
(ගයාන් සූරියආරච්චි)
රථවාහන වැරැදි සම්බන්ධයෙන් පොලිසියෙන් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සදහා දඩ මුදල් Gov Pay හරහා ගෙවීමේ පහසුකම අද (20) සිට දකුණු පළාතේ ආරම්භ කළ බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ ඩිජිටල් කටයුතු පිළිබද කාර්ය සාධක බළකායේ සභාපති හර්ෂ පුරසිංහ මහතා පැවැසීය.
එම දඩ ගෙවීමේ ක්‍රමය සදහා දකුණු පළාතේ පොලිස් ස්ථානවලට ජංගම දුරකතන 400 කට අධික ප්‍රමාණයක් ද ලබා දී ඇත.
වැඩිම දඩ මුදල් බස්නාහිර පළාතෙන් අයකර ගෙන ඇති බවත් මාස දෙකක් ඇතුළත රථවාහන වැරැදි 20,000 කින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදල් ප්‍රමාණයක් අය කර ගෙන ඇති බවත් පුරසිංහ මහතා කීය.
ඔහු මේ බව පැවැසූවේ රජයේ ප්‍රවෘත්ති දොර්තමේන්තුවේ අද (20) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
Gov Pay යනු රාජ්‍ය ගෙවීම් පද්ධතිය වන අතර මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ලංකා පේ ආයතනය, අයි.සී.ටී ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් බවත් එය පසුගිය පෙබරවාරි මාසයේ හදුන්වාදුන් බවත් හර්ෂ පුරසිංහ මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් දඩ ඇප්වලින් ගෙවීම දකුණත් අරඹයි