IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පොලීසිය පගාව ප්‍රතික්ෂේප කරයි

ගවයන් තිදෙනෙකුවත් ඉඩ නැති කුඩා ලොරියක එළදෙනුන් 11 දෙනෙකු අට්ටි ගසා රැගෙන යමින් සිටියදී දඹුල්ල පොලීසියට රුපියල් 30000ක පගාවක් දී බේරී යාමට ජා-ඇල හා පොළොන්නරුවේ තිදෙනෙකුට නොහැකි විය. පොලීසිය එම අල්ලස ප්‍රතික්ෂේප කොට ඔවුන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට යයි. දිඹුලාගල සහ මින්නේරිය කැලේ නිදැල්ලේ ගැවසෙන ගවයන් අල්ලා ගලේවෙලට ගෙනයමින් සිටියදී පොලීසියට අසුවිය. එක් එළදෙනක මියගොස් සිටි අතර තවත් එළදෙනුන් හතර දෙනෙකු පණ අදමින් සිටි බව පොලීසිය කියයි.



අදහස් (0)

පොලීසිය පගාව ප්‍රතික්ෂේප කරයි

රියාස් Thursday, 08 November 2012 12:08 PM

දුර්ලභ සිද්ධියක්. හැමදාම මෙහෙම වෙනවා නම් ගොඩක් වටිනවා. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 08 November 2012 09:07 PM

පොලිසියට නොගැහුවොත් ලබන ආත්මෙවත් හෑදෙන්නෙ නැහැ. (නි)

:       0       0

ලාල් මිල්ටන් (මාලදිවයින) Thursday, 08 November 2012 12:16 PM

මේක හොද වැඩක්( රොමේෂ් වගේ අය ඉන්නකම් හොද නරකටමයි පෙනෙන්නේ) (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 08 November 2012 05:07 PM

පුදුමයි ඒත් ඇත්තයි. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 08 November 2012 01:02 PM

කරුණාකර මේ අමානුෂික පුද්ගලයින්ගේ නම් සදහන් කරන්න බැරිද? (නි)

:       0       0

නිශාමනි Thursday, 08 November 2012 05:31 PM

එහෙම තමයි හොද නිලධාරීන්

:       0       0

සෑම් Thursday, 08 November 2012 12:54 PM

අවංකව සේවය කල දඹුල්ල පොලීසියේ මහත්වරුන්ට අපගේ ප්‍රණාමය. ඔබලාට ගොඩාක් පින්! (නි)

:       0       0

නිශාන්ත Thursday, 08 November 2012 05:32 PM

පොලිසියට ගල් ගහන, බණින අය ඒ අයගේ වැටුප ගැන දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

මධු Thursday, 08 November 2012 01:23 PM

දේශපාලනය සම්බන්ධ නැත්නම් අපේ පොලිසිය ගොඩක් හොදයි. (නි)

:       0       0

තුවාන් Thursday, 08 November 2012 05:38 PM

අපිට දැනගන්න ආසයි මේ එළදෙනුන් ආයේ ඇතිකරන්නද, නැතිකරන්නද කියලා. (ස)

:       0       0

සම්පත් ' Thursday, 08 November 2012 01:18 PM

හොද වැඩක්

:       0       0

ලලිත් Thursday, 08 November 2012 01:30 PM

එක්කෙනෙක් දෙන්නෙක් පොලිසියේ නම කතා කලාට සමස්ත පොලිසිය හොදයි

:       0       0

ලක්මාල් Thursday, 08 November 2012 01:45 PM

අන්න වැඩ

:       0       0

බමුණුසිංහ Thursday, 08 November 2012 06:01 PM

ගල් ගහන්නේ ලබන වැටුප දිහා බලලා නෙමෙයි, කරන වැඩ දිහා බලලා. (නි)

:       0       0

දමිත් Thursday, 08 November 2012 01:57 PM

අන්න පොලීසියේ කොල්ලෝ .(ස)

:       0       0

මුතු Thursday, 08 November 2012 02:05 PM

පොලිසිය පගාවයි පුතික්ෂේප කරලා තියේන්නේ. සල්ලී පුතික්ෂේප කරලා නෑ. (ස)

:       0       0

සිල්වා Thursday, 08 November 2012 01:52 PM

දඩ මුදලි‍න් කොටසක් පොලීසියට නීත්‍යානුකූලව ලැබිය යුතුයි .(ස)

:       0       0

වරුණ Thursday, 08 November 2012 02:27 PM

පොලිසිය හොද වෙලා

:       0       0

විපුල Thursday, 08 November 2012 06:49 PM

අස්චර්යය

:       0       0

චන්ද්‍රසිරි Thursday, 08 November 2012 02:37 PM

මොනවා කරන්නද ? සල්ලි තිබ්බේ එච්චරයි .(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 08 November 2012 02:56 PM

ලංකාවේ පොලීසිය මෙහෙම ඉන්නවා නම් ආශ්චර්‍යය අත ලඟයි .(ස)

:       0       0

පියල් Thursday, 08 November 2012 07:06 PM

ජයවේවා

:       0       0

ගයාන් Friday, 09 November 2012 12:52 PM

හොද නිලධාරින් ඉන්නවා

:       0       0

නුවන් Friday, 09 November 2012 12:43 PM

සන්තෝසයි

:       0       0

දයා සෞදි Thursday, 08 November 2012 11:17 AM

මේ තුන්දෙනාවත් ඒ තෙරපෙන ගවයින් අතරට දමලා දවස් දෙක තුනක් ලොරිය ඇතුලෙම තිබ්බනම් හරි..!(නු)

:       0       0

සංජය Thursday, 08 November 2012 11:20 AM

නියම පොලීසිය....(ස)

:       0       0

සමන් Thursday, 08 November 2012 11:06 AM

‍ගොඩක් හොඳයි .(ස)

:       0       0

නාරද Thursday, 08 November 2012 11:22 AM

බුදු අම්මෝ මේක උනේ ලංකාවෙද ? .(ස)

:       0       0

නන්දා Thursday, 08 November 2012 11:08 AM

විශිෂ්ටයි. ක්‍රියාව අගය කරනවා .(ස)

:       0       0

සංසි Thursday, 08 November 2012 11:14 AM

ඔන්න බලන්න . ඔහොමයි අපේ පොලීසිවල වැඩ .(ස)

:       0       0

කුමාර Thursday, 08 November 2012 03:30 PM

පොලීසිය අති විශිෂ්ඨයි .(ස)

:       0       0

සුගතන් Thursday, 08 November 2012 11:18 AM

ගාණ මදියිද .(ස)

:       0       0

වසන්ත Thursday, 08 November 2012 11:40 AM

දියුණු මිනිසුන් සිටින රටවල පොලිසිය පාගව ගැනීම විශාල ප්‍රවෘර්තියකි . ලංකාවේ පොලිසිය පාගව නොගැනීම විශාල ප්‍රවෘර්තියකි .(ස)

:       0       0

බන්දුල Thursday, 08 November 2012 11:41 AM

අහන්නත් සතුටුයි .(ස)

:       0       0

වීහා Thursday, 08 November 2012 11:32 AM

දැං හරිනේ.. ඉල්ලපු ගාන දුන්නනම් ඔහොම වෙන්නෙ නැහැනේ.. (නු)

:       0       0

දම්රු Thursday, 08 November 2012 11:32 AM

රටේ හැම තැනම ඔහොම වෙනවනම් .(ස)

:       0       0

සිල්වා තබුක් Thursday, 08 November 2012 11:49 AM

මුදටල යට නොවී වැඩ කරන පොලිස් නිලධාරිත් එහෙනම් අපේ මේ දීපයේ ඉන්නවා..!(නු)

:       0       0

චතූ Thursday, 08 November 2012 11:59 AM

පව් අනේ මිය ගිය එළදෙන - හරක් හොරු ඇප පිට නිදහස් කෙරුවහම ආයෙමත් කරන්නෙ මේ වැඬේම තමා - හරක් අල්ලන් බැරි කරලා සමාජගත කරන්න ඕනෙ (ස)

:       0       0

නිහාල් ඉතාලි Thursday, 08 November 2012 12:00 PM

අනේ සාධු සාධු ඉදලා හිටලා හරි මේ වගේ ප්‍රතිපත්තියක් අහන්න ලැබීම ගැන සතුටුයි..! පොලිසිය නරකයි කියා සිතා හිටියට ඒ තරම්ම නරක නැහැ බලනකොට නේද? ඔහොම යං.. ඔහොම යං..!(නු)

:       0       0

ශාන්ති Thursday, 08 November 2012 11:50 AM

ඒ අයවත් ගෙනියන්න ඕන හොදට පැක් උන වාහනයක හොදට වහලා..!(නු)

:       0       0

රොමේෂ් Thursday, 08 November 2012 11:52 AM

මම හිතන්නේ දුන්නු ගාන මදි වෙලා වෙන්න ඇති..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 412 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 571 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site