කොළඹ කොම්පඤවීදියේ සමිපත් බැංකුවෙන් රුපියල් කෝටියක් ගෙන යද්දී මින් මාසයකට පෙර පොලිස් වෙසින් හුනුපිටියේදී කොල්ලයක් සිදුකළ කණ්ඩායම අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසියට සම්බන්ධ තිදෙනෙක්ද මේ අතර සිටින බවත් දේශපාලඥයෙකුගේ ආරක්ෂකයෙකු එහි මහමොලකරු බවටද තොරතුරු ලැබී ඇත.
මේ පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි.
කොළඹ ව්‍යාපාරිකයෙකු රට සල්ලි මාරුකරගෙන එද්දී මෙම කොල්ලය සිදුකර ඇත්තේ සමිපත් බැංකුවත් ඉංජිනේරු සංස්ථාවත් අතර ප්‍රදේශයේදීය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිසියේ තිදෙනෙක් කෝටියේ කොල්ලයට හවුල්
හේමසර හිමි Saturday, 09 March 2013 06:15 PM
අනේ මන්දා ඕවා? (නි)
පුෂ්පා Saturday, 09 March 2013 12:04 PM
අලුත් රස්සාවක් ද, නිවාඩු වෙලාවට පටන් අරන් වගේ (දී)
කමල් Saturday, 09 March 2013 12:22 PM
අපරාධකාරයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්න පුළුවන් තරාතිරම නොබලා අල්ලනවානම්. (ස)
මධුසංක Saturday, 09 March 2013 12:25 PM
පොලිස්පති තුමනි ජනතාවගේ අප්‍රසාදය තරාතිරම නොබලා දඬුවම් ක්‍රියාත්මක නොකරන නිසා දැඩි දඬුවම් දෙන්න (ස)
නලින් Saturday, 09 March 2013 12:37 PM
ඔන්න ඕකනේ නිතිය රකින අය කරන වැඩ වලින් මුළු පොලිස් දෙපාර්තමේන්තුවේම නම ඉවරයි (දී)
ජයා Saturday, 09 March 2013 12:44 PM
සමත මණ්ඩලයකට දන්න ඕනි ප්‍රශ්ණයක් ..............(ස)
අමිල Friday, 08 March 2013 09:45 PM
හොරා පොලිස්නේ.(නදී)
තිස්ස Friday, 08 March 2013 09:51 PM
පොලිසියට ජය වේවා!(නදී)
ලලීන් Saturday, 09 March 2013 08:33 PM
රටකට ගිය කලක්! (නි)
සමන් - ඕමානය Friday, 08 March 2013 10:10 PM
හා! මම හිතුවාවගෙමයි. ඕනෑම අපරාධයකට දැන්කාලේ දේශපාලකයෙකු හෝ ඔහුගේ හෙන්චයියෙකුත්, පොලිසියත් සම්බන්ධයි. ජනාධිපති තුමනි, රාජ්‍යාරක්ෂක ලේකම්තුමනි, පොලිස්පති තුමනි, මේවා වැලක්වීමට කටයුතු කිරීම ඔබලාගේ යුතුකම හා වගකීම නේද? එසේ නොකර සිටීමෙන්, ඔබලා කෙරෙහි රටේ ජනතාවගේ අප්‍රසාදයක් ගොඩ නැගෙන බව තේරෙනවාද? කරුණාකර වහාම මේ අපරාධ රැල්ල මැඩපවත්වන්න. අපරාධකාරයින්ට තරාතිරම නොබලා අපක්ෂපාතීව දැඩි දඬුවම් දෙන්න.(නදී)
පෙරේරා Friday, 08 March 2013 11:17 PM
ජනතාවගේ බඩගින්න නතර කරනතුරු මෙහෙම ඒවා නවත්වන්න බැහැ කොල්ලෝ. (නි)
පාල Saturday, 09 March 2013 12:01 AM
ලෝකේ නොම්මර එකේ පොලිසියේ තවත් හපන් කමක්.(නදී)
ජයතිස්ස Saturday, 09 March 2013 01:54 PM
අනෙක් අයට කලින් මේ කට්ටියට දඩුවම් කරලා ඉන්න (දී)
සම්පත් Sunday, 10 March 2013 12:59 PM
ඔන්න තියෙනවා වැඩේ (දී)
බණ්ඩා Saturday, 09 March 2013 02:45 AM
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
ප්‍රසන්න Sunday, 10 March 2013 12:11 AM
පොලිසියත් හැදිලා තියෙන්නෙ මේ සමාජයේම කොටසකින් මිසක් අගහරු ලෝකයෙන් ආපු කොටසකින් නෙමෙයි. (නි)
හිල්මි Saturday, 09 March 2013 03:38 AM
එයාලම හොරුන්ට උදවු කරනකොට හොරුන්ව කොහෙන් අල්ලන්නද? (නි)
සෙනරත් Saturday, 09 March 2013 03:36 AM
නියම කියමනක් සමන්.(නදී)
සෑම් Saturday, 09 March 2013 05:39 AM
කොහොමද විනය? අති විශිෂ්ටයි සර්. (නි)
බණ්ඩාර Saturday, 09 March 2013 02:43 PM
නිතිය රකින අයම මේවා කරන කොට අපි කාටද මේ අව නඩුව කියන්නේ (දී)
ලුම්බිණි Saturday, 09 March 2013 07:53 AM
බොරුවට වැඩක් නැති දේවල් වලට කෑ කෝ ගහන අයට නරකද මේ වගේ දෙකදී අඩු වශයෙන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියලවත් හොයල බැලුවොත්. ඒ පිනම ඇති නිවන් දකින්න. (නදී)
තරිදු Saturday, 09 March 2013 07:57 AM
නියම වැඩක් ලොවෙත් නැහැ.(නදී)
කුරුවිට Saturday, 09 March 2013 09:13 AM
බඩුම තමයි (ස)
මහීන් Saturday, 09 March 2013 09:09 AM
අපරාධ වැලක්වීමට කටයුතු කිරීම ජනතාවගේ යුතුකම හා වගකීම නේද? අඩු වශයෙන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනව. විනයට ක්‍රියාත්මක වෙනව. (ස)
තරිඳු Saturday, 09 March 2013 09:18 AM
මේ ලුම්බිණි කියන කෙනා කොහේ ඉන්න කෙනෙක්ද ? (ස)
බමුණුගම Saturday, 09 March 2013 09:15 AM
කොහොමද අනේ මේවා නවත්වන්නේ (ස)
ලලිත් Saturday, 09 March 2013 10:01 AM
රටට හොදක්ම වෙයි මේ අය නිසා (දී)
ලලිත් Saturday, 09 March 2013 05:04 PM
පොලිසියේ කොස්තාපල්ලාද? (නි)
නිශ්ශංක Saturday, 09 March 2013 10:19 AM
පොලිසියේ අය හවුල්ද? වෙන මොන කතාද එහෙනම්? (නි)
ජයා Saturday, 09 March 2013 05:22 PM
සිදුවී ඇති හැම අපරාධයකටම ආරක්ෂක අංශයේ කෙනෙකුගේ සම්බන්ධයක් තියෙනවනේ. නුගත් කොටස් ඉන්න හැමතැනකම ප්‍රශ්න . පොලිසි වලින් වෙන හානිය අසීමිතයි. සාදාරනේට වඩා තියෙන්නේ අසාදාරනේ. පහළ සේවකයෝ වෙතින් සිදුවෙන්නෙම අසාධාරනකම්. (නි)
කුශාන්ත Saturday, 09 March 2013 10:29 AM
නිතිය හරි හැටි දන්නේ නැහැ වගේ (දී)
පාලින්ද Saturday, 09 March 2013 10:49 AM
නිතිය රකින්න අපි කියා දෙමුද (දී)