදිලි වනු ඇත.
Dayan kannangara Sunday, 19 October 2025 09:35 PM
මනුස්සකම් නැති ඔය මාෆියා සංගම්වල ඉන්නවට වඩා අස් වෙච්චි එක වඩාත් ප්‍රසංසනීය ගරු කටයුතු දෙයක්... ඔය වන්නිනායක වගේ ජඩයන්ගේ මරණයකදී උනත් මිනිස්සු කවදාවත් දුක්වෙන්නේ නැහැ.. ඔය ගෙරියා දහදුක් විදලා මැරෙන්න තිබුනේ පාහරයෙක් නියනවා මිස
සමන් - ඕමානය Sunday, 19 October 2025 10:42 PM
කෝ මේ නීතිඥ "වෘතිකයන්ගේ" සදාචාරය? කෝ සාධාරණත්වය? නඩුවේ අර කොස්තාපල් වෙනුවෙන් පෙනී සිටියා කියලා මෙම නීතිඥ මහතාට තග දාන එකද, පාට් දාන එකද, නීතියේ සාධාරණත්වය? මේ ගොල්ල මහ අපරාධකාරයින්, කුඩු කාරයින් වෙනුවෙන් උසාවි වල පෙනී හිටිනකොට නම් කියන්නේ "ඔවුන්ටත් නීතියේ පිහිට ලැබිය යුතුයි" කියලා. සල්ලි රුපියල් කෝටි ගණන් ලැබෙනකොට තමයි ඒ කතා කියන්නේ. කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නවා. නමුත්, පොඩි මිනිහෙකුට නීතියේ පිහිට දුන්නාම, ඒකට විරුද්ධ වෙනවා, තමන්ගේ සනුහරේ එකෙකුට වදින නිසා. නොදකින් මේ කලුකෝට් සංහතිය !
B Amarasinghe Monday, 20 October 2025 02:53 AM
හැබැයි කුඩුකාරයින්ට , පාතාල යේ අයට පෙනී සිටින එක විවේචනය කලොත් කියන්නෙ නම් නීතිඥයකුට ඕනෑම කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය තියෙනවා කියලා
Deepal Nirosh Monday, 20 October 2025 05:29 AM
දේශපාලනය කුමක් වුවත් මෙම ගැටුමේ දී පොලිස් කොස්ලතාපල් වරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම 100%ක් නිවැරදියි. නීතිඥ සංයමයෙන් ඉවත්වීමට සිදුවීම ඔබට ගෞරවයක්!!!
Nilantha Monday, 20 October 2025 06:17 AM
ටික කාලෙකට පස්සේ ගොඩක් අයට වෙන්නේ මොනවද කියලා වැටහෙනවා.
Jagath Leanage Monday, 20 October 2025 06:22 AM
බලාගෙන ගියාම නීතිඥ සංගමයත් එක විදියක්?
Imran Monday, 20 October 2025 06:48 AM
විලි ලැජ්ජාවක් නැතුව මිනීමරුවන්ටයි, පාතාලයිනටයි, ස්ත්‍රී දූෂකයින්ටයි පෙනී ඉන්න සල්ලි වෙනුවෙන් මළපහ වුනත් කන කළුකබාකාරයින්ගෙ ඇත්ත තත්වෙ තමයි මේකෙන් පේන්නෙ. හරි හෝ වැරදි වේවා නීති සහය ලබාගැනීම කොස්තාපල්ගෙ අයිතියක්. ඒක තමයි මේ ජඩයො අමු අමුවේ උල්ලංගනය කරේ. හරි විදිහට නීතිය ක්‍රියාත්මන උනානං මානව හිමිකම් යටතේ කොස්තාපලයව අනීතිකව අත්තඩංගුවට ගැනීමට එරෙහිව පොලිසියේම ලොක්කොන්ට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න තිබුනෙ. සාපරාධි බලහත්කාරකමක් රාජකාරියට බාදා කිරීමක්, පොලිස් පරීක්ෂණ වලට සහය නොදී පලායාමක්, අධිකරණ මගහැරීමක්, කුණුහරුප වපුරලා ගරු අධිකරණ භූමිය කෙලෙසපු අධිකරණයට අපහාස කරපු වසලයාට වීඩියෝ සාක්ෂි තිබියදී පවා නීතිය නැමුන හැටි, නීති ක්ෂේත්‍රයෙ තියෙන අන්ත දූෂිතබව මේ සිදුවීමෙදි මහජනතාව හොඳටම දැක්කා.
Priyantha Dissanayake Monday, 20 October 2025 08:24 AM
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයේ ගල්කිස්ස නම් අධිකරණ භූමියේ ඉතාමත් අශෝභන සහ ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසුරුණු කෙනෙකුට සහ කෙනෙකුට පහරක් එල්ලකළා යැයි කියන පොලිස් නිලධාරියෙකුට නීතිය ක්‍රියාත්මක වන ආකාරය. නමුත් මහා පරිමානයේ වංචා කාරයින්ට, දූෂකයින්ට, මංකොල්ල කාරයින්ට, මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් නීතිඥ සමාගම් ඉදිරිපත් වන්නේ. කෝ නීතියේ සමානාත්ම තාවය. මෙය මාෆියාවක් නොවෙයිද... ? නීතිඥවරු ඉන්නේ නීතියට ඉහළින්ද..?